IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිවෙස් අසල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා නියාමනය කරන ලෙසට නිර්දේශයක්

නිවෙස් අසළ සී.සී.ටී.වී. කැමරා සහ ආරක්ෂිත කැමරා සවිකිරීම යම් නියාමනයකට ලක්කළ යුතු බව නීති පර්යේෂකයන් පිරිසක් විසින් නිර්දේශ කර තිබේ.
සී.සී.ටී.වී. කැමරා සහ ආරක්ෂිත කැමරා පාවිච්චිය සම්බන්ධයෙන් බලපැවැත්වෙන 2011 අංක 9 දරන නීතියට විධායක රෙකුලාසි ඇතුළත් කර පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම, ආරක්ෂක අවශ්‍යතා සහ සමාජ සුබසිද්ධිය යන කාරණා සැළකිල්ලට ගෙන නිවෙස් අසළ සී.සී.ටී.වී. කැමරා සවිකිරීම යම් නියාමනයකට ලක්කළ යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ නීති සහ විනිශ්චය අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති පර්යේෂණ වාර්තාවක දැක්වේ. මෙම පර්යේෂණයේදී මතු කරගෙන ඇති වැදගත් කරුණු අභ්‍යන්තර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත්කර ඇත.

CCTV
සී.සී.ටී.වී. කැමරා පාවිච්චි කරන කාලයට අදාළව ඉහත නීතියෙන් කොන්දේසි දෙකක් නියම කර ඇත. එහි පළමුවැන්න වන්නේ සී.සී.ටී.වී. කැමරා දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක විය යුතු බව සහ එය පාලක මැදිරියක් හරහා පාලනය විය යුතු බවයි.


එසේම යම් අවශ්‍යතාවක් පැනනැගුණහොත් අදාළ බලධාරීන්ට ඉදිරිපත් කළ හැකි පරිද්දෙන් සියලුම වාර්තා කිසිදු වෙනස් කිරීමක් නොකර දින 120 ක කාලයක් තැන්පත් කර තබා ගත යුතු බවද ඉහත නීතියේ දැක්වේ. දින 120 ක කාලයෙන් පසුව එම දර්ශන මකා දැමිය හැකිය.


නේවාසික කුලුනු සහ ප්‍රදේශවල ඇති තටාක ප්‍රදේශ, සමාජශාලා, වීදි, පදික වේදිකා, භූගත රථ ගාල් සහ සීමා තාප්ප වැනි සියලුම පොදු ස්ථාන නීතියට අනුකූලව නිරීක්ෂණය කළ යුතු බවද නීතියේ සඳහන් වෙයි.


දින 120 ක කාලයෙන් පසුව පටිගතවී ඇති දර්ශනවල කිසිදු කොටසක් ඉතිරි නොකර සෑම දර්ශනයක්ම විනාශ කිරීම හෝ  මකා දැමීම හෝ සිදුකළ යුතු යැයි ඉහත නීතියෙන් නියම කර ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.


සී.සී.ටී.වී. කැමරා සවිකිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කැමරා සංඛ්‍යාව සහ ඒවා සවිකොට ඇති ස්ථාන පිළිබඳව අදාළ බලධාරීන් දැනුම්වත්ව සිටිය යුතු බද නීතියෙන් නියම කොට ඇති බව ඉහත වාර්තාවේ දැක්වේ.


එසේම කැමරා සවි කර ඇති ආයතනය හෝ ගොඩනැගිල්ල ආරක්ෂිත කැමරා යොදා ගනිමින් පටිගත කෙරෙන බව සඳහන් දැන්වීමක් ආරාබි සහ ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ගොඩනැගිල්ලේ හොඳින් දැකගත හැකි ආකාරයෙන් ප්‍රදර්ශන කිරීමට එම ආයතනයේ හිමිකරුවන් කටයුතු කළ යුතු බවද නීතියේ සඳහන් වෙයි.


මෙම කැමරාවල ක්‍රියාකාරීත්වය මෙන්ම ඒවා නියමිත ස්ථානයෙන් නියමිත පරිදි සවි කර ඇති බව සහ කැමරාවල මාදිලිය සහ වර්ගය නියමයන් සහ කොන්දේසිවලට අනුකූලද යන බව තහවුරු කරගැනීම අදාළ අධිකාරීන්වල පරීක්ෂකවරුන්ට අවසර ඇති බවද නීතියෙන් නියම කර තිබේ.



අදහස් (1)

නිවෙස් අසල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා නියාමනය කරන ලෙසට නිර්දේශයක්

P.A sandun weerathumga Sunday, 26 September 2021 05:20 AM

නිවෙස් අසල කැමරාවක් සවි කරන්නේ එක්කෝ අල්ලපු ගෙදර ගැන තියන සැකයක් හෝ හොර සතුරු කරදර හෝ තියන ප්‍රශ්න නිසානේ .ඒක නිසා මමනම් කියන්නේ තමන්ගේ සීමාව විතරක් නෙමේ අල්ලපු ඉඩමවටේ මායිමත් කවර් වෙන්න ඕනේ කැමරා එකක් දාද්දි

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site