(අංජුලමහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපෘතිය සඳහා චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6 ක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් දෛනික පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසිය.
එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව ලබන පාර්ලිමේන්තු සතියේදීම මෙම විවාදය ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මේ පිළිබඳව කන්දේ ලන්දේ කතා කරනවාට වඩා පාර්ලිමේන්තුවේ කතා කිරීම සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ මතය බවද කීය.
කඩපිල් ගානේ ගොස් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට තම නිර්දෝෂි බව ඔප්පු කර ගැනීමේ හැකියා තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
නායකයින් ප්‍රශ්නවලට උත්තර දිය යුත්තේ රාජ තාන්ත්‍රික අයුරින් මිස හන්දි ගානේ ගොස් බෙල්ල කපා ගන්නවා යනුවෙන් පැවසීමෙන් නොවන බවද මන්ත්‍රීවරයා කිය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡයාරූපය - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසයි. වාද විවාද කර කර හිටියම හරියයි. දියවන්නාවේ ඉන්න අයට ඇරෙන්න රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. උද්ඝෝෂණ හැමදාම, බදු බර අහසට උඩින්, ආර්ථිකේ අසුචි මහා නරකාදියට ගිහින්, රටේම තියන සම්පත් විකුණගෙන එදා වේල හොයා ගන්න ආණ්ඩුව, ඉතුරු වෙලා තියන දවස් ටිකට වත් රටට ඵලදායි වැඩක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ... මොනවා කරත් ඊළඟ මැතිවරණයෙන් දැන් පාලනේ ඉන්න සියලු සත්වයින්ට අබසරණයි කියලා හිතේ තියාගත්තොත් හොඳයි..
අනේ මෙයාලට වැඩක් නැතිවට හොරු අල්ලන්න කලින් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හොයපල්ලා. රටේ තිබෙන මූලික ගැටළු දන්නේ නැතිද? 225ට නඩත්තු මුදල්වලට හරියන්න වැඩක් කරන්න දන්නේ නැති මොට්ට රැල එනසැරේ පන්නනවා.
එක ඇත්ත. මේ අයට ගහන්න මඩු වලිගෙ හොද වැඩි. බුදු සරණයි මගේ රටට.
කවුරු මහජන දේපළ හොරකම් කලත් ඒ සදහා ජාති ජාතිත් වන්දි ගෙවනවා ගෙවනවාමයි. එසේ හොරකම් කලේ කෑවේ නිල්ද, රතුද එසේත් නැත්නම් කොළද අදාළ නැත.
අනේ මල්ලියේ ... අම්මපා කොහෙන්ද ඔය කතා කරන්නේ හැබෑවටම... මලයනම් හැබෑම හැබෑ දක්ෂයෙක්. මොකද වසුරු පිටකරන පැත්තෙන් කතා කරන එකත් ලෙහෙසි පහසු නැහැ.
ඩොලර් මිලියන 7.5 කියන්නේ සුළුපටු ගාණක් නොවේ අනිවාර්යෙන්ම මේ ගැන හොයා බැලීය යුතුයි. මහා බැංකු හොරකම ගැන විවාද කළා සේම මේ ගැනත් විවාද කර රටට ඇත්ත හෙළිකළ යුතුයි. සමහරුන්ට නම් මේ විවාදය ඉල්ලන විටම පුදුම ආමාරුවක් හා වේදනාවක් පහල වෙලා තියනවා. හැබැයි ඒ වහල් මානසිකත්වය මේ රටේ බහුතරයට නැති බව ඔවුන් අවබෝධ කරගත යුතුය.
2015 ඒවා සොයන්න කලින් 2010 දී රනිල් වෙනුවෙන් ආපු ඩොලර් කන්දරාව ගැන සොයන්න වුවමනාවක් නැතිද? ඒවා ලැබුණු බවට සාක්ෂි පමණක් නෙමෙයි ඒ මුදල් වලින් කොටසක් බැංකු සේප්පු වල තිබිලා සොයාගත්තා. තව කොටසක් තවම අධිකරණය බාරයේ තියෙනවා. එ්ක නිදහස්කරලා දෙන්න හිටපු අධිකරණ ඇමති, ඒ මුදල් ලැබුණු විදිය ඔප්පු කරන්න කියපු නිසා අදටත් අධිකරණය බාරයේ තියෙන්නේ. ඒ මුදල් නම් රටට එව්වේ රට බෙදා කොටියට දෙන්න පරමාර්ථයෙන්....
මේ මන්ත්‍රීතුමාගේ කටහඬ හොඳටම ගැලපෙන්නේ පේමන්ට් එකේ තෙල් බෙහෙත් විකුනන්න.
සද්ද නැතිව ඉමු. මේ එක්කෙනෙක්වත් ආයෙත් පාර්ලිමන්තු යවන්නේ නැතිව ඉමු...