මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (1) සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කළේය.
අද දහවල් 12 වන විට රෝගීන් 100 ක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බව එහි සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරයි. අද දින සිට ජනතාවට නොමිලේ ප්‍රතිකාර සේවා මෙම රෝහලෙන් ලබාගත හැකිය. තව ද සියලුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදීම එහිදී සිදුකෙරේ.
ඇඳන් 600 කින් යුත් මෙම රෝහලේ මේ වනවිටත් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. රෝහලේ අවශ්‍යතා සදහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් රැසක් මෙම රෝහලේ සේවය කරති. එහි මානව සම්පත් ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ජනරජයක් බැවින් සිදුවිය යුත්තේ ජනතාවගේ පරමධ්යපත්ය රජ කිරීමයි. මෙම රෝහලට විරුද්ද වන්නේ ඉතාම සුළු පිරිසක්.
අනේ හොඳයි මිනිසුන් ට නොමිලේ නේ බෙහෙත් දෙන්නේ ,
දැන් මේ රෝහලත් කාලා දාලා, චැනලිනුයි අනිත් වැඩ වලිනුයි කොමිෂන් ගහන්න පටන්ගනීවී අපේ දේශප්‍රේමී දොස්තරලා.
මේකට මම ගිහින් තියෙනවා රජයේ රෝහලක් වගේ නෙවෙයි සුපිරියි
පෞද්ගලික අංශය හදපු ඉස්පිරිතාලෙක මහජනයාට නොමිලේ වෛද්‍ය පහසුකම් දීම් කියන්නේ නිදහස් සෞඛ්‍යයේ, නිදහස් අධ්‍යාපනයේ සහ මළගමයි. ජනතාවෙනි වැස්ස නැත්නම් පාරට බහිනු.
ජයරත්න මල් ශාලාවටනම් ජය වෙයි වගේ හොඳටම. අපූරුයි කොච්චර උනත් යහපාලනයෙන් ඒ මිනිස්සු ගැනත් හිතල තියෙන එක. ඕක තමා ලිච්චවී පාලනය. සතුටුයි නේ?