හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ‘නුවණින් හෙට ලොව දිනන්න‘ විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වාදී ඇත.
අධ්‍යාපනික, සාමාජික, ක්‍රීඩා, යොවුන්, කාන්තා යන සියලු ක්ෂේත්‍ර ආවරණය කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් එළැඹෙන අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතේ දරුවන්ගේ සාධන මට්ටම වර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
‘විජය උදානය‘ සංකල්පය යටතේ ක්‍රියාත්මක මෙහි පළමු අදියර එහි නිර්මාතෘ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, මහාචාර්යවරුන් වන එස්.ආර්.ඩී.රෝසා, සමරකෝන් සිරිසේන, ආචාර්ය ප්‍රියන්ත ප්‍රේම කුමාර, සත්ජන ලංකා පදනමේ හා විජය උදානයේ අධ්‍යක්ෂක ජනක හේරත් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ රාජකීය, නාලන්නා ඇතුළු පාසල් රැසක ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)
පාසල් දරුවන්ගේ නුවනින් හෙට ලොව දිනනවා සේම ඒ ලොව විනාස කරන්න මැති ඇමති වරුන් ඉන්නවා කිවොත් නරකද . මත් මේ රටට ගෙන්වමින් ,ගේන අයව ආරක්ෂා කරමින් රටට. කරන විනාශය ,ඔබ ඔය කරන දෙය පසුව ගගට කැපූ ඉනි නොවේවා (බ)