(රොමේෂ් මධුෂංක)
මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය පැවසීය.
යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් ධාවනය වෙමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති අතර පසුව එය යථා තත්වයයට පත්කරගැනීම සඳහා බස් රථයේ රියදුරු ඇතුලු සහයයකයින් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස පරික්ෂා කරමින් සිට ඇත.
මේ අතර යාපනය දෙස සිටම කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
ගැටීම සිදුවන අවස්ථාවේදී බස්රථයේ රියදුරු, ඇතුලු සහයකයින් මෙන්ම මගීන් කිහිපදෙනෙක් තුවාල ලැබීය.
බස් රථයේ රියදුරු සමගින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඊයේ (25) රාත්‍රීයේ ම මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී රියදුරු ඇතුලු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකර ලබයි.
අනතුරින් අවුරුදු 39ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ බස් රථයේ රියදුරු හා අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවතා තිබූ බසයේ හැපුණ ලොරිය නිසා තිදෙනකුට දිවි අහිමි වෙයි
යෝගා Wednesday, 26 June 2024 12:02 PM
දැන් කීදෙනෙක් මැරුණාද? A9 පාරේ රථවාහන පොලිසිය ඉතා දුර්වලයි වගේ...!