සුජිත් හේවාජුලිගේ
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක මුදලක් අයථා ලෙස ගන්නා ලදැයි චෝදනා කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව දිනක විවාදයක් 19 වැනිදා පැවැත්වේ.
විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.විවාදය සභාව කල් තබන විවාදයක් ලෙස මෙදින දවස පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාද කිරිමෙන් පමණක් පලක් නැහැ මේ ගැන සොයන්න කොමිසම් සභාවක් පත් කල යුතුයි. මෙහිදී සොයා බැලිය යුත්තේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළ වු ආකාරයට මෙවැනී මුදලක් දුන්නාද දුන්නා නම් ඒ කුමන පදනමක් යටතේද හා එම මුදල් වලට සිදු වු දේ කුමක්ද යන්නය හා එවැනී දුෂිත ගනුදෙණුවක් සිදුවුයේ නම් එයට වග කිවයුත්තන් කවුරුද යන්න සොයා බලා ඔවුන්ට විරුද්ධව නිත්‍යානූකූලව කටයුතු කල යුතුයි.
දැන් එතකොට ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා පැහැදිලි ප්රකාශකයක් කලා නේද එදා පැවති පාලනය වෙනස් කරන්න අති විශාල මුදලක් වෙන් කල බවක්. ඒකටත් විවාදයක් ඉල්ලමුද? රතු අලි පැටියා ඕකනම් මග අරිනවා.
මේ දෙන්න ඒක නම් කරන්නෙ නැහැ
සත්‍යපාල මහත්තයා කියන්න විවාදයත් කෙරෙයි...... කොමිසමත් පත්කරයි, සොයා බැලීමත් හරියට සිද්ධවෙයි..... අවසානයේ කොමිසම් වාර්තාව කාගේ හරි සාක්කුවට බැහැ...... වැඩේ එතනින් නවතී
මොනවද ඉතින් එක්කෙනෙක් කියයි හොරකම් කළා කියලා හොරුන් කියයි අපි සත පහක් හොරාකාල නැහැ පුලුවන්නම් ඔප්පු කරන්න මම හෙට දේශපාලනයෙන් අයින් වෙනවා කියලා . පසුව දෙගොල්ලොම පිනට ලැබෙන බත් එක කාල ජනතාවගේ බදු වලින් ගෙවන බෙන්ස් රථවලින් ඉගිල්ලිලා මාලිගා වලට යාවි.
හැම දේකටම විවාද පමණයි.
මේ ගැන තව මොන විවාදද ? වහාම මෙයට ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි. බැඳුම්කරේට වහා කොමිසම් දාපු හා කෑමොර දුන් අය මේකට කොමිසම් දාන්න හදන්නෙවත්, කියන්නෙවත් නැහැ. මෙයටද වහා කොමිසමක් දමා රටට සත්‍ය හෙලිකල යුතුයි. කව්රු කලත් හොරකම හොරකමමයි. එයට පක්ෂ පාට නොබලා දඬුවම් කල යුතුයි. මේ හොරකම එලිවීමත් සමගම බොහෝ දෙනා කසාය බීපු ගොළුවන් සේ නිහඬයි.
විවාද මොකටද නිතිය ක්‍රියාත්මක නොකර - මේ ආණ්ඩුවට දුෂණය නැතිකරන්න කිසිම උවමනාවක් නැහැ මේගොල්ලන්ගේ දුෂණ විරෝධය නිකම්ම නිකම් බොරු සෝබනයක් විතරයි.
ප්‍රවෘත්තිය - ආන්දෝලනයට තුඩ දී පවතින ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක්, ඒ වුනාට නිව්යෝර්ක් ටයිම්ස් එකට දවසක විවාදයක්. මාර නීතියක් නේ, නිව්යෝර්ක් ටයිම්ස් එකට දවසක් නම් සිංගප්පූරු ගිවිසුමට දවස් දෙකක් වත් දෙන්න එපැයි.
ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩකට නැති විවාදයි, එක එකාට ඇගිල්ල දික්කර කර බැනගන්න එකයි කුණුහරප කිය කියා කෑගහන පිස්සන් කොටුවක් වෙලා .මහජනයාගේ මුදල් නේද මේ කාබාසිනියා කරන්නේ. කවදද ඔය ඉන්න පිස්සු මෝඩයින්ව අයින් වෙලා උගත් පිරිසක් ඔතෙන්ට එන්නේ.මේ කල්පේදී එයිද ?.
මේ කතාව පැරණි එකක්. මේ සම්බන්ධව සී අයි ඩී යට සොයන්න දුන්න කියා පළමුවරට පල උනේ 2015 ජුලි 22 දා ඩේලි නිව්ස් පුවත් පතේ. ඒ දැනට අවුරුදු 3 කට කලින්.
සත්‍යපාල කියන එක හරි. මහජනයාගේ මුදල් වියදම් කර කර පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න එපා. නිත්‍යානුකුලව දඩුවම් දී මුදල් ආපසු ලබාගන්න අපරාධ කරුවන්ගේ වත්කම් විකුණා හරි. පාර්ලිමේන්තුවේ කතා කරන්න කොච්චර දේවල් තියනවද. පිටරට ඉදන් මිනුස්සු සල්ලි හොයනවා නමුත් එ අයට යම්කිසි ආයෝජනයක් කරන්න දිරිමත්කරන්න රජයට උවමනාවක් නැත.
පරණ ඒවාම තමයි හොයන්න ඕනේ. මොකද ඒ කාලේ ඉඳලම කලේ යටගහපු එකනේ කරේ.