කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ ඉහළ දැමු ශිෂ්‍ය ගාස්තු වහා පහළ දැමීම ඇතුළු සිසු ගැටළු වලට වහා විසඳුම් ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අද (26) දහවල් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිටදී පැවැත්විණි.
මෙම ගැටළුව පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද පවත්වන අතර එයට දින 100 පිරීම නිමිත්තෙන් අද මෙම උද්ඝෝෂණය පැවැත්විණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ ඉල්ලීම් හරිම අසාධාරණයි ,1970 ගනන් වල මුදලට එදා ගත්තු භාන්ඩ ගන්න බැනේ ? ඉතින් අැයි සේවා ගාස්තු අඩු කාලේ ඒවා ඉල්ලන්නේ ?කතිකාචාර්යවරුනුත් ජිවත් වෙන්න එපයි ? (ස)
මෙතන කමෙන්ට් දාපු අය කැම්පස් එකක් දැකලවත් නෑ, විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමලා වල ගණන් ඔහෙලා හිතන තරම් අඩු ඒවා නෙමෙයි. ඒව වැඩි කරන්න නෙමේයි අඩු කරන්නයි ඕනා (නධී)
ඉවසපන් මල්ලි ඔක්කොම එකපාරට කරන්න බැනේ.. හැබැයි ඇත අරින්න එපා.(බ)
උපාලි මහතා ;1970 නෙවෙයි 2013 තිබ්බෙත් ගොඩක් අඩුවට.එකපාරටම 120% වැඩි කරන්නෙ මොන හෙතුවක් උඩද කියලයි අපි අහන්නෙ. මස 3ක් ඉගන ගන්නෙ නැතුව සිටියෙ නැ.වැස්සටවත් ඕපන් පැත්තේ ඇවිත් තියනවනම් දන්නවා එහෙම ඉගන ගන්නේ නැතුව ඉන්න බැරි බව ඒ නිසා මෝඩයෝ වගේ කෑගහන්නේ නැතුව ඇත්ත මොකක්ද කියල හොයල බලන්න කියල කාරුණිකව ආරාධනා කරනවා (ස)
ඒ කියන්නේ මාස 3 ක් ඉගෙනගෙන නැහැ. ගාස්තුව වැඩිකළාට කමක් නැහැ. පිනට ඉගෙනගන්නත් ඕනෑ. ආණ්ඩුව මොවුන්ගේ ලොකුකම් බලන්නත් ඕනෑ. (නි)
මෙයාලට ඉතින් ඉගෙනගන්න වෙලාවක් නැහැ.දවස් 365න් බාගයකට වැඩිය පාරේ. ඒකනේ මේ රටේ මෝඩයෝ වැඩි. (නි)
යහපාලනයටත් දින 100 ළඟාවේගෙන එන්නේ. ඔහොම යමු! අඩුකිරීම කෙසේවෙතත් නිකන් දෙන්න කියලා ඉල්ලන්න. අපේ මිනිසුන්ට අඩුවට හරි නිකන් හරි දෙනවා නම් හෙම්බිරිස්සාව වුණත් කමක් නැහැ පැනලා ගනියි. (නි)
තවම විශ්ව විද්‍යාල වල යහපාලන වෙනස නැද්ද ? (නදී)