ලබන 1 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8-10 ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.
ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වාද රුපියල් 13ක ගාස්තුව රුපියල් 12 දක්වාද අඩුවේ.
මේ අනුව රුපියල් 51 ගාස්තුව රුපියල් 44 දක්වාද රුපියල් 101 රුපියල් 93 දක්වාද රුපියල් 201 රුපියල් 184 දක්වාද රුපියල් 301 රුපියල් 276 දක්වාද රුපියල් 400 රුපියල් 368 දක්වාද රුපියල් 501 රුපියල් 459 දක්වාද අඩුවන බව ජාතික ගමනාගමන කොමිසම කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවම ගාස්තුව සහ එයට උඩින් තියෙන ගාස්තුව යන දෙකම 10 තබන්න පුලුවන්නම් තමයි දෙගොල්ලටම සාධාරණ. අදාල වගකිව යුත්තන් දැනුම්වත් වේවා! (බ)
මේ ඔක්කොටම කලින් බස් එකක මනුස්සයෙකුට වාඩි වෙලා යන්න පුලුවන් විදියට සීට් එකක අවම පලලක් නීතියෙන් නියම කරන්න. ලංකාවෙ දුවන බස් වලින් වැඩි හරියක, විශේෂයෙන් ඉන්දියන් බස් වල අයිනෙම වාඩි වෙලා යන මනුස්සය යන්නෙ නිකන් පාපුවරුවේ එල්ලිලා යනව වගේ. ඇගෙන් භාගයක්වත් සීට් එකේ නෑ. මම ලංකාදීප පත්තරේ සේවය කරන මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලීමක් කරනව මේ පිලිබදව සොයා බලා මේ බස් වල උදේ හවස යන අපි වගේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නගන්න කියල. (නදී)
දැන් කොන්දොස්තරට එක රුපියලට රුපියල් දෙකක්ම තියෙනවා. (නි)
කොන්දොස්තරට නියමයි. ඉස්සර රුපියල දෙන්නේ නැහැ.දැන් එකට හරියන්න දෙකක්. (නි)
ගොඩක් හොඳයි, සැමට සුබ ආරංචියක් (නි)
ඉතුරු සල්ලි කොන්දොස්තරටනේ (නි)
යහ පාලනයට සුබ පැතුම් (දිල්)
කොන්දොස්තරට ජයවේවා රුපියල් දෙකකින්... (නි)
මෙම අඩුවීම ප්‍රමාණවත් නැත. අඩුම තරමමේ අවම බස් ගාස්තුව රුපියල් 2කින් වත් අඩුකල යුතුව තිබුනා. (ර)
මේ සත්‍යපාල, ලැබුණු දෙයින් සතුටු වන්න. (නි)