
(අංජුල මහික වීරරත්න)
නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම පාසල් පන්ති කාමරයෙන්ම ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සිසුන්ගේ නවෝත්පාදන නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවිය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමට ආදර්ශ වෙළඳපොළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) ස්වර්ණ ජයන්තියට සමගාමීව සංවිධාන කළ ‘නවෝත්පාදන ව්‍යාපාර ආකෘති සම්මාන (BIBMA) 2026’ අවසන් සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
නවෝත්පාදන ව්‍යාපාර ආකෘති වෙනුවෙන් නිර්ණායක නවයක් යටතේ සම්මාන, විශේෂ ඇගයීම් සම්මාන, ලෝකඩ, රිදී සහ රන් සම්මාන මෙහිදී පිරිනැමීය.
"රටක ආර්ථික ශක්තිය රඳා පවතින්නේ පවතින සම්පත් මත පමණක් නොවෙයි. නව අවස්ථා හඳුනාගෙන නවෝත්පාදන අදහස් ප්‍රායෝගික ආර්ථික හා සමාජයීය වටිනාකම් බවට පරිවර්තනය කිරීමේ හැකියාව මතයි.
රජය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා, නමුත් අපගේ අරමුණ සෑම දරුවකුම ව්‍යවසායකයකු කිරීම නොවෙයි, ආර්ථිකය තේරුම් ගැනීමට, දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ නව මූල්‍ය වංචා හා සූරාකෑම්වලින් ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම හා ආත්මවිශ්වාසය සෑම සිසුවකු තුළම ගොඩනැඟීමයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd