අද රාත්‍රී 8 වන විටත් බැසිල් රාජපක්ෂ හා අනෙක් දෙදෙනා උසාවියට ඉදිරිපත් කර නොතිබූ අතර නවගමු පොලිස් ස්ථානාධිපති එහි සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමීමට ලොකු උත්සාහයක් ගත්තේය.
මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහු එසේ ක්‍රියා කළත් දේශපාලනඥයෝ ඇතුළු තෝරාගත් පිරිසකට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේය.
මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහුට ඇති බලය කුමක්ද? එම බලය ලැබුණේ කෙසේද යන්නයි.
බැසිල් ඇතුළු තිදෙනාට සහාය දීමට නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදිත ලොකු බණ්ඩාර, සුසන්ත පුංචිනිළමේ, සුසිල් ප්‍රේම්ජයන්ත්, ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු රැසක් කඩුවෙල උසාවි භූමියට මේ වන විට පැමිණ සිටිති.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදියෝ තමා හතරවන බලවේගේ. (ර)
කසුන්, හුඟදෙනෙක් ඕනේ කමින්ම අමතක කළාට ෆොන්නසේකා මහතා හිරේ දැම්මේ සුදු කොඩි කතාවෙන් රටට ද්‍රෝහී වුණු නිසයි. ඕනෑම රටක් මෙවැනි අවස්ථාවකදී කටයුතු කරන්නේ මෙලෙසයි. රටට සතුරු විදේශීය බලවේගත් ඔවුන්ගේ දේශීය ඉත්තනුත් ජනතාවට මෙය අමතක කරවා ඔවුන් නොමග යැවීම පිණිස මෙය දේශපාලන පළි ගැනීමක් ලෙස හුවා දැක්වීමට හැදුවත් සත්‍යය එය නොවන බව මහින්ද මහතාගේ මුල්ම ජනපතිවරණයේදී එතුමාගේ ප්‍රතිවාදියා වූ රනිල්ට පළි ගැනීම් වලට මුහුණපෑමට සිදු නොවීමෙන් ම පෙනී යනවා. අනුන් පැවසු පමණින් හෝ බොහෝ දෙනෙකු කී පමණින් පිළි නොගෙන කරුණු නුවණින් සලකා බලන්නේ නම් මුළා නොවී සත්‍යය වටහා ගැනීමට ඔබටත් හැකි වේවි. (ස)
කවුරු සමගද හෙළුවෙන් (බ)
යමපාලනයේ තවත් එක දේශපාලන පළිගැනීමක් වන මෙහිදී නිරාවරණය වෙන්නේත් යමපාලකයන්ගේ සෙළුව ම බව චූන් වෙලා කමෙන්ට් දාන අයට වැටහෙන්නේ නැහැ (ස)
ප්‍රෙමරත්න දැන් මේක දේශපාලන පලිගැනීමක් කියන්නේ සරත් ෆොන්සේකා හිරේ දානකොටත් ඔයාලා කියුවද මේක දේශපාලන පලිගැනීමක් කියලා (ස)
පව් ඔයාට (ස)
කොහොමත් ඔහොම එක් කෙනෙක්වත් ඉන්නවානේ! (නි)
මේක මොනවගේ වරදක්ද කියන එක උසාවිය තීන්දු කරයි. (නි)
මේ වගේ අය ගැන අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න ඕනෑ (නි)
වරදක් කර නැත්නම් උසාවිය ඔවුන් නිදහස් කරාවි. (නි)
අති විශිෂ්ටයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. (නි)
ඊළඟ ප්‍රොමෝෂන් එකට ලකුණු දාගෙන තියෙන හැඩයි!! (නි)
කොහොමත් ඕඅයිසී මහත්වරු වීරයෝ තමා පොඩි මිනිහා ළඟදි. මෙයාලා වැටුප් ගන්නේ ජනතාවගේ බදු මුදලින් කියන එක අමතකවෙලා (නි)
සුමුදුහේවා, ඔයාගේ පාට කණ්ණාඩිය ගලවන්න. සුදු කොඩි කතාව හදපු එකක් කියල නඩුවෙන් ඔප්පුවුණා අමතකද? (නි)
වරදකට චෝදනා ලැබුවහම සමාජෙට මුහුණ දෙන්න ලැජ්ජයි.මහජන මුදල් ගසාකද්දී හිතුනේ නැද්ද කවදාහරි ඔය බලය නැතිවෙනවා කියලා. කුම්බල මාලු කෑවා නම් විඳවාපන් බළලෝ (නි)