ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩල දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝර්ක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති නිලූක කදුරුගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි බැවින් මෙම උත්සවයේ සභාපතිත්වයද ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් තානාපතිවරයාට හිමිවිය.
මෝල්ටෝවා රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තානාපති ක්‍රිස්ටෝපර් ග්‍රයිමා හා එක්සත් රාජධානියේ තානාපති ශ්‍රීමත් මාක් ලයල් ග්‍රන්ට් ද එයට එක්වූහ. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටවල තානාපතිවරුන් සහ තානාපති සේවයේ සේවක සේවිකාවන්ද ඊට එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කරපිටින් අනිත් අය රජ වෙනවා කියන්නේ ඕක තමයි (බ)
විජයබාහු නොදන්නා දේවල් නොකියා හිටියොත් මොකද (දිල්)
යම් සංවිධානයක තනතුරක් ලැබෙන්නේ අදාළ රටට. ඒ අවස්ථාවේ රටේ නායකයා කවුද එයා තමයි එම තනතුර දරන්නේ. කිසියම් කාලසටහනක් අනුව හැම සාමාජික රටකටම සභාපතිත්වය ලැබෙනවා. (නි)
පොදු රද මඩුලු දිනය සමරන්නට මේ වෙලාවේ ඇමරිකාව වාගේ රටක මෙපමණ වියදම් කළ එක හරිද? (නි)
පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිය. මෙය ශ්‍රී ලංකාවට ලැබුන තනතුරක් විනා රාජ්‍ය නායකයාට ලැබුන තනතුරක් නොවේ. නම විජයබාහු වුවත් පුද්ගලයා වෙනස් වෙන්නේ නැත. (නි)