(සුජිත් හේවාජුලිගේ)
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත
මේ අතර විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85කින් පමණ අඩු වී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා පැවසීය.
නවක වදය සම්බන්ධ දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීම් වැඩි කිරීමෙන් මෙම ප්‍රතිඵලය අත් වූ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට පිටින් "මෛත්‍රී" කියලා ලේබල් එක අලවා ගත්තාට වැඩක් නැහැ. හිත ඇතුලේ තියෙන්නේ බද්ධ වෛරය නම්... තව කෙනෙකුව අපහසුතාවයට හා හිරිහැරයට පත්කරලා ලබන සතුට හෝ වින්දනය මොකක්ද..? විශ්ව විද්‍යාල ඇතුලේ පමණක් නොවෙයි සිංහල සමාජය තුළත් තියෙන්නේ අනෙකාව පීඩාවට පත්කොට ලබන කුරීරු, අමන වින්දනයයි... ඕක ජානවලම තියන අවුලක්...
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවන තාක්කල් ඕවා නැති වෙන්නේ නෑ.
පැහැදිලිවම ඔබේ ජානවල අවුලක් ඇති බව පේනවා....
ජෙප්පෝ තමයි නවක වදයේ අම්මලා තාත්තලා...!
නවක වදය නැවැත්වීමට මම මෙහෙම යෝජනාවක් කරන්න කැමැතියි... උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට අයදුම්පත්‍ර ඉදිරිපත් කරනා විට සිසුන්ගේ පාසලේ ප්‍රධානී හා තවත් දෙදෙනෙකුගේ නිර්දේශ ගන්න (ඒ අනුව ඇතුළත් කිරීම නොකරන්න) එම නිර්දේශ කරන්න අවශ්‍ය වෙන්නේ එම සිසුවා/ සිසුවිය අකටයුත්තක් කළොත් පමණක් විය යුතුයි. එම සිසුවා /සිසුවිය අකටයුත්තක් කළොත් දඬුවමක් දිය යුත්තේ අදාල පාසල් නාමයට වෙන්න ඕනෑ. වසර පහකට වැඩිකලක් එහෙම අය යම් පාසලකින් ආවොත් එම පාසලේ ශ්‍රේණිය පහළ දැමීම කරන්න පුළුවන්.... වසර දහයක් කළොත් එම පාසලේ උසස් පෙළ පංති පැවැත්වීම නතර කරන්න ඕනෑ...!