නාවලපිටිය ගලබොඩ වතුයායේ ඉහළ කොටසේ වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වි ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි.

නිවාස හතරකින් සමන්විත මෙම නිවාස පේළියේ හටගත් ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ද තවත් නිවසක අඩක්ද ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

වතුකම්කරුවන් එක්ව ගින්න පාලනය කර ඇති අතර ගින්න නිවීමට උත්සාහ දැරු වතුකම්කරුවකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවසටත් පැතිර ගිය බව වතුකමිකරුවෝ කියති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නැති බව කියති.

a b d e