ශ්‍රී  ලංකා නාවික හමුදාව 2016 වසරේ සමුද්‍රිය ආරක්ෂක කටයුතු වලින්  රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට  උපයා දී ඇති බව නාවික හමුදාව කියයි.

2016 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6371 ක් තුළින්  මෙම ආදායම උපයාගෙන ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.

ගාල්ල වරායෙන්  මෙහෙයුම් 5928 ක්ද කොළඹ වරායෙන් මෙහෙයුම් 443 ක්ද    මෙම කාලය තුළ කර ඇති බවද කියති.
2015 වසරේ  නොවැම්බර් මස 13 වැනි දින ඇවන්ගාඞ් සමාගම විසින් කරන ලද සමුද්‍රය ආරක්ෂක කටයුතු නාවික හමුදාව වෙත පැවරීමෙන් අනතුරුව  නාවික හමුදාව විසින් මේ දක්වා උපයා දෙනු ලැබ ඇති සමස්ථ ආදායම රුපියල් කෝටි 263 ක් බව  නාවික හමුදාව සදහන් කරයි.

 
නැව් වාර 7457 ක් තුළින් මෙම සමස්ථ ආදායම උපයා ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කරයි.