ලාහෝරයේදීය (රොයිටර්)
බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනා වලට වරදකරු කරමින් පාකිස්තාන අධිකරණයක් ඉකුත් දා හිටපු අගමැතිවරයාට වසර දහයක සිර දඬුවමක් නියම කළේය.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ලන්ඩනයේ සිට පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී අද (13) රාත්‍රීයේ හිටපු අගමැතිවරයා සමඟ ඔහුගේ දියණිය ද අත්අඩංගුවට පත්වූහ.
නවාස් ෂරීෆ්ට සහාය දක්වන පාක්ෂිකයන්ගේ විරෝධතා නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ නගරයේ ස්ථාන කිහිපයක ස්ථාන ගත කිරීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබිණි.
පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර නවාස් ෂරීෆ්ගේ පැමිණීමත් සමඟ මැතිවරණය තවත් උණුසුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය-එන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටී. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාකිස්තානයේ ආරක්ෂක අංශවල සහාය හිමිවන බවට ද චෝදනා එල්ල වී තිබේ.
මේ අතර නවාස් ෂරීෆ් අපරාධකරුවකු යැයි ද ඔහුට කිසිදු සහායක් හිමි නොවිය යුතු යැයි ද ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නවාස් ෂරිෆ්ලා ආණ්ඩු පෙරලන්න කතා කරනවා. පාකිස්ථානයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
තුන්වෙනි ලෝකේ රටවල් වල නායකයෝ ඔවුන්ගේම රටේ මුදල් යටිමඩි ගහල ලෝකේ හැමතැනම දේපොළ මිලට අරගෙන අන්තිමේදී නරකාදියට යනවා. රටේ සල්ලි නැතිවෙනකොට අපේ රටත් මිහිපිට අපායක් වෙනවා එතකොට අපිත් පණපිටින්ම අපාගතවෙනවා.
මේවයින් වත් පාඩම් ඉගෙනගෙන අපේ රටේ හොරුන්ට දඬුවම් දෙන්න.
පාකිස්ථානය මුස්ලිම් රටක් වුණාට කමක් නැහැ. මේවා දිහා බලලවත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න ලොකු පොඩි සැමට එකසේ...
පාකිස්ථානයේ තෙවරක්ම අගමැතිකම් දරා මහජන දේපොල හොරකම් කර මාට්ටු වූ නවාස් ෂරීෆ්ට වසර 11 ක්ද, දියණිය මේරියම්ට වසර 10 1/2 ක්ද සිර දඬුවම් නියම වී හිරගෙට ගියහ. ඇමෙරිකන් ඩොලර් මිලියන 11ක් දඩ ගැසුම්ද කෑහ. මේ තත්ත්වය එරට ඇති වූයේ ලංකාවේ මෙන්ම 2010 සිදුකරන ලද ජනාධිපති බලතල ප්‍රමාණයක් අහිමි කරමින් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව ස්ථාපනය කරන ලද වගවීමේ අධිකරණය මගින් නඩු විභාගයක් පවත්වමිනි. ලංකාවේ සඳුදා ඇරඹෙන දූෂණ නඩු අහන විශේෂ මහාධිකරණ වල දී තමන්ගේ නඩුව පළමුවෙන්ම අහන්නැයි ගෝඨාභය රාජපක්ෂ කියා තිබිණ. දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණ වල තිබෙන නඩු වළක්වා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය පස්සේ දුවන ඔහුගේ ඒ ප්‍රකාශය පුදුම සහගත වුවද අද පාකිස්ථානය හෙට ශ්‍රී ලංකාව වීමේ ලක්ෂණ බොහෝ දුරට විද්‍යාමාන කෙරේ. මල්ලිලා දිනන්න නම් අයියලා හිරේ යා යුතුය. පුතාලා දිනන්න නම් අප්පා, කුඩප්පලා හිරේ යා යුතුය. පසුව බලයට එන කවුරුත් කලින් හිරේ ගිය උන්දැලා එළියට ගන්නේය. දකුණු ආසියාවේම දේශපාලනය සිදුවන්නේ ඒ පරිද්දෙනි. ලංකාවේ කියා කිසිම වෙනසක් නැත.
අපේ රටේ හොරු ටිකද ඇතුළට දමන්න ඉක්මනින්ම. නාගනන්ද මහත්තයාටවත් රට බාරදීලා බලමු.