
(මුදිතා දයානන්ද)
සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
නෙවිල් ප්‍රනාන්දු රෝහල අනුකල් බදු පදනම යටතේ දස වසරකට රජයට පවරා ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට 2017 ජූනි 5 වැනි දා කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණ ද 2022 ජනවාරි 31 දක්වා එවැනි ගිවිසුමකට අත්සන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව එලෙස ගිවිසුමකට එළඹුණේ නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල දසවසරකට රජයට හිමිවන අතර එසේ හිමිවන්නේ එම රෝහල ලංකා බැංකුවට ගෙවීමට ඇති රුපියල් කෝටි 101ක ගෙවා අවසන් වූ පසුව බව ද එහි සඳහන් කර ඇත.
විගණන වාර්තාවේ දැක්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය නෙපිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවා ගැනීමට ඉහත ගෙවීම් කර තිබෙන්නේ එවැනි කිසිදු ගිවිසුමකට එළමීමකින් තොරව බව ද කියැවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දේවල් මුදල් අවභාවිතා ගැන. රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්...
ඒ මුදල් පස්ස දොරෙන් නෙවිල්ගේම ගිණුමට බැරවෙලාලු...!
නෙවිල් ප්‍රනාන්දු මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සිටි සමයේ පානදුර රාජකීය විදුහල හා අගමැති බාලිකා විද්‍යාලය හදා නිමකළා. ඉන් පසුව නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සාදා රජයට පරිත්‍යාග කළා. ඒ නිර්මාණය කළසයිටම් උසස් අධ්‍යාපන ආයතනය මේ රටේ මැර බල්ලන් විසින් විනාශ කරනු ලැබුවා. ඒ වගේම සැබෑ වෛද්‍යවරයෙක් වූ එතුමන්ව මාෆියා වෛද්‍ය කල්ලිය විසින් අවඥාවට ලක් කරමින් ඔහුගේ චරිතය ඝාතනය කළා. සයිටම් ආයතනය විනාශ කල නිසා, එතුමා ලංකා බැංකුවට ගෙවීමට තිබු ණය ගෙවා ගැනීමට නොහැකි වුණා. එවන් උතුම් පුද්ගලයෙකුට මේ මාතෘ භුමිය තුළ අත්වූ ඉරණම තමයි ඒ. බල්ලන්ගේ රටේ බලුවැඩවලට මිස, මනුස්සකම්වලට අගයක් වටිනාකමක් නොමැති බව එතුමාට මරණ මොහොතට කලින්ම දැනෙන්න ඇති...
SAITEM එක කියන්නේ ඉතා ප්‍රශස්ත මට්ටමේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්. ඒක කුහක සහ කාලකන්නින් විසින් වැනසුවා. SAITEM එක දේශීය නිර්මාණයක්. ඔය ආයතනය වෙන රටක හැදුවනම් අද ඩොලර් කෝටි ගාණක් උපයලා. කාලකන්නි කුහකයන් පාරවල් ගානේ ගිහින් හොඳ දේවල් නැති කළා. මේ රට කවදාවත් මේ හීනමාන මානසිකත්වය එක්ක හදන්න බෑ. මුළු වියදම සහ නාස්තිය දුෂණය සමානව ජනගහනයෙන් බෙදලා බදු අය කරනවට තමයි බහුතරයක් කැමති.
ඇ ආයුබොවන්ඩ. ඔය දැන් කෝකා කමිටුවෙයි විගණන කමිටුවෙයි කියන දේවල් වල තේරුම මක්කැයි. ඕක කීවා කියලා ගිය වියදම් ආපහු ලැබෙනවැයි. උන්දලාගේ අහවල් විගණන මක්කටද මේ පතබාන්නේ තේරුමක් නැතිව නඩු දාලා ඕවා පැරදිලා ඊට පස්සේ ඒ සල්ලිත් අපරාදේ.