(සිරංගිකා ලොකුකරවිට)
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හාලිඇල පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරිය නැමති 30 හැවිරිදි වියේ පසු වූ වෛද්‍යවරයෙකි.
නිව්මෝනියා තත්ත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාමෙන් ඇති වූ කම්පන තත්වයෙන් ඔහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.
මියගිය වෛද්‍යවරයා එක්දරු පියෙකි. ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්‍ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබිණි. දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වල ද රැඳී සිට ඇති වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීම සඳහා බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ද ඥාතීන් පවසා ඇත.
ඉන් පසු රෝගී ව නිව්මෝනියා තත්වයට පත්වූ ඔහු පේරාදෙණිය රෝහලට ඇතුලත්කර ඇත. පසුව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එක්මෝ ප්‍රතිකාර සඳහා පසුගිය 11 වැනි දා කරාපිටිය රෝහලට මාරුකර එවා තිබිණි. අද (14) උදෑසන ඔහු මියගියේය.
මියගිය වෛද්‍යවරයාගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලදී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිව්මෝනියාවෙන් වෛද්‍යවරයා මරුට
Karl Thursday, 14 July 2022 08:08 PM
ඔබට නිවන් සුව....!
Karl Friday, 15 July 2022 08:40 AM
නිවන් සුව ලැබේවා!....