පේරාදේණිය විශ්ව විද්‍යාලයයේ ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවකු වූ සෙල්ව විනයාගර් වරප්‍රකාශ් නවක වද සිද්ධියක දී පැහැරගෙන ගොස් මරා දැමූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන්ට මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (04) මරණ දඩුවම නියම කළේය.
දඬුවම් නියමවූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන් 1997 ඔක්තෝබර 26 වැනි දා මිය ගිය සිසුවා පැහැරගන්නා විට එම විශ්ව විද්‍යාලයයේම වැඩිහිටි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියේය.
2004 විත්තිකාර සිසුවා රටින් පළාගොස් ඇතැයි හෙළි වීම නිසා නඩුව විභාගයට ගත්තේ ඔහු නොමැතිවය.
නඩුතීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා රටින් පළා ගිය විත්තිකරු ජාත්‍යන්තර පොලිසියේ සහායෙන් අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග කළේය.
මෙම නඩුවේ දෙවැනි විත්තිකරුවකු වන සිවපාල සුන්දරම් කිබාහරන්, වරප්‍රකාශ් ඝාතනයට ලක්වූ ස්ථානයේ සිටි බවට අධිකරණයේ දී අනාවරණය වුවත් ඔහු සෘජු ලෙස මෙම ඝාතනයට සම්බන්ධ නොවූ බවට අධිකරණය තීන්දු කළේය.
ඒ අනුව දෙවැනි විත්තිකරුට රුපියල් 1500ක දඩයක් නියම කළ විනිසුරු ඊට අමතරව මිය ගිය සෙල්වවිනයගර් වරප්‍රකාශ්ගේ පියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.
මෙම නඩුවට අදාළ සිද්ධිය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර සිද්ධියෙන් ඝාතනයට ලක්වූ ඉංජිනේරු සිසුවා එවකට එම විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අතින් දරුණු ලෙස නවක වදයට ලක්වූ බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට උපරිම දඬුවම් අවශ්‍යයි (නදී)
නවක වදයෙන් කොච්චර ළමයින් ජීවිතේ ගැන කළකිරිලා ඉන්නවද? (නි)
කුමාර, අපේ විශ්ව විද්‍යාල වල විෂය කරුණු තාම පරණ ඒවා. ඒවා අලුත් කරන්න ඔය අන්තරේ අයට උවමනාවක් නැහැ. (නි)
තීන්දුව දෙන්න අවුරුදු 17ක් ගිහින්.... (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
කුමාර, ඔයා නිකන් මොකුත් නොදන්නා බබා වගේ කතා කරන්නේ. ඔය සිද්ධිය වෙනකොට මම ඔය සරසවියේ අවසන් වසරේ. එදා වගේම වසර 17 කට පස්සේ අදත් ඔය නවක වදය කොළඹ සරසවියේ හැර අනෙක් බොහෝ සරසවි වල තියනවා. (නි)
සේන, කියලා වැඩක් නැහැ. අවාසනාවට අපි ඉපදිලා ඉන්නේ වැරදි කාලෙක වැරදි රටක. (නි)
මේ සිද්ධිය වනවිට අපි පාසල් සිසු අවදියේ. ගොඩක් පුංචියි. නමුත් හොඳට මතකයි. (නි)
අධිකරණ තීරණයට ස්තූතියි! (නි)
ඉතා කණගාටුදායක සිද්ධියක්. (නි)
නවක වදය යනු මහා වසංගත රෝගයකි. මේ ක්‍රියාවට විරුද්ධව ගුරුවරුන්, සිසුන් ඇතුළු සමාජයේ සියලු දෙනා දැනුවත් වී බලවත් මතයක් සමාජගත කළ යුතුයි. නවක වදය සම්බන්ධ සුළු සිද්ධීන් වලදී දෙවරක් සමාව දී, තුන්වැනි වර ශිෂ්‍යභාවය සම්පුර්ණයෙන් අහෝසි කළ යුතුයි. (නි)
මුලින්ම අවධාරණයෙන්ම කියන්න ඕනෑ ඔය නවක වදය දෙන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන අය බව. යහපත් සිතිවිලි තිබෙන අය තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න සිතන්නේ නැහැ. මේ දුන් දඬුවම වගේ අනෙක් අයටත් හොඳට සැළකුවා නම් හොඳටම හොඳයි (නි)
නඩු තීන්දුව දෙනකොට වැරදිකාරයින් රටෙත් නැහැ.ලංකාවේ සමහර නඩු අහලා අවසන් වෙනකොට චුදිතයින් මහළු වෙලා (නි)
මේක වුණේ රටේ කලබල කාලේ නේද? (නි)
නවක වධයට ලක්වන්නේ හැමවිටම හොස්ටල් එකේදී. කැම්පස් එක තුලදී නොවේ. එ්ක නිසා මම හිතන්නේ හොස්ටල් වෙනුවට පෞද්ගලික නවාතැන් ලබාගැනීමට රජය යම් සහනයක් (මුදලක්) ලබා දෙනවා නම් ඔය නවක වදය නැති කරන්න පුළුවන් කියලා (නදී)
නිකම් බොරුවට කෑගහල වෑඩක් නෑ. මේ මැරුනු කෙනා සහ නවක වදය දුන්නු අය ඔක්කොමලා දෙමල අය. මිට අවුරුදු 17 කට කලින් යුද්දය උපරිම වකවානුවක සිදු උන සිදුවිමක්. (නදී)
නවක වදය වැරදියි. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදයට ලගු කරන්න බෑ. අනික 97 තරමි දැන් නවක වදය නැහැ. (නදී)
නවක වදය දෙන සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි. මන්ද, එවන් මන්ද බුද්ධිකයන්ට ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාදීමත් ජාතික අපරාධයක් වෙන නිසා. (නදී)
මේවා නතර කරන්න ඕනේ (නදී)
සේන ඔබේ කතාවට මාත් එකගයි. අපි ඉන්න රටවල මේ වගේ නඩු වලට එක දිගට දින නියම කරනවා. විත්තිකරු අවුරුදු 7 පස්සේ රටින් යනකම් දන්නේ නැහැ. අන්තිමට අහිංසක පියාට දරුවාගේ වටිනාකම වුනේ රුපියල් ලක්ෂයයි. කරුණාකර නීතිය ක්‍රියාත්මක කිරීම වේගවත් කරන්න. (නදී)
මේ තිරණය දෙන්න තිබුනේ මිට කලින්. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න වැඩි හරියක්ම කරන්නේ අපිට තව පහසුකම් දෙන්න කියල තියෙන රාජ්‍ය දේපල විනාශ කරන එක. එ්කෙන් කරන්නේ ඊළඟ වසරේ එන ශිෂ්‍යන්ට තියෙන පහසුකමුත් නැතිවෙන එක. මේකට කරන්න තියෙන්නේ හැම ළමයෙක්ම අතුලුවෙනකොටම පොරොන්දුවක් අත්සන් කරලා හැම කෙනෙක්ම එක තුන්වරක් කඩකරොත් අස්කරන එක. මොකද කොච්චර මොලේ තිබුනත් විනීත බවක් නැත්නම් ඔහු කුලුහරකෙක් හා සමාන නිසා. මේ දේවල් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උසස් අද්‍යාපන ඇමතිට කරන්න තියෙන දේවල්. අනික තමා විශ්ව විද්‍යාලවල හැම සමිතියක්ම තහනම් කරන්න ඕනා. ඒ ළමුන් එන්නේ ඉගන ගන්න සමිති සමාගම් හදන්න නෙමේ. එහෙම සමාගම් හදන්න උනා නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මරණාධාර සමිති පිහිටන එක මොකද නවක වදෙන් නැතිවෙන ළමුන්ට එ්කෙන්වත් සහනයක් ලැබෙන නිසා. ජනාදිපති තුමනි ඉගනගන්න තියෙන පාසල කනත්තක් වෙන්න දෙන්න එපා. (නදී)
අවුරුදු 17ක් ගියාද ඕක දෙන්න. (නදී)
කොහොම උනත් අන්තරේ කට්ටිය මේ තීන්දුවටත් විරුද්ධව පෙළපාලි පිකටින් උද්ඝෝෂණ තියයිද දන්නේ නැහැ (නදී)
ඔය අන්තරේ කියන මානසික ලෙඩ මනසක් තියන අය තමයි ඕවා කරන්නේ. ඔය අන්තරේ තුරන් කරපු දවසට ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න පුලුවන් (නදී)
ඇත්තද කුමාර, ඔයා දන්නා අන්තරේ දරුවෝ. එ්කත් ත්‍රස්තවාදයක්. නමුත් ජනතාවට පේන්නේ නැහැ විශ්ව විද්‍යාල ඇතුලේ වෙන නිසා. මේගොල්ලෝ මේ හැමදේම සාධාරණීකරණය කරන්න යොදා ගන්න වචන තමයි නිදහස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල තුල උප සංස්කෘතිය. අන්තරේ අසාධාරණ ක්‍රියා වලට බහුතර ළමුන් අකමැතියි. අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන පැමිණි කාරණය ඉටු කර ගන්න බැරි වෙයි කියල බයට සද්ද නැතුව ඉන්නවා. නමුත් යුක්තිය නොඉවසන කොන්ද පන ඇති අය මේ අසාධාරණයට එරෙහි වෙනවා. අන්තරේ කියන්නේ ජේ.වී.පී කුරුටුගාමීන්ට කඩේ යන අයට. නමුත් තමන් එසේ කරන බව ප්‍රසිද්දියේ කියන්න බය කපටි රැලක්. මොවුන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් මොනවා හරි ළමයින්ට පහසුකමක් දෙන්න යනකොට ඒ බව කලින් දැන ගත්තොත් එය 'දියව්' කියල වහාම පිකටින් කරනවා ලකුණු දාගන්න. නොදන්නා අය හිතන්නේ ඒ පහසුකම මේගොල්ලෝ උද්ගෝෂණ කරලා ලබා දුන්න කියලා. මේගොල්ලෝ විරුද්ද මත දරන අයට මුලින්ම බනිනවා. බැරි නම් ගහනවා. බැරිම උනොත් මරනවා. මේ ළමයා අන්තරේ නියෝජිතයන් වන මහා ශිෂ්‍ය සංගමයෙන් ඉවර කළේ ඔහු කොන්ද කෙලින් තියාගෙන හිටපු නිසා. මේ යතාර්තය අපේ සමාජය තුලට තාමත් කාන්දු වෙලා නැහැ වාසනාවට. එදාට ඔය අන්තරේ පව්කාරයන්ට මිනිස්සු කෙල ගහාවි දුටු තැන. (නදී)
මෙන්න මේ නිසා තමයි පුද්ගලික විශ්ව විද්‍යාල අපට ඕනෑ. (නි)
කවුද මේවාට වගකියන්නේ? (නි)
ඇයි සිසුන් මෙහෙම හැසිරෙන්නේ? (නි)
නවක වදයකින් සිසුවකු මරන්න තරම් ඇයි සිතක් දරුණු වුණේ? (නි)
මනුෂ්‍යයෙකුට කරන්න පුලුවන්ද මෙහෙම දෙයක්? ඇයි තව කෙනෙක්ව මෙහෙම මැරුවේ? (නි)
එතකොට අහිංසක පියෙකුගේ දුවව පැහැරගෙන ගිය දේශපාලකන්ට දෙන දඩුවම මොනවද? වාහන පර්මිට්ද ? විදේශ සංචාරද ? කෝටි ගණන් වටිනා නිල නිවාසද? මොනවද? කියන්ඩකෝ (නදී)
මම නම් කියන්නේ අන්තරේ තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ. මේකට හොඳම විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම (නදී)
සම්පත්, කතාව 100% ඇත්ත. අන්තරේ කියන්නේ වෛරස් එකක් වගේ. එක එක කාලෙට එක එක ලෙඩ දානවා. බොරුවට පිකටින් කරනවා. යල් පැනපු සමාජවාදී අදහස් දරන ලින් ගෙම්බෝ ටිකක්. (නදී)
බොහොම හොඳ තීරණයක් (නි)
ලංකාවේ මෙහෙම දේවලුත් වෙනවද? සිසුවෙක්ට පුලුවන්ද තවත් සිසුවෙකුට මෙහෙම කරන්න? (නි)
සිසුන්ට දෙවන වසරට යන විට පළමු වසරේ ගතකළ අපහසුතා වදහිංසා අමතකයි. දෙවන වසරේදී ඔවුන්ට 'අං' එනවා. අලුත් සිසුන් පිළිගන්න කායික මානසික පීඩා නොවන වෙනත් ක්‍රම මොනතරම් තිබෙනවද? එසේ නොකර නවක සිසුන්ගෙන් පළිගැනීමයි මොවුන් කරන්නේ. (නි)
අදහස් දක්වා තිබෙන කිසිම කෙනෙක් සිද්ධිය ගැන හරියට දන්නෙ නැහැ වගෙයි (නි)
සෙව්වන්දි දුව, අවාසනාවට ඒක එහෙම තමා. (නි)
මේ වගේ දේවල් වලට උපරිම දඬුවම් අවශ්‍යයි (නි)
සෙව්වන්දි වගේ හිතන අය ලංකාවේ ඉන්නාතුරු ලංකාව දියුණු වෙන්නෙ නැතිවෙයි. (නි)
මෙය මීට වසර 17 කට කලින් උනු දෙයක්. එහෙම එකක් හින්ද දැන් පුද්ගලික විශ්ව විද්‍යාල අපට ඕනෑ කියන අය ඉන්න රටක් මේක. (නදී)
මෙන්න මේ වගේ වින්ශ්චයකාරයවරු තමා අපේ රටට අවශ්‍ය, ජයවේවා ! (නදී)
රොෂාන්, දයාල්, ඔයාලා විදේශිකයෝද? (නි)
දයාල් වගේ හිතන අය ඉන්නකම් මේ රට විනාශ වෙන එක නවත්වන්න බැහැ. (නි)
නවසීලන්තයේ විශ්ව විද්‍යාලවල කාටවත් නොමිලේ ඉගෙන ගන්ඩ බැහැ. අපේ දුප්පත් රට එහෙම කරන්නේ නැහැ. අරගල කරන කට්ටිය මේ ගැන හිතන්න ඕනේ (නදී)
විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)
නවක වදය දෙනවා කියන්නේ, තමුන්ගේ පහත් මානසිකත්වය පෙන්නුම් කිරීමයි. ඒ වගේම තමනුත් "පොරක් " බව අන් අයට ප්‍රදර්ශනය කිරීමයි. නමුත් " පොරවල් " වීම කෙසේ වෙතත්, බහුතර මහජනතාව මොවුන්ගේ හැසිරීම පිළිකුලෙන් හෙළා දකිනවා. (නි)
ගරු අධිකරණයට අපගේ උපහාරය! අපේ රටට අවශ්‍ය මෙන්න මේ වගේ නීතියට වැඩ කරන විනිශ්චයකාරවරුන්. (නි)
ලංකාවට මොකද වෙලා තියෙන්නේ ? (නදී)
අධිකරණයේ තීන්දුවට ගරු කරනවා (නි)
දැන් මේ පළවන විත්තිකාරයා කොහෙද එතකොට? (නි)
මරණ දඩුවම දුන්නාට මදි. එය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් මේ අපරාධ රැල්ල නවතින්නේ නැහැ (නි).
මොනවා කියනවද කියලා මට හිතාගන්න බැහැ (නි)
අපේ රටේ නීතියේ තිබෙන දුර්වල කම මේක තමයි. සිද්දිය වෙන්නේ අවරුදු 20 කට කලින් නඩු තීන්දුව ලැබෙන්නේ අද. එහෙම වෙද්දී චුදිතයා රටෙත් නැහැ. නීතියේ ක්‍රියාන්විතය ඔයිට වැඩියවද කාර්යක්ෂම කලානම් රටේ ධනයත්, සාධාරනයත් සුරැකෙනවා කියලයි මගේ අදහස. (නදී)
බටහිර සමාජවාදියෝ මේවට වග කිව යුතුය. මේ අයගේ මහ ලොකු සමජවාදේ ගැන දන්නවා කැම්පස් ගිය ඕන කෙනෙක් (නදී)
එතකොට ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ වදකයන් සිටින වදකාගාර. දඩුවම් දෙන්නේ කිසිම වරදක් නොකරපු අහිංසක මිනිස්සුන්ට (නදී)
එදාට වඩා මෙදාට වටිනා තීන්දුවක්. ඉදිරියේ දී මෙවන් විපත් නැවත නොවීමට නවක වධයට උඩ ගෙඩි දෙන අන්තවාදී සිසු සංගම් වහා තහනම් කර නවක වධය සරසවි බිමෙන් දැන්වත් තුරන්කරමු. (නදී)
අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉතාමත් හොදින් පැහැදිලි වෙනවා මේ නඩුවෙන්. තීන්දුව දෙන්න අවුරුදු 17ක් ගිහින්. අපේ සෙව්වන්දි නගා ඒ අස්සේ එතනත් මාළු බාන්න හදනවා. දැන් ඔය කියන ගැහැනු ළමයා පැහැර ගෙන යනවා සෙව්වන්දි දැක්කද. දේශපාලකයෙක් ආව දැක්කද. එහෙම ආවම කියමුකෝ. කෙල්ල කැමැත්තෙන් ගියේ නැතුව පැහැර ගැනීමක් උනා කියල ඔයා හරියටම දන්නවද? (නදී)
මිනිමැරුමට තීන්දුව ලබාදීමට අවුරුදු 17ක් ? මැරුණු පුතා වෙනුවෙන් පියාට ලක්ෂයක්. (නදී)
වැඩි හිටි විශ්ව විද්‍යාල සිසුන්ට මනෝ වෛද්‍ය සායනයක් තිව්වා නම් නරකද ? (නදී)
මෙතන නවක වදය වහෙන්ඔරෝ භාෂාවෙන් සධාරණීයකරණය කිරීමට උත්සහා දරන, එදා තරම් දරුණුවට අද නවක වදය නැහැ කියන මතයේ සිටින හෝ විශ්ව විද්‍යාලයකට ගිය කවුරුහරි කියනවද බලන්න ,නවක වදය දීමෙන් මොවුන් කුමක්ද බලාපොරොත්තු වන්නේ කියා.මම විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක් නෙමෙයි.දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇයි ආණ්ඩුවට බැරි නවක වදය නවත්තන්ඩ.(අ)
එතකොට එළිපිට මිනී මරපු අයට මොකද කරන්නේ. කෝ නීතියක්. ඔය කෑ ගහන එක්කෙනෙක්වත් ඒවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? මේ දඬුවම නීතිය සාධාරණයි. ඒත් ඒ නිතිය හැමෝටම එක සමාන විය යුතුයි (නදී)
මේක මේ 97 උන එකක්නේ. ඔය නවක වද දැන් කැම්පස් වල නැහැ. අපේ දරුවෝ තාමත් නිදහස් අධ්‍යාපනය ලබන්නේ අන්තරේ දරුවෝ එ්ක රැක ගත්ත නිසා (නදී)
අන්තරේ කියන්නේ විසක්. අවරුදු 18 - 25 කියන්නේ ඕනෑම එකෙක්ට හොඳට අන්දන්න පුළුවන් වයසක්. උන් ඒකෙන් වැඩ ගන්නවා. 77 87 කාලේ මැරුනේ මේ රටේ විශ්ව විද්‍යාල වල හොඳට ඉගෙන ගත්තු කොල්ලෝ කෙල්ලෝ. හිතන්න අද උන් හිටියා නම් (නදී)
නුවන්,අපිට කියන්න තිබෙන දේවල්, කියන්න අවශ්‍ය වුණාට එහෙම කරන්න අමාරුයි (නි)
අවුරුදු 17 කට පසුව ලැබුණ තීන්දුවක් (නි)
කුමාර, සැබෑවක්ද පවසන්නේ? නවක වදය ඇත්තෙම නැද්ද? (නි)
මේක වෙලා තියෙන්නේ 1997. නමුත් 2004 විත්තිකරු රටින් පැනල ගිහින්. එ් කියන්නේ මිනීමරුවා නිදැල්ලේ ඉඳල තියෙන්නේ. මරණ දඩුවම දුන්නත් මිනීමරුවා ලංකාවේ නැහැ . අවුරුදු 17 ගියා තීන්දුව දෙන්න. තීන්දුව දෙනකොට මිනීමරුවා ලංකාවෙත් නැහැ. මැරුණු ළමයගේ දෙමාපියෝ වයසට ගිහින් දැන් මැරිලත් ඇති. (නදී)
අහිංසක දෙමාපියෝ දරුවන් ලොකු මහත් කරලා උසස් අධ්‍යාපනය ලබාදෙන්න මොන තරම් දුකක් විදිනවද? මේ වගේ අපරාද කරන අයට ජීවත් වෙන්න අයිතියක් නැහැ. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නදී)