(රංජන් කස්තුරි)
මාලබේ නෙවිල් ප්රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට සුළු වේලාවකට පෙර මෙම නිවේදනය නිකුත් කෙරිණි.
සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙනු ඇත.
- මෙම පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත.
- නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය කරනු ඇත.
- නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යනු ඇත.
COMMENTS
කවුද මේවා ඉල්ලුවේ? මේ ඔක්කොම නෙවිල් ප්‍රනාන්දුගේ ඉල්ලීම්නේ
ඉතාම හොඳ තීරණයක්. දැන් ඉතින් ඕකටත් විරුද්ධව උද්ඝෝෂණය කරන්න. මොකද, මේ රටේ මිනිස්සුන්ට ඕනා කරන්නේ, ප්‍රශ්න විසඳන්න නෙමේ, ප්‍රශ්න තළුමරමින් අනුභව කරන්න. ප්‍රීති
ඉතාමත් බුද්දිමත් තීරණයක්. කුහකයන්ට ගොඩාක් රිදෙයි . හා ද ?
මෙතරම් කල් ගත්තේ ඔය ටික කියන්නද ?
මේ ආණ්ඩුවේ කාලය කෙටියි වගෙයි
මෙම මාර වැඩක්නේ. නෙවිල්ට සල්ලි හොයා ගන්ට ආණ්ඩුවෙන් වියදම් කරලා ඉස්පිරිතලයක් කරනවා. මේකෙන් රටේ මිනිස්සුන්ට ඇති වාසිය මොකක්ද???
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය කියල එකක් තිබෙනවද ?
මරු තමයි. බේකරිය ආණ්ඩුවෙ. පාන් ගෙඩි ටිකයි සල්ලියි නෙවිල් අයියගෙ.
පමා වෙලා හරි දුන්තීන්දුව අගේ කරමු. ඒ දරුවන්ට මොන හිරිහැරයක් කළාද?
හැම දෙයකම දෙපැත්තක් තියන බැවින් මේ තීරණයට විරුද්ද වෙන එක සාමාන්‍ය දෙයක්. රජයේ නිවැරදි තීරණයට පැසසුම්. බටහිර වෙද්දු රජය පෙරලන්න වෙර දරන නිසා දැන් වෙන දෙයක් කියල වර්ජන කරාවි. අපිට මොකෝ. නිරෝගී අපිට බෙහෙත් මොකට.
ඇමතිතුමා වහාම අදිකරණ තීරණයට හිස නවන්න . වැඩිපුර තාව ඉගෙන ගන්න කියන්නේ registration එක දෙන්න බැහැ කියන්නේ GMOA එකට බය වෙලාද? මේක අදිකරණයට එල්ල කරපු මරු පහරක්. මේකද යහ පාලනය ?
මට නිකන් හොල්මන් වගේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන්න යනවා කියන වැඩේට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදන නිකුත් වෙන්නේ කොහොමද?
නෙවිල්ගේ බංකොලොත් රෝහල රජයට ගන්නේ මොකෝ ....මේවා හෙන ගහන මහජන මුදල් නාස්ති කිරීමක් ......බලමු මිනිස්සුන්ගේ ප්‍රතිචාර ....
ඕක විතරක් නෙමේ, අර චැනල් සෙන්ටර් කළුකඩ ටික සහ රසායනාගාර තිබෙනවා, එකකින් දුන් වාර්තාවක් තවත් තැනකින් පිලි නොගන්නා. අන්න එවැනි ප්‍රමිතියක් නොමැති දුෂිත ආයතනයෙන හා නිසි ප්‍රමිතියකින් තොරව ජනතාවගේ මුදල් ගසාකන පෞද්ගලික රෝහලුත් සෞඛ්‍ය අමාත්යංශය යටතට භාරගෙන, වර්තමානයේ ලංකාවේ ක්රියාත්මකවෙන මේ වෙද මාෆියාවෙන් අසරණ ජනතාව මුදාගන්න ලෙස රජයෙන් ඉල්ලා සිටිමි. අන්න එදාට අව්වේ පිච්චෙමින් ඔය ටයි එක බෙල්ලේ හිරකරගෙන මෝඩ රැලක් දක්කාගෙන පෙළපාලි යන්න අවශ්‍ය නැහැ. සයිටම් වගේ ආයතන ඉබේටම වැහෙයි.
මේවා පුදුම වැඩනේ. තව කෙනෙකුගේ වාණිජ ව්‍යාපාරයකට ආණ්ඩුව රටේ මහජනයාගේ සල්ලි වියදම් කරන්නේ ඇයි?? ඔය කරන වැඩෙන් ආණ්ඩුවට වෙන්නේ පාඩුවක් විතරයිනේ. ඔය රෝහල නඩත්තු කරන්ට යන වියදම වෙන රෝහලකට යෙදෙව්වොත් රටේ මහජනයාට මීට වඩා ලොකු සේවයක් වෙනවා. මෙතන තියෙන්නේ ඇතැම් අයගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමක් කියලා මට හිතෙන්නේ.
දොස්තරලට කොච්චර බැන්නත් අපේ රටේ ආයු අපේක්ෂාව , ළදරු මරණ අනුපාතිකය ලෝකේ දියුණු රටවල මට්ටමටම තියනවා. අපේ අය පුද්ගලික වයිද්‍යා උපාදිය ගන්න බංගලාදේශය ආයු අපේක්ෂාව හා ළදරු මරණ අනුපාතිකය ඉතා ඉහලය. මට පෙන්නේ ලංකාවටත් ඒකම වෙන්න යන්නේ කියල.
නෙවිල් ප්රනාන්දු රෝහල රජයට පවරගෙන වෙද විඩුහල නෙවිල් ප්‍රනාන්දුට දීම හරියට හරකගෙ ඉදිරිපස සහ පසුපස බෙදාගත් කතාව වගෙයි.
ඉතාම හොඳ තීරණයක්. රෝහල රජයට පවරාගෙන ජයවර්ධනපුර රෝහල ආකාරයෙන් පවත්වාගෙන යනවානම් හොඳයි. සයිටම් සිසුන්ට විතරක් නොවෙයි රජයේ සිසුන්ටත් සායනික පුහුණුව දුන්නොත් වඩාත් හොඳයි. එතකොට දෙගොල්ලන්ටම එකම පුහුණුව ලැබෙනව ප්‍රමිතිය ගැන කතාත් ඉවර වෙනවා.
මුල ඉඳලම ඕක කලානම් ඉවරයි, මේක ජයවර්නධපුර රෝහල වගේ ගෙනයන්න, එතකොට අරගොල්ලන්ගෙ 'ප්‍රමිතියක් නෑ ' කියන තර්කය ඉවරයි, හැබැයි කීයටවත් සයිටම් වහන්න එපා, තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරල සායනික පුහුණුව සයිටම් සහ ජයවර්නධපුර රෝහල්වල කරන්න.
තක්කෙටම හරියන ඇමතිකම.උසස් අධ්‍යාපන සහ මහා මාර්ග.මට හිතෙන්නේ දැන් අධ්‍යාපනය මහා පාරේ කියලයි.
ඇයි මේ ශිෂ්‍යයන්ට වෙනම විගාගයක්? මේ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කරන්නේ වෛද්‍ය සබාව නම්, මේ ශිෂ්‍යයන්ට යම් ආකාරයකින් අසාධාරනයක් සිදුවිය හැකිය.
දැන් ඔක්කොම හරි GMOA ලොක්කන්ට ටියුෂන් දීල ගාන කඩාගන්න පුළුවනි...!
අනේ වාසනාවන් ! එතකොට ලබන වසරේ සිට Z අගය යටතේ අමතර තවත් සිසුන් පිරිසකට රජයේ වෛද්‍ය පීටයකට ඇතුල්වී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට දොරටු ඇරෙනු ඇත.............
මේක මහා විකාර තීරණයක්. මේ හොර දොස්තරලා ටික කොහොමත් එලියට එන පාට තමා පෙනෙන්නේ.
ප්‍රීති එතකොට ඔයා කියන්නේ සයිටම් වගේ ප්‍රමිතියක් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාල දොස්තලට හදල ආණ්ඩුවේ රෝහල්පවල රැකියා දෙන්න කියලද. අනික කෝටිගණන් වියදම් කරන ඔය සයිටම් එකෙන් එළියට එන දොස්තරගෙන් ඔය කියන ඔයගති නැවිවෙයි කියල කියන්නේ කොහොමද දන් පේනවනේද පාඩමක් නැතිව කටමත දොඩවන්නේ කොහො
ඉතා හොඳ තීන්දුවක් . අපට අවුරුද්දකට 3000 ඉ වත් වෛද්‍ය බිහිකළ හැකි ආයතන පිහිට විය යුතුයි. දොස්තරලා මහාජනයාට හිරි හැර වෙන ආකාරයට වර්ජන කකරන නිසා අපි ඔවුඔවුන්ට සාප කරමු
ඉතා හොඳ තීරණයක්. පෞද්ගලික උසස් අධ්‍යාපනය ගුණාත්මක බවෙන් සහ ප්‍රාථමිකව තව වැඩිදියුණු කළ යුතුයි !!!
ප්‍රීති, ඔබ කියල තියන කට්ටියම තමයි අර පෙරහැරේත් උම්බෑ කියමින් තප්පුලමින් මහපාරේ රැලේ ගමන් කරන්නේ. බලාගෙන ගියාම අපේ රටේ දොස්තරලා බෙහෙත් දෙන්න විතරක් නෙමේ, මහපාරේ හරක් දක්කන්නත් ගොඩක් දක්ෂයි.
සයිටම් ආයතනයට විරුද්ධවීම නිසා 2020 ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාව තීරණය කරල ඉවරයි. සියළුම වෛද්‍යවරුන්ගේ ඡන්දය මෙවර ජවිපෙට...
මෙන්න සමීකරණය.... සල්ලි තිබුනත් මොලේ නැත්නම් ආණ්ඩුවේ වේදවිදුහල් වලින් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. මොලේ තිබුනත් සල්ලි නැත්නම් සයිටම් එකෙන් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. සල්ලි නැතත් මොලේ තියෙනවනම් ආණ්ඩුවේ වේදවිදුහල් වලින් දොස්තරකෙනෙක් වෙන්න පුළුවන්. සල්ලි නැත්නම් මොලේ තිබුනත් සයිටම් එකෙන් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. සල්ලියි මොලෙයි දෙකම තියෙන කෙනෙක් සයිටම් එකට යන්නේ නැහැ. ඔය මොකක් කිව්වත් සයිටම් එකට ප්‍රමිතියක් නැහැ. ඒ කියන්නේ අන්තර්ජාතික නිර්ණායක වලට අනුකුලව සයිටම් එකට දොස්තර කෙනෙක් බිහිකරන්න තරම් සුදුසුකමක් නැහැ. පාර්ලිමේන්තුවට ඊයේ ගෙනාව යෝජනා වලින්ම ඒක ඔප්පු වෙනවා. එහෙම සුදුසුකමක් තියෙනවනම් අලුතින් ඒ වගේ යෝජනා ගේන්න ඕන නැහැ.
ලක්විදුගේ ගේ කතාවෙන් නම් පෙනෙන්නේ, මොළෙයි, සල්ලියි දෙකම නැති, සමීකරණ දමලා ප්‍රශ්න විසඳන්න හදන බක පණ්ඩිත විජ්ජාකාරයෙක් වගෙයි. නිකම් ඉන්න වෙලාවක,තැන බිමක තණකොළ කමින් සිටින මී හරක් රංචුවක් දෙස විමසිල්ලෙන් බලාගෙන හිටියා නම්, ඔවුන් තුල ඉරිසියාව, කුහකකම, වෛරය, හා අඩුතරමේ, ගොන්කමවත් ඔවුන් තුල නොමැති බව සමීකරණ ගැන නොසිතාම ඔබට අවබෝධ කර ගත හැකි වෙයි.
නිදහස් අධ්‍යාපනේ තිබුණට මොලේ නැත්නම් දොස්තර කෙනෙක් වෙන්න බැහැ. එහෙමනම් මෙලහකටත් ප්‍රිතිත් දොස්තරකෙනෙක්. මම හිතන්නේ ප්‍රීතිගේ පරම්පරාවේම දොස්තරකෙනෙක් නැතුව ඇති.
ඉහත සමීකරණයත් කලින් කෙනෙක් 'වදය' ගැන ලියාපු සමීකරණයටම සමානයි.
ලක්විදු ගේ සමීකරණයට මේ ටිකත් එකතු කරගන්න.... බදුල්ලෙන් S තුනක් ගත්තොත් ආණ්ඩුවේ වෙද විදුහල් වලින් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. කොලබින් A 1, B 2 ගත්තොත් ආණ්ඩුවේ වෙද විදුහල් වලින් දොස්තර කෙනෙක් වෙන්න බැහැ. මොන ප්‍රතිපලය තිබුනත්, අද තියෙන ආණ්ඩුවේ සරසවි වලට ඇතුල්වන්නේ සුදුසුකම් ලත් අයගෙන් 20% කට අඩු ප්‍රමාණයක් පමණයි. සයිටම් වැනි ආයතන තව 10 වත් ඇරියොත්, සුදුසුකම් ලත් අයගෙන් අඩුම ගන්නේ තව 20% ක් වත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගනී. එයෙන් වන්නේ රටේ උගතුන් වැඩිවීම පමණයි.
දොස්තරලා...හදක් නැති කමින් ...අනාගනී ...මොවුන් පොඩිකාලේ සිට කටපාඩම් කල...රිලෝඩ් කල රොබෝවරු වැනිය...මොලය සීමිතය ...හිතල වැඩ කිරීමට බැරිය..