IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත්  ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කීවාය.

ගව සරම්ප රෝගය වැලදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැලදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.

රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේය.

මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එළදෙනුන්  සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ.

ගව සරම්ප රෝගය නිසා මාස හයකදී මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇති බවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (1)

නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ

පිටරටවැසියා Wednesday, 22 May 2024 01:18 PM

"නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ"... ඒ වුණාට "දියවන්නාවේ ගව සම්පත මිනිස්සුන්ට අතිශය හානිකරයි" !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site