රටේ සෑම ප්‍රදේශයකටම යාමට ඇති කොළඹ මහනුවර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස් පොලිසියේ ද සහායෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
‘අද මේ ගැටළුව ගැන සාකච්ඡා කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ තුන්වැනි මහලේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාව පැවැත්වෙද්දී තමයි උද්ඝෝෂකයෝ නුවර පාර හරස් කර තියෙන්නේ.
නුවර පාර කියන්නේ මේ රටේ හැම පැත්තටම වගේ යන අය භාවිත කරන පාරක්. මේ පාර අවහිර කිරීමෙන් බෝහෝ පිරිසක් අපහසුතාවට පත් වුණා.
පොලිසිය අපෙල් ඉල්ලීමක් කළා මාර්ගය විවෘත කර දෙන්න කියලා. අපි පොලිසිය සමග එකතු වෙලා අවම බලය පාවිච්චි කරලා මාර්ගය විවෘත කළා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදාන පාරක් අවහිර කිරීම අනුමත කරන්න බැහැ. (දී)
හමුදාවේ සොයුරනි, ඉහළින් කවරෙක් ඔබට අණ කළත් ප්‍රවේශමෙන් වැඩ කරන්න. (නි)
පාරෙ යන මිනිස්සු වගේම පාරට බැහැපු මිනිස්සුත් පොදු මහජනතාවම තමයි. බොන වතුර කොච්චර වැඳගත්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. තුවාලෙ තියෙන අමාරුව දන්නෙ තුවාලෙ තියෙන ඒකා මිසක් අහක ඉන්න බන්දුල වගේ අය නෙමෙයිනෙ. ලංකාව ඉදිරියේදී සිරියාවක් බවට පත්වේද (ස)
නියෝග පිලිපදින එක හමුදා විනය හොද දෙයක්. නමුත් හමුදාව අප්‍රසාදයට ලක්වෙන කුණු වැඩ ඔවුන්ගෙන් ගත්ත එක වැරදියි.ඉතා සංවේදි අවස්ථාවක තුවක්කුවකට හෝ යුද පුහණුවකින් හෝ ඇති වැඩක් නෑ. මේ මියගිය අහිංසකයා අසරණ පවුලක පියෙක් ස්වාමියෙක් නැතිනමි නෑදෑයෙක්. ඒ පාඩුව කිසිම කෙනකුට මොනවා කියලවත් නැති කරන්න බෑ කරුණාකර මේ වගේ මෝඩ තීරණ ගන්න එපා. දැන් අපේ ජනාධිපතිතුමා කියයි පරීක්ෂණයක් තියලා වෙඩිතියපු අයට දඩුවමි දෙන්න කියලා. (ස)
හමුදාවේ සොයුරනි, ඉහල කවරෙක් ඔබට අණ කළත් ප්‍රෙව්ශමෙන් වැඩ කරන්න. නැතිනම් තව ටික දවසකින් ඡන්දයක් එනකොට වෙඩි තැබීමට එරෙහිව දඩුවම් දුන්නා කියලා ඔබලාගෙන් කිහිපදෙනෙකු හිරේ දමාවි. පටි ගලවාවි. දේශපාලුවෝ ඔබේ දඩුවමින් ඡන්දේ ගනීවී. (දී)
උපාලි මහත්තයෝ..මුන් හිතන්නේ අපි මැට්ටෝ කියල..මේ විලාප ලතෝනි මේ මිනිස්සු වෙනුවෙන්ද නැත්නම් තමන්ගේ දේසපාලන දැක්ම වෙනුවෙන්ද කියල තේරුම් ගන්න බැරි තරමට මන්ද බුද්දිකයෝ මේ රටේ නැහැ. නුවර පර විනාඩි 5ක් හරස් වුනොත් වෙන දේ අපි දන්නවා..මේ විදියට පර හරස් කරලා පාරේ යන එන දහස් ගානක් මිනිස්සු අසරණ කරන්න ඉඩ දීල ආණ්ඩුවකට බලන් ඉන්නද කියන්නේ..මේ මිනිස්සුන්ව දක්කපු අය අද මේ දේ වෙන බව දැන ගෙන තමයි පාර හරස් කෙරෙව්වේ....ගහනවා ඇරෙන්න ආණ්ඩුවට අද වෙන විකල්පයක් නැහැ කියල කට්ටිය දන ගෙන හිටිය..අවශ්‍ය දේ කර ගත්ත..දැන් විකුණන් කන්න මිනියක් තියෙනවා..කොමෙන්ට්ස් දාන සමහරු මිනිස්සු මැරෙනවා දැකල තියෙන්නේ මේ රජ ය බලයට ආවට පස්සේ තිබුණු උද්ඝෝෂණ වල විතරයි. මිනී දස දහස් ගානකට මහ මග බලු කපුටු මරණ ටයර් සෑයවල් හිමි කරලා දුන්නු එව්වෝ හලාවත,කටුනායක මරණ වලට විලාපදෙද්දී මරණයක් දැක්කේ එදාම වගේ ඇඩුව. (ස)
මේ බන්දුල නමත්තටයි. නුබ හිතක් පපුවක් නැති මිනිස් ආත්මයක් (දී)
යුද හමුදාවේ අවම බලය වෙඩි තැබේමනම් රතුපස්වල හා අනෙක් ප්‍රදෙසවල කිසිදු ත්‍රස්තවාදියෙක් නැති නිසා කොහොමත්ම අනවශ්‍ය වන්නේය .
ආරොන්, රතු පස්වල වතුර ප්‍රශ්නයක් ඇත. කඩිමුඩියේ සිදු වෙන මේ සිදුවීම් සමුදායේ ස්වභාවය ප්‍රශ්න විසදන දිශාවට ගමන් නොකරන බවට අත්දැකීම් නැතුවා නොවෙයි. තව දෙයක්. පදවිය අවට මායිම් ගම්මාන ඇතුළු උතුරු මැද පළාත් වල වකුගඩු දියවෙන දහස් ගණන් රට වැසියා තාම මරණ පෝලිමේ. කටවල් කෝ ඒවාට !!! වතුර වැනි සංවේදී සිද්ධාන්ත ගෙන මේ කරන්නේ ඇසට වැලිගසා රට අරාජික කරන්න මාන බලනා අයට දැන හෝ නොදැන ඉඩ කඩ පාදා දීමයි වෙමින් පවතින්නේ. ලංකා මෑණියන්ට මම ආදරෙයි. (නි)
ඔය අවම බලය පාවිච්චි කරලා රට කනදේශපාලකයෝ ටික ඉවත් කරානම් නරකද? (දී)
පාලිතට කියන්නේ... අවම බලය අවස්ථාව අනුව වෙනස් වෙනවා .අවස්ථාව අනුව වෙඩි තැබීමත් අවම බලයක් වෙනවා. තමුන් ඔය කියන බයිලාව කියන්න වෙන්නේ නැහැනේ මිනිස්සු පාරට එන්නේ නැතුව පාර අයිනේ උද්ගෝෂණය කළා නම්. එහෙනම් මොන බලයක්වත් අවශ්‍ය වෙන්නෙ නැහැනේ. අර නැති වුනු ජීවිතෙත් තියෙනවා,මිනිස්සු ගුටි කන්නෙත් නැහැ. පාර දෙපැත්තේ වාහන වල හිර වුණු මිනිස්සුන්ට ගල් පොලු ටිකක් ළග තිබුණා නම් ඔය පාර මැද්දේ වතුර හොයපු කට්ටියට අවම බලය බලන්න තිබුනා (නි)
නිසි කලට හරි තීරණ ගත්තා නම් ඔවැනි දේ වෙන්නේ නැහැ. (නි)
මේ වගේ "සාමාන්‍ය ජනතාව" ට වින කරන රාජ්‍ය බලයෙන් "පුද්ගලික අංශය" රකින ආණ්ඩුවක් පත් කර ගැනීමට සිදුවීම පිලිබඳ කලකිරුණු තරුණයා විසින්ම "වෙඩි තබාගෙන" ඇත. ඒ බව මොහු විසින්ම "දිවුරු ප්‍රකාශයක්" මගින් තහවුරු කර ඇත.
අවම බලය යොදා මෙහෙම නම් උපරිම බලය යෙදුවොත් මොනවා වේවිද කියලා හිතාගන්න බැහැ (නි)
සරත් මහතා මොනවා කියන්නද , යටින් ඉරක් ගසා "අදාල නැත" ලකුණක් මිස. (දී)
හරිම කනගාටුයි . හිතක් පපුවක් නැති පාලකයෝ . අනේ අසරණ මිනිස්සු .ඔබ හැමෝටම බුදුන්ගේ සරණයි. (දී)
මේකේ ලියන සමහර අයට තේරෙන්නේ නැහැ මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ආසාවට නොවෙන වග. තමන්ට, දරුවන්ට වතුර බොන්න නැතිවෙනකොට මොන මනුස්සයටද ඉන්න පුළුවන්? (නි)
බන්දුල කියන පුද්ගලයා කොහොම කෙනෙක්ද යන්න හොද හැටි පැහැදිලිය. බුද්ධිමතුනි, කරුණාකර ඔහු ලියන ඒවා ගැන හිතන්න එපා (නි)
අවම බලය යනු මිනීමැරීමට දී ඇති බලයක්ද??? (දී)
'අවම බලය' හරියට නිර්වචනය කරලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
බන්දුල පෙරේරා 2013-08-01 22:27:35 ඔබලාට ඉස්තුති කරනවා මේ පාරවල් හරස් කරලා සාමකාමී ජන ජීවිතය පීඩාවට පත් කරවන රැල්ල නතර කරන්න කටුතු කරපු එක පිලිබදව... දවස් දෙක තුනක් කොලබ පාරවල් වහල කාර් රේස් තියපුව හොදිද? (දී)
නුවන් මෙන්ඩිස් 2013-08-01 23:01:46 හෙට ගිහිල්ලා මැරුණු එකාගේ අසරණ පව්ලම මරල දාන්න ......නැතම්ඒ අය ජිවිත කළෙම ඉල්ලන හෙන නුබලගේ දරුවන්ටත් වදිනවා.... එය එසේම වේවා !
අසේල, පළවෙනි ලෝකේ රටවල ඔහොම නොවෙන්නේ, මෙහි අදහස් දක්වන බන්දුල පෙරේරා වගේ නරුම පිස්සේ මේ රටවල නැහැ. (ස)
බන්දුල පුලුවන් නම් ගෙදර ලිපිනය දෙන්න. (ස)
මේක හරිවිදියකට විසදන්න පුළුවන් විදියක් යෝජනා කලානම් නේද හොඳ. (ස)
පාරවල් වහල නයිට් රේස් පදින්නේ,එතකොට අවම බලේ නැද්ද ,ඒවා උපරිම බලෙනේ,විහිලු සපයන්න එපා හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමෝ,ඔබ ඔය කිලිටි කරගන්නේ මානුෂිය මෙහෙයුම කර වීරෝදාර හමුදාවේ කැඩපතයි,මිනිස්සු හමුදාවට තිබ්බ ගෞරවය රැකගන්න ඔබ මේ පුටුවෙන් හෙට ගියත්, (ස)
ඔව්න්ගේ ජල ගැටලුවට විසදුම් සොයන්න අධිකරණය තිබෙනවා . මානුසික ඓතිවාසිකම් යටතේ නීතියේ පිහිට පතන්න පුළුවනි තමුන්ගේ ගැටළු නිසා වෙන මිනිසුන්ට කරදර කරන මේ වැඩ නිසා අහිංසකයෝ මැරෙනවා ජනතාව නුවර පාරට ගන්න අදහස දීපු කෙනා මේවට වන්දි ගෙවන්න ඕනේ . ලංකාවේ මේ සුපුරුදු විරෝධතා ක්‍රම වෙනුවට අධිකරණය තෝරාගන්නේ නැත්තේ ඇයි? (ස)
මේවා දකිද්දී වෙඩි තියාගෙන මැරෙන්න හිතෙනවා........... (ස)
ඔබලා අවම බලය පාවිච්චි කරලා මිනිහෙක් මරුවා ඔයාලටත් කවදා හරි චන්ද්‍රලේකලට ගහපු යට ටිරිකුනමලේ වෙදිටියපු යට උනදෙමි වෙන්නේ එදාට ඔය ලොක්කෝ නැහැ (ස)
තිරිසන් දෙසපාලකයිනි,මහජන මුදල් ගසා කනවා මදිවට මිනිස්සුත් මරනවද? (ස)
බන්දුල මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු දන්නවාද ? ඔහු සබඳකම් පවත්වන්නේ කා සමඟදැයි දන්නවාද හොයල බලන්න මෝඩ කමෙන්ට්ස් දැමීමට පෙර (ස)
මෙවැනි නින්දිත ප්‍රහාර දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.(ස)
ටිකිරි මහත්තයාගේ මොලේ බල්ලෝ බිරුවට කදු පත් වෙන්නේ නැහැමහත්තයෝ.. .. ඇත්තට අඩන එකා කව්ද බොරුවට අඩන එකා කව්ද කියල අපි දන්නවා..මෙතන කොමෙන්ට්ස් වලින් 10ක් 15ක් ඇති ඇත්තටම මේ මිනිස්සුන්ගේ ප්‍රස්නේ ගැන දුක්වෙන..අනිත් එව ඔක්කොම කල දුටු තැන වල ගොඩ ඉදලම ඉහින්න හදන අය කියල අපි දන්නවා.. (ස)
ඔය කර්මාන්ත ශාලාවේ වැඩ කරපු තරුණයන් 60 ක් විතර ඉවත් කරලා. එයාලා තමයි මෙහෙම කරන්නේ. (ස)
බන්දුල, මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු දන්නවාද ? ඔහු සබඳකම් පවත්වන්නේ කා සමඟදැයි දන්නවාද? හොයල බලන්න මෝඩ අදහස් දැමීමට පෙර. (නි)
අයියෝ බන්දුල
රජ්ජින්ද මහත්තයෝ..තුට්ටු දෙකේ කාලකන්නි දෙසපලනයක පාහරයෙක් නොවී 2.50 හරි දෙසප්‍රෙමියෙක් වෙන එකා හොදයි...තමුන් හිතන්නේ මෙතන තියෙන්නේ ජනමතය කියලද..මෙතන තියෙන්නේ කුලියට කරන කීප දෙනෙක්ගේ මතය විතරය් .අන්තර්ජාලේ පාවිච්චි කරන්න දන්නා ..මේ රටේ වැඩි පිරිසක් හමුදාවේ ක්‍රියාමාර්ගය අගය කරනවා ,ස්තූති කරනවා. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට බංකලොත් දේසපාලනය රිංගුවා..එකේ ප්‍රතිපලය උන් ගත්ත..දැන් ඉතින් විකුණන් කාපියව් කියල තමයි අපිට කියන්න තියෙන්නේ.. (ස)
සම්පත්, මගේ මතකය හැටියට දවස් දෙක තුනක් පාරක් වහලා නම් තිබුණා අර කාර් රේස් එකක් යන්න නම් (නි)
ජනතා විමුක්ති පෙරමුණට යන එන මං නැති නිසා අහිංසක මිනිසුන්ව පාරට බස්සවලා ලකුණු ගන්න හදනවා වල් බල්ලෝ (ස)
පෙරේරා, යුරෝපයේ නොවෙයි බන්ගලිදේශයේ,ඉතියෝපියාවේ,සෝමාලියාවේ වුණත් මීට වැඩිය නිදහසේ ඉන්න පුළුවන්. (නි)
මිනිසකු නැතිවෙන්නට අවම බලය යෙදූ අයට සාප වේවා. ! (ස)
ලෙඩා මලත් බඩ සුද්ධයි . (දී)
අවම බලය මිනී මැරීමද (ස)
වතුර ඉල්ලපු අයට ලැබුන පිළිතුර මොකක්ද? (නි)
මෙතන පමණක් නොවෙයි. ලංකාවේ හැමතැනම මහා මාර්ග හරස්කර උද්ඝෝෂණ කිරීම පුරුද්දක් කරගෙන. පොදු ස්ථාන සීමිත පිරිසකගේ උවමනාවන්ට අනුව පාලනය කර බහුතර ජනතාවකට අවහිර කිරීම බලවත් වරදක්. (ස)
මේ රටේ වීරයෝ අද නැහැ
අවම බලය පාවිච්චි කළා කියන්නේ මේකටද ? මේ වෙඩි තියපු සහ තියන්න කියන අයව උසාවි ගෙන්න බැරිද ? රටේ නිතිය කෝ ???
දහම් සුවද ඉහිරී යි අහස කුස.... එහෙත් ලේ කදුළු උරණව මිනිස් ඇස.... මිනිසා මුවට නොගතත් අද මිනිස් මස .... මම අද දකිමි ලොව තිරිසන් ලොවක් ලෙස ... (නි)
පොලිසිය කල වැඩේ වැරදියි (දී)
අවම බලය පාවිච්චි කරලා කොයි රටේද මෙහෙම කළේ? (නි)
ආරොන්, අපේ අල්ලපු ගෙදර කුෂ්ට හැදුනු කැහැටු බල්ලාගේ නමත් ආරොන් (නි)
ආණ්ඩුව වහාම මෙයට පිළියමක් යෙදිය යුතුයි (නි)
අවරුදු 13 කට පස්සේ හිටපු ජනපතිනියගේ ආරක්ෂකයන්ට, කරපු කැත වැඩ වලට මහා ගෙදර යන්න සිද්ද වුනා වගේ, ඔය මහා ලොකු දේශපාලකයන් රකින්න ජනතාවගේ මුදලින් පඩි ලබාගන්න හමුදාව, පොලිසේ අය මහා ජනතාවට තුවක්කුව ඇල්ලුවම තමන්ටත් අනාගතයේදී කරපු කැත වැඩ වලට විදවන්න වේවි. (ස)
නුඹලාට උඩින් යන්න අසරණ අපිට බැහැ ඒක තමයි මහත්වරුනේ ඇත්ත.. (නි)
බන්දුල මහත්තයට ඔච්චරම ආණ්ඩුවට කඩේ යන්න ආසයි නම් යන්න. අනේ අපේ අකමැත්තක් නැහැ. නමුත් තමන්ගේ නොදන්නාකම නිසා තමන් පත් වෙන අපහසුතාවය ගැන හිතන්න. මොළයක් තියෙන්නේ හිතන්න. මිනිසත්කමයි දේශපාලනයයි කවදාවත් පටලවා ගන්න එපා. මේ මිනිස්සු පාර වහගෙන හිටියට ගිලන් රථ වලටයි ඉස්කෝලේ දරුවන්ගේ වාහන වලටයි ඉඩ දුන්න බව දන්නේ නැද්ද? මනුස්සයෙක් වගේ හිතන්න. (නි)
මම මේ බන්දුල පෙරේරලා ගැන අනුකම්පා කරනවා.මොකද සමහරුන්ගේ පංචස්කන්ධය මිනිස් ස්වරූපයක් තිබුනත් මනස සහ හදවත වෙනත් සත්ව කොටසකට නෑකම් කියන නිසා.උදාහරණයක් ලෙස ගොරිල්ලෝ,වැනි සතුන් ද පරිගණක ක්‍රියා කරවනවා . (නි)
නිරායුධ සිවිල් ජනතාව ඉවත් කිරීමට අවම බලය පාවිච්චි කරනවා කියන්නේ වෙඩි තැබීමද? වෙනත් විකල්ප ක්‍රියාමාර්ග නැද්ද ? (නි)
මිනිස්සුන්ට පාර වහන්න වෙන්නේ වෙන විකල්පයක් නැති වුණහම. (නි)
ලෝකෙට පරකාසේ ගෙදටට මරගාතේ තමයි අපේ ලංකාව (නි)
තිරිසන් සතෙක් පවා තමන්ගේ වරිගේ එකෙක් මැරුනහම ඒ ගැන කම්පා වෙනවා.ඒකට කුලයක් අවශ්‍ය නැහැ.මේ දේ හෙට මගේ සහෝදරයාට වෙන්න පුළුවන්.අපි කොච්චර ආරක්ෂා කළත් කළකම් පල දෙන දවසක් එනවා. (නි)
කම්හල වහල දැම්මට පස්සේ ඒකෙ වැඩකරපු කම්කරුවන්ගේ රැකියා වලට මොකද වෙන්නේ. පව් තවත් අහිංසකයෝ ටිකක් පාරට (නි)
දැන් වගකිවයුත්තෝ කිසිවක් නොදන්නා ගානට ඉන්නවා. මේක හුදකලා වූ ගැටළුවක් වන්නට නොදී රටේ සියල්ලෝම එක මතකයට එන්න ඕනෑ කාලයක් මේ උදා වෙලා තියෙන්නේ (නි)
මේ ජනතාවගේ ප්‍රශ්නය බොහොම ප්‍රායෝගිකව විසදන්න රජයට හැකියාව තිබුණා. (නි)
මෙතන දේශපාලනයක් නැහැ. දීපයි ,බන්දුලයි තමයි මේකට දේශපාලනේ ගාවා ගන්න හදන්නේ. (නි)
ඔයාල කවුරැවත් දැක්කේ නැද්ද ආමි එකේ එක්කෙනෙකට පොලු වලින් ගහනව හමුදාව ගටිකාල නිකමි ඉන්න ඔනේද (දී)
මේ ආණ්ඩුව කරන්නේ ඒ කාලේ යුඑන්පී කරපු මර්ධනයම තමයි. මේවා වැඩි කල් යන්නේ නෑ . (අ)
පිරිසිදු පානීය ජලය ලබා දීමට රුපියල් මිලියන 20.000 ක් උගන්ඩාවට අත දිග හැර පරිත්‍යාග කර අපේ රටේ ජනයා දිය පොදක් ඉල්ලු විට අත දිග හැර පොලු පහර දී මරා දැමීම නිහීන ක්‍රියාවකි (ස)
මුළු ගමේම පී.එච්. අගය මැනගැනීමට පස් සහ ජල සාම්පල් නිලදාරීන් විසින් රැගෙන ගොස් ඇත .ප්‍රතිපල මගින් මේ නැතිවුන ජිවිතයේ වගකීම කර්මාන්ත ශාලාවද මේ සදහා උද්ඝෝෂණය කළ පිරිස් ද කියා දැනගැනීමට හැකිවේවි. (නි)
මෙයට ජේ.වී.පී. කතාවක් ගාවන්න එපා. (නි)
හොද අවම බලය... අපරාදේ අහිංසකයන් දෙදෙනෙකුගේ ජිවිත.. (නි)
හමුදාවේ අවම බලයද මේ? (නි)
එත කොට යකෝ Night Race වලට කොටුවේ පාරවල් වෙහුවමත් ගහන්න එපයි. (ස)
දීපාල්ට පිස්සුද ? මිනිස්සුන්ගේ ප්‍රධානතම අවශ්‍යතාවයක් ජලය.ඒකට උද්ගෝෂණය කරද්දී ජවිපෙ අල්ලාගෙන කෑගහන්නේ වලිගෙ පෑගිලා වගෙයි.ඒකෙන් තේරෙන්නේ ජවිපෙ යම්දෙයක් කළොත් සාර්ථකයි කියලද? (නි)
සරත් ෆොන්සේකා හිටියා නම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ. (නි)
පුරුවේ වාසනාවකට මම ලංකාවෙන් පිටවී යුරෝපයේ ජිවත් වෙමි. මගේ නිහදස ගැන බලනා විට ලංකාවේ ජනතාව ගැන දුක්වෙමි. (නි)
බන්දුල බොන්නේ පිරිසිදු ජලය නොව "පුන්නක්කු' බවයි ඔහුගේ කතාවෙන් තේරුම් යන්නේ. (නි)
ඉස්සෙල්ලාම බන්දුල පෙරේරාට දෙන්න ඒ වතුර ටිකක් (දී)
මිනිස්සු කියලා කියලා ඉවසලා බැරිම තැන තමා ඔය පාරට බැහැලා තියෙන්නේ. ඔය කම්හල දාපු දා ඉදලලු මිනිසුන්ට ලෙඩ. හමුදාවට අණ ලැබුනම වෙඩි තියලා හරි තත්වය පාලනය කරන්න කියලා හමුදාව ඒක කරනවා. හමුදාවට බැනලා වැඩක් නැහැ. (නි)
රජින්ද, සහතික ඇත්ත. බන්දුල පෙරේරා කියන්නේ පිස්සෙක් ද කොහෙද (නි)
අපිටත් පුළුවන් ඔය විදිහටනම් ඉවත් කරන්න (දී)
අවම බලය යොදපු හැටි මෙහෙමද? (නි)
අවම බලය පාවිච්චි කරපුහැටි පේනවා.රටේ ආරෂක හමුදාව ඉන්නේ රට රකින්නද නැත්නම් නිරායුද මිනිසුන් මරදමන්නද? (ස)
මේ හැම එකක්ම යටින්ම ජරාජීර්ණ දේශපාලනය හොදහැටි කුරුවල් වෙලා තිබෙනවා. (නි)
චණ්ඩි වෙන්න යන අයට මොකද අන්තිමට වුණේ? (නි)
අපුරුවට ඉවත් කරලා තියෙනවා (දී)
චන්දා, එච්චරටම ලක්මානිට ආදරේනම් ඔයත් රතු පස්වල ගෙයක් හදාගෙන ඉන්නකෝ. මොකද ඔහෙට වෙලා "ලොකු කතා කියා කියා ඉන්නේ"
පාරවල් වහලා උද්ඝෝෂණ කරන අයට හොද පාඩම් (නි)
අපිට බොන්න වතුර දෙනු! (නි)
දැන් හැමෝම ප්‍රධාන පාරවල් වහනවා. මේකට අවම බලයවත් පාවිච්චි කරන්න ඕනෑ.මොකද මම රට ඉන්න කෙනෙක්. ගියපාර මම ලංකාවට එනකොට පාරවල් වහලා. මට ෆ්ලයිට් එක ගන්න බැරිවුණා.දවස් 2 කට පස්සේ එනකොට ජොබ් 1 නැතිවෙලා.හරිම අසාදාරණයි. (නි)
වතුර නැත්නම් වයින් බොන්න කියලා කියාවි! (නි)
ඔයාලගේ නියම අවම බලයනේ . එක තමයි මිනිස්සු මැරෙන්නේ .? (දී)
බන්දුල සහ වසන්ත මහත්වරුනි, කොළඹ පිටකොටුවේ සහ නුවර සිට හැම නගරෙටම යන පාරවල් වැහුවේ පුහුණුවීම් සදහා හැන්දෑවේ 3 සිටයි (නි)
කුපිත වූ මිනිසුන් තවත් කුපිත කරවන, ලේ කෝප කරන කතා කියන බන්දුල නැමැත්තාට ප්‍රතිචාර දැමීමෙන් වැළකිලා ඉන්නම නොහැකිද? (නි)
අවම බලය යොදා මෙහෙම නම්, අනෙක් හරිය ගැන හිතාගන්න පුළුවන්. (නි)
සියල්ලන්ටම එරෙහිව විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ (නි)
පොලීසියට බැරි වුණාද අවම බලය යොදලා මේ මිනිසුන්ට වතුර සපයන්න කියලා හමුදාවෙන් ඉල්ලන්න? (නි)
බන්දුල සහ වසන්ත මහත්වරුනි, කාර් රේස් යන්න වගේ කාර්යයන් වලට පාර වැසූ විටත් අවම බලය පාවිච්චි කළාද වහපු පාරවල් අරින්න. (නි)
අවම බලය පාවිච්චි කරලා වෙන්න ඇති නිරායුද මිනිස්සුන්ට බොකු එලියට එන්න වෙඩි තියල තියෙන්නේ ..?????????????????????/ (දී)
ඉතාලියේ අශ්වයින්ට නම් සමහර මිනිසුන්ගේ නම් දානවා. එහෙත් මම අද තමා දැනගත්තේ බන්දුල පෙරේරා, ටෙනිසන් , චන්ද්‍රා , වගේ නම් ලංකාවේ සතුන්ටත් දාන වග. (නි)
හමුදාව යැපෙන්නේත් මහජනතාවගෙන් අය කරගන්නා බදු වලින්.ආණ්ඩු පත්වන්නේ මජනතාවගේ ඡන්දයෙන්. මිනිසුන්ගේ ජලයට වස මුසු කරන සමාගම් වලට විරුද්ධව හඬ නැගීමට ඔවුන්ට අයිතියක් නැද්ද?මේ අනුව මහජනයා විසින්ම පත් කරනු ලැබූ ආණ්ඩුවත් හමුදාවත් මහජනයා ආරක්ෂා කිරීම පසෙක ලා සාධාරණ ඉල්ලීමක් කරන මිනිසුන්ට මෙලෙස සැළකීම ඛේදවාචකයකි. (නි)
58 වෙනි සේනාංකය ඉස්සර කරපු ජයග්‍රහණ වල කුසලානය ලබාගන්න දෙසපලකයෝ සහ හමුදා නිලධාරීන් පොර කෑවා, මේ පාර කාටද කුසලානය ?
මොනවා උනත් හොඳ වෙඩක්. ඉල්ලීම් ඉල්ලන්න විදියක් තියනවා මිනිස්සුන්ට කරදක්ර නොවෙන විදිහට (දී)
වගකිවයුතු නිලදාරියෙක් වශයෙන් ඔබ අදහස් දක්වන්නනම් "අවම බලය"යනු නිරායුද මිනිසුන්ට වෙඩි තැබීමද? (දී)
මේ සිදුවීම ඉතාම කණගාටුදායකයි. ඉතාම අසාධාරණයි. අද ලංකාව සමහර ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන රටවල තත්වයට පත්වෙලා. හමුදාවෙන් ප්‍රශ්න විසඳන තත්වයට පත්වෙලා. කෝ දැන් අර 'මම ඉන්නේ ඔයගොල්ලත් එක්ක' කියපු දේශපාලකයෝ. ජනතා විමුක්ති පෙරමුණට බනින එක මේ සිදු වෙච්ච දෙයට විසඳුමක් නොවෙයි. (දී)
යුධ කලේ හමුධාවට සෙත් පත බෝධි පුජ තියපු මිනිස්සුන්ට අවම බලය පාවිචි කර වෙඩි තබා මරිය යුතුයි , අපේ පොලිස් නිලධාරීන් 600 පෙලට තබා මරපු , දලධ මාලිගාවට බෝම්බ ගහපු මිනිස්සුන්ට සැලියුට් ගස පිළිගමු , එක්කෝ මගේ ඔලුව අවුල් වී ඇත එහෙම නැත්නම් මේ අයට චන්දය දෙන හැමෝගෙම ඔලුව අවුල් වී ඇත (දී)
රණ විරුවනි, කොටි පැරදු ඔබට අපි ගරු කරමු. නමුත් අහිංසක මිනිසුන් මැරීම හෙළා දකිමි. රණ විරුවනි දේශපාලනය කිරීම පොලිසියට බාර දී ඔබේ ගව්රවය ආරක්ෂා කර ගන්න. (දී)
ජනමාධ්‍ය එලවා දමා අවම බලය යෙදුවේ මෙහෙම නම් උපරිමය යෙදුවොත් කොහොමද?අවම බලය යෙදුවා නම් මාධ්‍ය වලට තර්ජනය කළේ ඇයි?සත්‍යය කොච්චර කල් යටපත් වී තියේවිද?දුකට පත් මිනිසුන්ගේ අදහස්වලට ඉඩදෙන ලංකාදීපය ඔබට තුති! (නි)
ඔබලාට ඉස්තුති කරනවා මේ පාරවල් හරස් කරලා සාමකාමී ජන ජීවිතය පීඩාවට පත් කරවන රැල්ල නතර කරන්න කටුතු කරපු එක පිලිබදව... (දී)
හමුදා සොල්දාදුවනි, ඔබලා බිම්බෝම්බ වලින් , තුවක්කු පහරෙන් , බිම වැටෙද්දී බෝදි පුජා තබමින් ලේ දන්දෙමින් ඔබලාට ආදරේ කළේ මේ අහිංසක මිනිසුන් බව අමතකද? මේ අහිංසකයන් පාරට බැස්සේ පැජරෝවත් , මහා මාලිගා , ඉල්ලලාවත් නෙමෙයි. පිපාසයට බොන වතුර ටික වෙනුවෙන් (නි)
ජනතාව ඉල්ලුවේ වතුර බව අමතක කරන්න එපා (දී)
හෙට ගිහිල්ලා මැරුණු එකාගේ අසරණ පව්ලම මරල දාන්න ......නැතනම් අය ජිවිත කළේම ඉල්ලන හෙන නුබලගේ දරුවන්ටත් වදිනවා.... එය එසේම වේවා !(දී)
අවම බලය = එක මරණයක් (දී)
වැඩේ නම් හරිම අසාධාරනයි. පවු අහිංසක මිනිස්සු. මේවා හරි කියන අය ගැනත් පුදුමයි (නි)
වැඩේ නම් හරිම කැතයි. නිරායුධ මිනිසුන්ට කොහොමද තුවක්කු එල්ල කළේ? (නි)
මහත්තයාගේ වීර ක්‍රියාවට ප්‍රමෝෂන් ලැබෙයි. මිනිස්සු පාරට බෙස්සේ ප්‍රසන විසදුනේ නෙති නිසා. බලමු නැවත බහින්නේ නැද්ද කියල. මිනිස්සු මැරෙන්න බය නැහැ අසාධාරණය වෙනුවෙන් (ස)
බන්දුල පෙරේරා ,මේ මිනිස්සු දේශද්‍රෝහියෝ නෙමෙයි. මිනිස්සු මොන අමාරුකම් මැද හරි තමන්ගේ යුතුකම ඉටුකළා.ඒවාට ලැබෙන ප්‍රතිඋපකාර මේවාද? මේවා නිසා ජාත්‍යන්තරයට යන්නේ කුමන පණිවිඩයක්ද? (නි)
අවම බලය යොදවා වෙඩි තැබිම කොපමණ සාධාරණ වැඩක්ද? (නි)
රජින්ද්‍ර, පාර තියෙන්නේ ගිලන් රථ වලටයි පාසල් සිසුන්ටයි යන්න විතරමද?අනෙක් මිනිස්සු යන්නේ උඩින්ද?? එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් අයට අදාළ නැද්ද?? (නි)
අවම බලය කියන්නේ වෙඩි තියන එකද ,කොයි නීති පොතේද ඔහොම තියෙන්නේ,මරාපල්ලා සේරම මිනිස්සු ටික ,එතකොට ඉන්න පුළුවන්නේ යහතින්, (දී)
පළවන ලෝකේයේ රට වල ඔහොම නොවන්නේ ඇයි කියලා දන්නවද? එයාලා කවදාවත් පක්ෂෙට පාටට ඡන්දෙ දෙන්නේ නැති නිසා (නි)
මීගමුවේ ධීවරයෙක්ව මැරුනා, කටුනයකේ තව කොල්ලෙක් මැරුනා, දැන් ගම්පහ මිනිහෙක්ව මැරුනා... නියමයි. එක් කෙනෙක් අහස් යානාවේ දොර ඇරගෙන එලියට පනින්න හැදුවා, තව කෙනෙක් තංගල්ලේ විදේශ යුවලක් දුෂණය කරල මරල දැම්මා , තව අය මහ මග මිනිසුන් හප්පාගෙන යනවා.... මොනවද මේ වෙන්නේ? (නි)
ජිනීවා වලට ඔය විදියට කරුණු දීල අන්තිමට දෙපාර්ශවය ගැන කතා කිරීම ලොකුම අසාර්ථක වීමක්
නැවත වතාවක් පාර අවහිර කළොත් හමුදාව මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
පාරවල් වහන අයට හොද පාඩම. දිගටම ඔහොම කළා නම් හැබැයි ආයෙත් පාරට බහින්නේ නැතිවෙයි. (නි)
සෞඛ්‍ය සේවකයෝ ලෙඩුන්ව ප්‍රාණ ඇපයට ගත්තාම අපි සෞඛ්‍ය සේවකයන්ට බනිනවා. බස්කාරයෝ මගීන්ව ප්‍රාණ ඇපයට ගත්තාම අපි බස්කාරයන්ට බනිනවා. දුම්රිය රියදුරෝ දුම්රිය මගීන්ව රස්තියාදු කරනකොට අපි දුම්රිය රියදුරන්ට බනිනවා. හැබැයි, මේ මිනිස්සු නුවරපාර වහලා ඒකෙන් යන සියලුම දෙනා රස්තියාදු කරවනකොට, අපි පාර ඉඩ ගන්න කටයුතු කරන අයට බනිනවා. ප්‍රශ්නයක් ඇති බව සියලු දෙනාම දන්නවා. ගෝඨාභය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුනේ ඒක විසදන්නනේ. වෙනත් ජල පරීක්ෂණ ආදිය කරන්නෙත් ඒකටනේ. නමුත් මේකට නායකත්වය දුන් අය විසින් මොවුන් ආවේගශීලී භාවයට පෙළඹවීම නිසා අන්තිමට වටිනා ජීවිතයක් නැතිවුනා. දැන් වැඩිදෙනෙකුට ප්‍රධාන ප්‍රශ්නය අමතකයි. දැන් කරන්නේ ඒ නැතිවුන තරුණය වෙන්දේසි කරන්න හදන එක බවයි පෙනෙන්නේ. (නි)
බන්දුල මහත්තයෝ මේ මිනිස්සු අද උදේ බීපු වතුර හොද නැතුව නෙමේ මේ පාරට බැහැල තියෙන්නේ. කියල කියල බැරි තැන. ඒක නොතේරෙන ඔලුවක්නැති කොම්පියුටරයක් විතරක් ඇති අය ඉන්නකම් මේ රට මෙහෙමම තමා. (අ)
ආණ්ඩුවේ බල කණුවක් වන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරාට අයත් විනිග්‍රොස් කර්මාන්ත ශාලාව දීර්ඝ කාලයක් තිස්සේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා ප්‍රදේශයේ ගම් 10 ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන ජල මූලාශ්‍ර විෂ වී ජනතාව විනාශයට ඇද වැටී ඇත. (දී)
සරත් හෙට්ටිඅරච්ච් (පැරිස්) ගේ කවිය ට 100% - හරියට හරි .(නදී)
එන්න එන්නම ප්‍රශ්න වැඩිවෙයි. අන්දරේට (බ.පේ. ට) වැඩත් වැඩිවෙයි ඒ හින්දාම තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට අන්දරේලා ගොඩක් වෙච්චි එයා වටේට // එන්න එන්න ප්‍රශ්න වැඩී එන්ට එන්ට ඔළුව බරයි ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත් අන්දරේලා ගොඩක් වෙච්චි එයා වටේට// (ස)
ජීවත් වීමට වතුර ඉල්ලා මේ මිනිසුන් කළ උද්ගෝෂණයට හැම පක්ෂයකම දේශපාලකයින් ඇතුළු බලදාරින් නිශ්ශබ්දව සිටීම නිසි මෙම තත්වය උදා වුණේ. මේ දුප්පත් මිනිසුන්ට හෝ අපිට ප්‍රවෘත්ති නිවේදන වගන්ති අවශ්‍යය නැහැ,මිනිසුන් වශයෙන් ජීවත් වීමටයි අවශ්‍ය. (නි)
මොකද්ද මිනිහෝ අවම බලය කියන්නේ. මිනිහකුත් මරල තවත් අයට බර පතල තුවාල කරලා. නුබලට පන පිටින් වැලලෙන්න සිද්ද වෙනවා. පාපතාරයෝ (දී)
යුද හමුදා මිතුරනේ,අපිට අපි ගැනම දුකයි. ඔබලා වැනි පිරිස් වෙනුවෙන්ද අපි එදා බෝධි පූජා තැබුවේ? ලේ දන් දීම් කළේ? වැටුපෙන් කොටසක් ඔබගේ සුබසාදනය වෙනුවෙන් වියදම් කළේ? අපිටම අපි ගැන ලැජ්ජයි. (නි)
අනේ එතකොට දැන් මේ ඔබලා කියන්නේ ඔහොම සාකච්චාවක් ඇති බව කිසියම් ඇමතියෙක් මේ ජනතාවට දැන්වුවද? ඔබලා මනෝ විකාරෙන් කියවන දේවල් පදනමක් ඇති දේවල්ද? දැන්නම් තිත්තයි මේ වැඩපිළිවෙල. මහජන නැගිටීමක් අතලග කියලයි මට හිතෙන්නේ. නිධන් හාරන්න තියෙන හමුදා අරක්ෂවමද සාමාන්‍ය ජනතාවත් ආරක්ෂා කරන්න ඉන්නේ? දැන් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිරවන්නේ ඉහත ඉන්න අදහස් දක්වල තියෙන බන්දුල පෙරේරා වගේ දෙකයි පනහේ දේශප්‍රේමින්ටම පමණි. (දී)
දීපාල්, ජනතා විමුක්ති පෙරමුණට අහිංසක මිනිසුන්ව ඔය විදිහට පාරට බස්සවන්න පුළුවන්කමක් තිබුණා නම් මෙලහකට ඒ පක්ෂය බලයට ඇවිල්ලා ඉවරයි .(ස)
කැලේ නීතියේ අවම බලය කියන්නේ වෙඩි තියල මරල දන එකද? (දී)
ඔය තුවක්කු අනිත් පැත්තට හැරෙන දවසකුත් එන්න පුළුවන්! (නි)
බන්දුල යනු කකුල් දෙකේ සත්වයෙකි (දී)
උද්ඝෝෂකයින් පාරවල් හරස් කිරීම හෝ රජයේ දේපල විනාශ කිරීම අනුමත කරන්න බැහැ. ජලය විෂ වීමට හේතුව කර්මාන්ත ශාලාව වෙන්නට හෝ නොවෙන්නට පුළුවන්, සාධාරණ පරීක්‍ෂණයක් කල යුතුයි නමුත් නීතිය හා සාධාරණත්වය ගැන විශ්වාසය ජනතාව තුලින් දුරස් වීම තුල මෙවැනි ගැටළු ඉදිරියටත් පැන නගිනු ඇත. අවම බලය යනු මරණ බලයද නොවිය යුතුයි. (දී)
දැන් මෙතන ප්‍රස්තුත සිද්ධිය , රටේ වැදගත්ම වැඩිපුරම පාවිච්චිවෙන මාර්ගය වන නුවර පාර අවහිරකිරීමෙන් දහස් ගණනක් මහජනතාවට වන අපහසුව වලක්වන්න හමුදාව ක්‍රියාකිරීම නේද?. වතුර ප්‍රශ්නය වැදගත් වූ නිසාම රටේ දහස් ගණනක් දෙනා පීඩාවට පත්කිරීම හරියි කියලද කියන්නේ? එහෙනම් බස්කාරයොත් හරි, මහජනතාව බිල්ලට ගන්න අනික් සියලුම අයත් හරි වෙන්න ඕන නේද? පොලිසියට වලක්වන්න බැරි තරමට ප්‍රචණ්ඩත්වය වැඩිවෙනකොට හමුදාව කැඳවීම ඕනෑම රජයක් කරන දේ නෙමෙයිද? එසැණ මීට අදාලව පළකරපු අනික් පුවත් බලන්න. ඒවායේ තියෙන්නේ "හමුදාව සමග මේ මියගිය තරුණයා ගැටුමක් ඇතිකරගත් බවක්. ගැමියන් හමුදාවට ගල්මුල් වලින් පහරදුන් බවක්. ඕඅයිසී ටත් තුවාල වූ බවක්. මේ වගේ ප්‍රචණ්ඩව හැසිරෙනකොට හමුදාව නිකම් බලාගෙන ඉදී කියල හිතනවද? අනික මේ වෙලාවේ ප්‍රශ්නය විසඳන්න ඉහල මට්ටමේ අය රැස්වෙලා හිටියේ, නේද? මේ සියල්ල දැනගෙන මේ වගේ ප්‍රචණ්ඩ වෙන්න අහිංසක ගැමියන් උසි ගැන්වූ අය අර අහිංසකයාගේ මරණයේ වගකීමත් බාරගතයුතුයි. වතුර ප්‍රශ්නය අංක එක බව ඇත්ත. එකක් කඩතොළු මකන්න ගිහින් තවත් කඩතොළු ඇතිකිරීම විසඳුම නොවෙයි. (අ)
මේවාට නිසි බලධාරියෙක් ඉදිරිපත් උනේ නැත්තේ මොකද
මීට කලින් හලාවත ධීවර උද්ඝෝෂණයෙදිත් අහිංසකයෙක් මැරුණා,,, අවම බලේ තමා රබර් උණ්ඩ කියලා ඇත්ත උණ්ඩ වලින් තියන එක.. පව් අසරණ මිනිස්සු. අන්තිමට උද්ඝෝෂණ කරපු අයත් නෑ...වෙඩි තිබ්බ අයත් නෑ.. මැරිච්ච මිනිහගෙ පවුල තමයි අසරණ වෙන්නෙ. (දී)
බන්දුල මහත්තයෝ... ඊයේ වැලිවේරියේ. අද ? හෙට ? සමහරවිට ඒ තුවක්කුව දික් වෙන්නේ ඔබට විය හැකියි. අන්න එදාට ඔබ වෙනුවෙන් අනේ අපොයි කියන්නවත් කිසිවෙක් නැතිවෙයි. පාලකයන් පොදු ජනතාවට එරෙහි වනවිට ජනතාව සිටිය යුත්තේ ජනතාවගේ පැත්තේ මිස ඒ ජනතාව පෙළන පාලකයන්ගේ පැත්තේ නොවේ.
මට හිතෙන්නේ බන්දුල පෙරේරා කියන්නේ පරණ විශ්‍රාම ගිය හමුදාවේ කෙනෙක්ද කොහෙද? ඒකනේ හමුදාවෙන් කරපු මර්දනය අගය කරන්නේ. බන්දුල මහත්තයෝ, කලින් බලන්න මේ උද්ගෝෂණය සාදාරණද අසාදාරණද කියලා. ඒ වගේම ඒ මිනිස්සු හිටියේ නිරායුධව.අනික යුද්දේ දවස් වල මම ඇතුළුව අපි හැමෝම හමුදාවට බෝධි පුජා පැවැත්වුවා. රණවිරුවන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා. එහෙම කරපු අයද අද මෙහෙම හැසිරෙන්නේ (නි)
හෙට ගිහිල්ලා මැරුණු එකාගේ අසරණ පව්ලම මරල දාන්න ......නැතම්ඒ අය ජිවිත කළෙම ඉල්ලන හෙන නුබලගේ දරුවන්ටත් වදිනවා.... එය එසේම වේවා !(දී)
යුධ හමුදාවේ අයට රුධිරය පරිත්‍යාග කළේ මේ ජනතාවයි. එම ජනතාව මත බලය යෙදවීම අකුසලයකි (නි)
උදේ වන විට රෝහල් ගත කල සන්කයව 15 වෙලා.
උදේ වන විට රෝහල් ගත කල සන්කයව 15 වෙලා.
උදේ වන විට රෝහල් ගත කල සංක්‍යාව 15 වෙලා.
ප්‍රශ්නයකට පිළිතුරු සොයන්නේ තවත් දහස් ගණනක් ප්‍රසන වලට මැදිකරලද?.දවසේ සේවය අවසන් කරලා තම ආදරණීය බිරිදව ,දරුවන්ව ,නැතිනම් දෙමාපියන්ව බලන්නයන මිනිහට මග හරස් කරලා සොයන විසදුම මොකක්ද? කිරි සප්පයෝ වෙලාව බලන්න දන්නේ නැති උනාට තමන්ට ආදරය කරන කෙනා එනවෙලාව හොදට දන්නවා. ඔය මග හරස් කරලා තලන්නේ ඒ කිරිසප්පයන්ගේ සිත් බව වැටහෙන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම බලය පවිච්චි කල යුතුයි (දී)
අවම බලය ඉස්සර පාවිච්චිකලෙ දණිස්සෙන් පහලට ..දැන් පාවිච්චි කරන්නෙ බඩටද ? (දී)
මහජනයා මෝඩයන් වගේ හැම කෙනාගේම බොරු පොරොන්දු අහගෙන මැතිවරණයේදී කතිරේ ගහනවා.මේ වගේ අවස්ථාවක තේරුම් ගන්න පුළුවන් ජනතා හිතවාදී සබැ නායකයන් කවුද කියලා.අවම බලය යොදපු හැටි දැක්කා ප්‍රවෘත්ති වලින් (නි)
මිනිස්සු විශ්වාස කරන පොලිසියක් හමුදාවක් නැති වුණහම, මිනිස්සු විශ්වාස කරන අධිකරණයක් නැති වුණහම, මිනිසුන්ගේ හැබෑ ප්‍රශ්න විසදන්න දේශපාලකයෝ නැති වුණහම, යුක්තිය ඉටුකරගන්න ස්වාධීන ආයතන නැති වුණහම, පවතින ජීවත්වීමේ අමාරුකම් නිසා මානසික පීඩනය වැඩි වුණහම, ජනතාව මෙහෙම කරන එක පුදුමයක් නොවෙයි. හමුදාවලට පහර දෙමින් සීමාව ඉක්මවා ආවේගශීලීව කටයුතුකරන විට බහුතර ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කිරීම ගැන හමුදාවට දොස් කියන්න බැහැ. ජනතාවට තවම තේරුනේ නැහැ තමන්ම ඉල්ලගෙන කන බව. සුභ අනාගතයක් ! (නි)
බන්දුල පෙරේරා... මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ස්ථිර විසඳුමක් දෙන්න බැරි ආණ්ඩුවකට කඩේ යනවා.
බන්දුල කියන්නේ පාට කණ්ණාඩියකින් බලන වන්දි භට්ටයෙක් බව හොඳින් පෙනෙනවා.ගෙදර සිට අදහහස් දාන්නේ නැතුව රතුපස්වල පැත්තේ පැමිණ කණ්ණාඩිය ගලවලා බැලුවා නම් ඔබ කියපුවාට ඔබටම ලැජ්ජා හිතෙයි. (නි)
සිල්වාගේ කටේ රත්‍රන් දාන්න වටිනවා කියපු දෙයට. රටක ජනතාව වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය! (නි)
මහජන ප්‍රශ්න වලදී ඇස් කන් පියා සිටින මෙවන් අයෙක් (දී)
බන්දුල පෙරේරාට හෝ කාටවත් මම කඩේ යනවා නෙවෙයි, ඔහු කියන එක දෙයක් මාත් එකගයි, මේක එක්තරා උප්පර වැට්ටියක් ජල ප්‍රශ්නය දඩමීමා කරගෙන . නුවර පාර බදු ගත්තේ එකයි. මේ අදහස කිහිප විටක් වෙනම දැම්මා. (අ)
කරුණා කරලා මිනිස්සු කලබල වෙන්න එපා. (නි)