(මුදිතා දයානන්ද)
සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
නෙවිල් ප්‍රනාන්දු රෝහල අනුකල් බදු පදනම යටතේ දස වසරකට රජයට පවරා ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමට 2017 ජූනි 5 වැනි දා කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණ ද 2022 ජනවාරි 31 දක්වා එවැනි ගිවිසුමකට අත්සන් කර නැතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව එලෙස ගිවිසුමකට එළඹුණේ නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල දසවසරකට රජයට හිමිවන අතර එසේ හිමිවන්නේ එම රෝහල ලංකා බැංකුවට ගෙවීමට ඇති රුපියල් කෝටි 101ක ගෙවා අවසන් වූ පසුව බව ද එහි සඳහන් කර ඇත.
විගණන වාර්තාවේ දැක්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය නෙපිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් පියවා ගැනීමට ඉහත ගෙවීම් කර තිබෙන්නේ එවැනි කිසිදු ගිවිසුමකට එළමීමකින් තොරව බව ද කියැවෙයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නෙවිල් ප්‍රනාන්දු රෝහලට හිතුමතේට කෝටි 218ක් දීලා
Prabha Monday, 24 October 2022 01:33 PM
ඔක්කොම දේවල් මුදල් අවභාවිතා ගැන. රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්...
ganegoda Monday, 24 October 2022 01:43 PM
ඒ මුදල් පස්ස දොරෙන් නෙවිල්ගේම ගිණුමට බැරවෙලාලු...!
උදාර Monday, 24 October 2022 03:25 PM
අනුන්ගේ මුදල් තමන්ගේ ගිණුමට දා ගන්න තරමට නෙවිල් පුනාන්දු හිඟන්නෙක් හෝ හොරෙක් නොවේ.
ganegodaMonday, 24 October 2022 05:31 PM
දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා.
සොරිසේනMonday, 24 October 2022 06:18 PM
ඔබ වැනි හිඟන මතධාරීන් නිසා තමයි සැබෑ දේශප්‍රේමියෙකු විසින් රටට කරපු ඉතා කාලීන පලදායක වැඩක් අන්තිමට දියාරු වෙලා ගිහින් සයිටම් එක ශ්‍රී ලංකා රජයට තවත් එක බරක් විතරක් උනේ!!! මම පුද්ගල චරිත උස්සන් කෙනෙක් නොවුනත්, නෙවිල් ප්‍රනාන්දු කියන්නේ තමන්ගේ සබ්බ සකල සේසතම හොඳ දෙයක් වෙනුවෙන් කැප කරපු මිනිහෙක්. ලංකා මවට සැබෑ ලෙසම ණය නැති මිනිහෙක්.
බද්රානි Monday, 24 October 2022 02:42 PM
නෙවිල් ප්‍රනාන්දු මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සිටි සමයේ පානදුර රාජකීය විදුහල හා අගමැති බාලිකා විද්‍යාලය හදා නිමකළා. ඉන් පසුව නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සාදා රජයට පරිත්‍යාග කළා. ඒ නිර්මාණය කළසයිටම් උසස් අධ්‍යාපන ආයතනය මේ රටේ මැර බල්ලන් විසින් විනාශ කරනු ලැබුවා. ඒ වගේම සැබෑ වෛද්‍යවරයෙක් වූ එතුමන්ව මාෆියා වෛද්‍ය කල්ලිය විසින් අවඥාවට ලක් කරමින් ඔහුගේ චරිතය ඝාතනය කළා. සයිටම් ආයතනය විනාශ කල නිසා, එතුමා ලංකා බැංකුවට ගෙවීමට තිබු ණය ගෙවා ගැනීමට නොහැකි වුණා. එවන් උතුම් පුද්ගලයෙකුට මේ මාතෘ භුමිය තුළ අත්වූ ඉරණම තමයි ඒ. බල්ලන්ගේ රටේ බලුවැඩවලට මිස, මනුස්සකම්වලට අගයක් වටිනාකමක් නොමැති බව එතුමාට මරණ මොහොතට කලින්ම දැනෙන්න ඇති...
kasunMonday, 24 October 2022 07:41 PM
සහතික ඇත්ත. අනිවාර්යයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළ යුතුයි.
ලංකාපුත්‍ර Tuesday, 25 October 2022 07:56 AM
රටට කිසිම වැඩක් කලබවක් නොදන්නා තිළිණි ප්‍රියමාලිට රජයෙන්ම නොවුනත් කෝටි ප්‍රකෝටි ගණන් දුන්නා නම් රටට තමන්ගෙ උපරිම ශක්තියෙන් සේවයක් කල දොස්තර නෙවිල් ප්‍රනාන්දු මැතිතුමා වෙනුවෙන් මුදලක් දීමේ වරද කුමක්ද.?
sampath Monday, 24 October 2022 07:05 PM
SAITEM එක කියන්නේ ඉතා ප්‍රශස්ත මට්ටමේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්. ඒක කුහක සහ කාලකන්නින් විසින් වැනසුවා. SAITEM එක දේශීය නිර්මාණයක්. ඔය ආයතනය වෙන රටක හැදුවනම් අද ඩොලර් කෝටි ගාණක් උපයලා. කාලකන්නි කුහකයන් පාරවල් ගානේ ගිහින් හොඳ දේවල් නැති කළා. මේ රට කවදාවත් මේ හීනමාන මානසිකත්වය එක්ක හදන්න බෑ. මුළු වියදම සහ නාස්තිය දුෂණය සමානව ජනගහනයෙන් බෙදලා බදු අය කරනවට තමයි බහුතරයක් කැමති.
ජනසතු Tuesday, 25 October 2022 03:11 PM
මෙරටට නිදහස ලැබුණු දවසේ සිටම විනාශ කල පිරිස් රටේ දියුණුව ඇතිවෙනවා දකින්නට අකමැතියි (1952 හර්තාලය එක්දහස් නවසිය පනස් ගණන් වල පුද්ගලික දේවල් රජයට ගැනීම 1971 කැරැල්ල හා වතු පවරාගැනීම 1988 -89 කැරැල්ල ආදී ) ඒබව ඩිස්ලයික් වලින් පේනවා.
රංහාමි Monday, 24 October 2022 09:07 PM
ඇ ආයුබොවන්ඩ. ඔය දැන් කෝකා කමිටුවෙයි විගණන කමිටුවෙයි කියන දේවල් වල තේරුම මක්කැයි. ඕක කීවා කියලා ගිය වියදම් ආපහු ලැබෙනවැයි. උන්දලාගේ අහවල් විගණන මක්කටද මේ පතබාන්නේ තේරුමක් නැතිව නඩු දාලා ඕවා පැරදිලා ඊට පස්සේ ඒ සල්ලිත් අපරාදේ.