
(ඩයනා උදයංගනී)
නිවසක් ඉදිකරගැනීමට අපහසුවීම හේතුවෙන් දැනට කුලී නිවෙස්වල ජීවත්වන අඩු ආදායම්ලාභීන්ට හා මධ්‍යම පාන්තික පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ‘සොඳුරු මහල් නිවාස’ නමින් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන්ට මූලික ගෙවීම ලෙස රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙවා නිවසක් ලබාගෙන නිවසෙහි ඉතිරි වටිනාකම වසරක් තුළ වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ලැබෙන අතර ඔවුන්ට අවශ්‍ය නම් බැංකු ණයක් ලබා ගැනීමට ද අවස්ථාව සලසා ඇතැයි ඇමතිවරයා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එහි පළමු ව්‍යාපෘතිය ලෙස රන්පොකුණුගම පිහිටි නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක නිවාස 72කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.
නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.
නිවසක් හෝ නිවසක් ඉදිකරගැනීමට ඉඩමක් නොමැතිවීම හේතුවෙන් කුලී නිවාසවල පදිංචි සැබෑ නිවාස අවශ්‍යතාවයක් ඇති අයට මෙම වැඩසටහන යටතේ නිවාස ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් මිනිසුන්ට පෙන්නන දවල් හීන, ඇත්ත වගේ තමයි දාන්නේ...
සිමෙන්තිත් නැහැ..., යකඩ අස්ප ගණන්.. වැලි, ගඩොල් ගැන කතාකරලා වැඩක් නෑ. මෙතැන සුරංගනා සිහින පෙන්නන්න හදනවා. ජපානයේ කාඩ්බෝඩ්වලින්ද දන්නේ නැහැ හදන්න ඉන්නේ... වාෂ්ප වේගෙන යන 68 ලක්ෂය බේරගන්න තව ගොන් වැඩ කරලා කැටයමුත් දාන්න එනවා තව...
මැටිද සිමෙන්ති බදාමද ගේ හදන්නේ.?
කොහොමද ඉල්ලීම් කරන්නේ...?
හොඳ වැඩක්.
කොහොමද ඉල්ලීමක් කරන්නේ