(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් මහනුවර සිට කොළඹ දක්වා දින පහක විරෝධතා පාගමනක් හෙට(31) ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය.
එම විරෝධතා පාගමන හෙට පෙරවරු 10ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කරන අතර එතැන් සිට දින පහක් පුරා පාගමනින් කොළඹට පැමිණ අගෝස්තු 04 වැනි දා පස්වරුවේ විරෝධතා උද්ඝෝෂණයක නිරත වන බවද ඔහු කීය.
‘සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය‘ මගින් සංවිධානය කරන එම විරෝධතාවයට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති දෙමාපියන් හා කම්කරුවන් ඇතුළු සෑම පාර්ශවයක්ම සහභාගී වීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති උද්ඝෝෂණයක් පැත්තක තබා, ඔය යන පාගමනේදී කරුණාකර පාර දෙපස පවිත්‍ර කරමින් යන්න. එයින් අඩුම ගානේ රටේ ඩෙංගු මර්ධනයට උදව්වක් වෙයි.
හරි, මෙදා පාර නම් හරියටම හරි... මොවුන්ගේ ශිෂ්‍ය භාවය අවුරුදු පහකට අවලංගු කල යුතුය.
බොරු කරකර පාරේ ඇවිදිනවට මේ අයට සතුටු ඇති.
පාර දෙපැත්තේ ඉඳල හූ කියන්න.. එල, එල
අනේ කොල්ලනේ, ඔබලාගේ කකුල් කඩාගන්නේ නැතිව ගෙදර ඉන්න. පාගමන් ගියාට මේ හොර උපාධි කඩේ වහන පාටක් නැහැ. එස්.බී., කිරිඇල්ල සහ රාජිත කියන ඇමතිවරු තුන්දෙනාගේ අමාත්‍යාංශ ජනාධිපතිතුමාට පවරා ගැනීමට කටයුතු කළොත් මෙහි අවසානයක් දැකගත හැකිවනු ඇත.
නිකන් හම්බ වුණු අවස්ථාවෙන් ඉගෙනගන්නේ නැතුව තේරුමක් නැති වැඩ කරනවා. මට හිතෙන විදියට ඔය ශිෂ්‍ය නායකයින්ට හොඳ ගානක් හම්බවෙලා ඇති. රට විනාස කරන අය අස්කරන්නම ඕනේ !!
සයිටම් පමණක් නොවේ. පෞද්ගලික රෝහල්, පෞද්ගලික අධ්‍යාපන කඩ, ජන සතු කල යුතුය. මහා මාර්ග වල ගමනා ගමනයට බධා කිරීම වැළැක්විය යුතුය !
මේ අය වැඩි වාර ගාණක් වර්ජනය කරන්නේ සයිටම් එකට විරුද්ධවයි. සයිටම් එක ආරම්භ කළේ පහුගිය රජයයි. එදා නොතිබුණු වර්ජන අද කරන්නේ ඇයි?
එන ගමන් සිද්ධාලේප බෝතල් ටිකක් අරගෙන එන්න .. කොලඹ කට්ටිය පොලු, ගල්, වතුර එහෙම ලෑස්ති කරගෙනයි ඉන්නේ.. මේ පාර ගුටිකන්නේ පොලිසිවලින් නෙමෙයි. සාමාන්‍ය ජනතාවගෙන්...
නාමල්වත් එකතු කරගන්න. එතකොට නිකම්ම ඇවිදගෙන යන්නේ නැතුව කකා බිබී නට නටා යන්න පුළුවන්...
අන්තරේ පිටුපස සිටින්නේ දේශපාලනයයි... මේ සුළු ශිෂ්‍යයන් නිසා අහිංසක සරසවි සිසුන් පවා අමාරුවේ වැටිලා.. නීතියක් හදලා මේ අයට සරසවි වරම අවලංගු කල යුතුය.
ඕන දෙයක් කරගන්න. හැබැයි පාරවල් අවහිර කරලා ජනතාවට කරදර කළොත් හොඳ පාඩමක් උගන්වනවා.. අපේ බදු මුදල් වලින් විකාර කරන්න එපා...
මේ අයට දෙමව්පියන් නැත්ද? අපේ බදු මුදල් වලින් නොමිලේ දෙන අධ්‍යාපනය අරගෙන මනුස්සයෙක් වෙන්න කියලා දෙන්න.
විශිෂ්ටයි... සමහරු සයිටම් වසා ශ්‍රී ලාංකීයයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි බලන්නේ..
ආ.. වරෙල්ලකෝ, අපිත් එනකල් තමයි බලාගෙන ඉන්නේ? අසුචි ප්‍රහාරයක් එල්ල කළා නම්, කට්ටියට තේරෙනවා සමාජ සමානත්වයේ තේරුම?
ලංකාවේ විශ්ව විද්‍යාල වලත් ගාස්තු අය කරන ක්‍රමයක් ඇතිකලයුතුයි. එතකොට වත් ගෙවපු සල්ලි වලට හරියන්නවත් ඉගෙන ගනී. නොමිලේ අධ්‍යාපනය නතරකල යුතුයි. එතකොට නිකන් ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙයි.
කරන දෙයක් පාරවල් අවහිර නොකර කරන්න , මගේ නම් මතය පවුද්ගලික රෝහල් හොඳ නම් පවුද්ගලික වෛද්‍ය විද්‍යාලත් හොඳය , පවුද්ගලික වෛද්‍ය විද්‍යාල වහනවා නම් පවුද්ගලික රෝහල් , බෙහෙත් ශාලාත් වහන්න ඕනේ
මොවුන්ට අනුව රටේ තිබෙන එකම ප්රශ්නය සයිටම් පමණි. රටේ වටිනා දේවල් පිට රට වලින් මිල දීගෙන අපේ රටට හෙන ගැහුවත් මොවුන්ට කමක් නැත. මොකද ඒවා රටේ ප්‍රශ්න මිසක් කුහකයන්ගේ ප්‍රශ්න නොවන නිසාය. පිල්පත්තුව,හම්බන්තොට තෙල් ළිං බේරා ගැනීමට වගේ වගක්වත් නැත. ඒවාට සද්දයක්වත් නැත. තමන්ගේ බඩට වදිනවානම් අන්න එක ප්රශ්නයකි. තනිකරම කුහකයන් පිරිසක්. සයිටම් වලට මමත් විරුද්දය. නමුත් රටට ආදරේනම් කල යුතු තවත් දේ බොහෝ තිබේ. සයිටම් වැසීම සියල්ලටම විසදුම නොවේ.
මේ ආණ්ඩුවක් රටේ උගත් ළමයි පාරේ වර්ජන කරනකොට උඩ බලාගේන ඉන්නේ මොකද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මේ කිසිම කෙනෙකුටවත් අවබෝධයක් නොමැති බව පෙනේ මේ ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ තිබුන අද්යාපනය කප්පාදු කිරීමේ ක්‍රියාවලියයි
කියල තියෙන අදහස් වලින් තේරෙනවා, ගොඩක් ඉන්නේ බුරුවෝවගේ අය. මුන්ට තෙරෙනේ නැද්ද මේ දෙසපලුවෝ කරන්නේ මගඩියක් කියල.
සෙනෙවි මහත්තයෝ, ඔයා කලේ මොනවගේ වැඩද?
ඉස්සර මෙතන හොඳට තර්කවලට තර්කවලින් උත්තර දුන්නා. දැන් මේකටත් අන්තරේ පැනගෙන... මේකත් ෆේස් බූක් එකක් කරගෙන...