(යොහාන් භාසුර)
‘පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනකුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බ්නධයෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ වන විට කටයුතු කළ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
නාවලපිටිය කාර්යභාර නිලධාරී පරීක්‍ෂකවරයා කලහාකාරී සිදුවීමේදී නියමිත රාජකාරි නිසියාකාරව නොකිරීමේ චෝදනාවට සහ එම දුම්රියේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මෙසේ අත්හිටුවූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (5) පෙරවරු 5.55 ට බදුල්ල බලා පිටත්වූ මෙම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේදී මෙම සිද්ධියට මුහුණ දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරටම ක්‍රියාකරන්න. තම රාජකාරීය පැහැර හැරීමට හෝ රාජකාරියෙන් බැහැරව පුද්ගලයින්ට හිරිහැරකිරීම නීතිවිරෝධී වැඩක්. එක මෝඩයෙක් සැරසෙනවා මේ සිද්ධිය වීඩියෝ කළ පුද්ගලයාට නඩු දාන්න. මේ අයගේ දැනුම තමයි.
මේ අයට මනුෂ්‍යයින් සේ තම රාජකාරිය කරන්න අවශ්‍ය දැනුම පුහුණුව ලබා දෙන්න. රටට සංචාරකයින් අවශ්‍යම මොහොතක මේ ආකාරයට සංචාරකයින්ට සැලකීම සාහසික ක්‍රියාවකි...
ඕකටත් වර්ජනය කරයිද දන්නේ නෑ.