විරෝධතාවය හේතුවෙන් අක්‍රිය වී ඇති හම්බන්තොට වරායේ වැඩ කටයුතු කරගෙන යාමට නාවික හමුදා නිලධාරීන් යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අලෙවි මහතා පවසයි.
හම්බන්තොට වරායෙන් වාහන 1086ක් නැව්ගත කිරීමේ කටයුතු පසුගියදා නාවික හමුදාව අතින් සිදුකැරිණි.
දෙසැම්බර් (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ බවත් එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කළ බවත් නාවික හමුදාව කියයි.
එමෙන්ම වරායේ විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි පද්ධති වල කර තිබු නොයෙකුත් විදුලි විසන්ධි කිරිම් සහ යන්ත්‍රෝපකරණ වලට හානි පැමිණෙන ලෙස යොදා තිබු නොයෙකුත් බාධක ඉවත් කිරිමට සහ ප්‍රකෘති තත්ත්වයට පත් කිරිමට නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවූ බවත් අලෙවි මහතා සඳහන් කරයි.
දකුණු කොරියා වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිමට නාවික හමුදාව කටයුතු කළේය. එම නෞකාව අද (14) දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආදරණීය රණවිරුවනි, ඔබ සදා අමරණීයයි (නි)
බමුණු, ඔයා දන්නේ නැද්ද කොළඹ වරායේ තිබුන වාහන නෞකා එන එක මාගම්පුර වරායට බාරදුන්න බව. මේවා මේ අලුතින් එන නැව් නෙමෙයි. කොහොමත් කොළඹට ආපු ඒවා. (නි)
පින්තූරයෙ පෙනෙන හැටියට නම් මුලු වරායටම තියෙන්නෙ එක නැවයි, හදන්න ගත්ත ණයේ පොලියටත් මදි වගෙයි ආදායම, ඒ මදිවට වැඩ වර්ජනත්...අනේ මන්දා.. (ම)
මෙහින් අදහස් දමන ගොඩක් දෙනා නීතිය ගැන අවබෝධයක් ලබා ගත (නි)
මොහාන්, මේවා මේ අලුතින් එන නැව් නෙමෙයි. කොහොමත් කොළඹට ආ ඒවා. (නි)
ලොක්කා මොනවා කළත් අපේ නාවික හමුදාව ඉතා විනය ගරුක එමෙන්ම තාක්ෂණය අතින් උසස් හමුදාවක්. (බ)
ශ්‍රි ලංකා නාවික හමුදා නිහඩ සේවයක් කරන හමුදාවක් ,ජාත්‍යන්තරයම පිළිගත් හමුදාවක් ගරු නාවික හමුදාපතිතුමාට ජයවේවා, මේවා බලලවත් මාධ්‍යවේදීන් හැදෙන්න බලන්න. (බ)
ඔය පරණ හෙන්චයියන්ව අයින් කරලා නාවික හමුදාවට බාර දුන්නම හරි (බ)
මාද්යවේදීන්ට බය නැතුව පන්න පන්නා පහරදෙන , අපේ වීරෝදාර නාවික හමුදාපතිට සමහරු කටකතා හදනවා පොඩි සොල්දාදුවන්ට හොදට සලකන්නේ නැහැ කියල. (අ)
නාවික හමුදාව අපේ රටේ ආරක්ෂක වළල්ලයි. මගේ සුබ පැතුම් ....(බ)
විරුවනි ඔබට සදා ජය රටේ අනාගතය වෙනුවෙන් ඔබ දරන මේ මහා මෙහෙයට අප ඔබ සැමට ණය ගැති වෙමු .(බ)
පස් මිටක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ........(සුනිල් එදිරිසිංහගේ ගීයක්) (නි)
මේකට නැව් එන්නෙ නැහැ කියලනෙ කිවිවේ. (නි)
මාධ්‍ය වලින් මෙහි සැබෑතතු හෙළි කිරීම අපි බලාපොරොත්තු වෙමු (නි)
බොලේ අපි හිතා සිටියේ හම්බන්තොට වරායේ වැඩ නැතිව නිකන් වහල දල තිබෙනවා කියල. බලන කොට නාවික හමුදාව දාන්න තරම් වැඩ තිබෙනවා. මෙහාට ගනු අපට බොරු කීව එකා? (බ)
අපිට ඉන්නේ ඕන තැනකදී ඕන කෙනෙකුට පහර දෙන්න පුළුවන් වීර නාවික හමුදාපති කෙනෙක්. (බ)