මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක් වුහ.
කොළඹ, අම්පාර, මහනුවර, මොරටුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, දඹුල්ල, මාතලේ, වව්නියාව, අනුරාධපුර, කෑගල්ල ආදී ප්‍රදේශ රැසකින් පැමිණි මාධ්‍යවේදීහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.
හේවාගම කෝරලේ ජනමාධ්‍ය සංගමය මගින් ද මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් අද (15) ගොඩගම දී පැවැත්වුහ.
ජායාරූප - අකිල බද්දේවිතාන
ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ඡායාරූප - ලහිරු හර්ෂණ
විඩියෝ - සෙනරත් බණ්ඩාර
විඩියෝ - ළහිරු හර්ෂණ













![IMG_0736[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07361.png)
![IMG_0740[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07401.png)
![IMG_0744[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07441.png)
![IMG_0749[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_07491.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන දෙයක් මහජනතාවගේ කටයුතු වලට බාධාවක් නොවෙන්න කරන්න (ර)
මොන ප්‍රශ්න වුනත් විසදන විදියක් තියෙනවා. පහර දීම අනුමත කල නොහැකියි (ර)
මාධ්‍ය සොයුරන් සදා දිනේවා! (නි)
හමුදාව ඔලුවේ තියාගන්න එතකොට ඔයිට වැඩි එව්වත් වෙයි. අද හිටපු මේජර් කෙනෙක් ඩි.ඇස් එකට පැනල ඕලෙවල් ලියන්න ඉන්න ළමයෙකුට ගහල තිබුන. මෙව්වට නීතියක් නැද්ද?? (බ)
නාවික හමුදාපති කළ දෙය කිසිසේත් අනුමත කළ නොහැකියි. (බ)
තනතුරු ගැන නොබලා දඬුවම් ලැබියයුතු වරදක් (නි)
ඔය රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්තු අයට තියෙනවා ලොකුම ලොකු හීන මානයක්. අපිට වැඩිය මිනිස්සු නැහැ අපිට වැඩිය පොරවල් නැහැ කියලා. රාජකීය විදුහලේ ඉගෙනගත්තු නාවික හමුදාපතිතුමාත් ඒක ප්‍රදර්ශනය කලා. (ම)
මෙහි ප්‍රතිචාර දමන ඇතැමුන් නාවික හමුදාපතිගේ ක්‍රියාව සාධාරණය කිරීමටත් කඩේ යෑම සීමාව ඉක්මවා කිරීමටත් විවිධ අන්වර්ථ නාමවලින් හා බොරු ගිණුම් සාදාගෙන කමෙන්ට් දැමීම සිදු කරයි. ආණ්ඩුවේ පට්ටම් ආරක්ෂා කරගැනීම හා තම විරුද්ධවාදීන්ට පහර ගැසීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත. (ම)
එකතුවන්න !! එකමුතුවන්න (ම)
මේ වෙනුවෙන් ඔබත් එක්වන්න.(හේ)
මේ විරෝධතාවය සාධාරණයි.(හේ)
සඳමිණි ඒක ඇත්ත ඇතැමුන් මාධ්‍යවේදියා හෑල්ලු කර තමන්ගේ මඩිය තරකර ගැනීමට මාන බලනවා. මෙය ක්‍රමානුකූලව තෝරාබේරා ගත යුතුයි. ඔවුන්ගේ වෙනත් නම් වලින් එන කමෙන්ට් සීරුවෙන් තෝරාබේරා ගැනීම ඔබට බාරයි. එවැනි අසීමිත ලෙස කඩේ යන්නවුන් නැවත මෙම තීරුවට පැන කමෙන්ට් කළ හැකිය. විමසිල්ලෙන් සිටින්න (බ)
රජීව්, නිකන් ආණ්ඩුවට කඩේ යන්න එපා,,(බ)
අයිඑම්එෆ් එකෙන් ණය ගත්ත රටවල්වලට එහි කොන්දේසි අනුව බහුජාතික සමාගම් වලට ජාතික සම්පත් විකුණන්න සිදු වෙනවා .එවිට නැගෙන මහජන විරෝධතාවයන් හමුදා යොදවා හෝ සුනු විසුනු කිරීමට රජය ඔවුන්ට බැඳී තිබෙනවා .මෙය බොලීවියාව වැනි රට වලද ජල සම්පත් පෞද්ගලික කරණය කිරීමට තැත් කළ අවස්ථාවලදී සිදුවුනා (බ)
රටේ වග කිව යුත්තන් මේ තරම් කලබලයක් ඇතිවෙන්නට පෙර මේකට තරා තිරම නොබලා නිතිය ක්‍රියාත්මක කලා නම් ඉවරනේ.(හේ)
මෙතැනදී නාවික හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු කල දෙය මුළු මහත් නාවික හමුදාවටම සහ අනෙකුත් ශ්‍රී ලංකා හමුදවනටත් ඉතිහාසගතවන ආකාරයේ විශාල කැළලක් ඇති කළා. (ර)
රටක් හදන්න ඉන්න මේ වගේ නිහතමානී, විනය ගරුක, ආදර්ශමත් අයට පහර දීපු එකනම් වැරදි. (බ)
ජනමාද්‍යවේදින්ට ජයවේවා. (ර)
හමුදාවක නායකයෙක් වෙන්න හොඳ හික්මීමක් හොඳ නිරවුල් මනසක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. (ර)
ජනමාධ්‍යවේදීන් කියන්නේ රටේ ජීව රුධිරය වගේ කොටසක් (නි)
හැමදාම වර්ජන ගර්ජන! රට වළපල්ලට! නායකයින්ට සුරසැප! (නි)
ලසන්ත මරපු වෙලාවේ, එ් ගැන කතුවැකියක් ලියපු එකම මාධ්‍යවේදියාට පිහියෙන් අැනපු වෙලාවේ, සිරස ගිනිතියපු වෙලාවේ කවුරුවත් විරුද්ධවුණේ නැහැ (නි)
කවුරුන් කුමන ආකල්පයෙන් මේක දිහා බැලුවත් ජාත්‍යන්තර නාවික සහ සමුද්‍ර නිතිය අනුව එතුමා කළ ක්‍රියාව හරි. කිසිවෙකුටත් එන්න තහනම් කළ එකේ එතනට මොකට එතනට ගියාද. වෙඩි තියන්න පවා ඔවුන්ට නීතියෙන් අවසර තිබෙනවා. විදේශ නැව් දෙකක් බලෙන් රඳවා තබාගැනීම මුහුදු මංකොල්ලයක් විදියටයි සළකන්නේ. එය මැඩපැවැත්විය යුත්තේ නාවික හමුදාව පමණි. (නි)
අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
රජයට විරුද්ධව මහජනතාව පෙළගැහෙන කාලය වැඩි ඈතක නැහැ. (නි)
දැන් වෘත්තීය අයිතිය වෙනුවෙන් සටන් කළවුන්ගේ අරගලය අවධානයෙන් අඩුවී, රටේ කීර්තිනාමයට වූ හානිය අවධානයෙන් අඩුවී, කට්ටියම නාවුක හමුදාපතිවරයා එළවන්න පෙළගැහෙන්න සූදානම් වෙමින් ඉන්නවා. බුද්ධිමත් මිනිසුනේ, තවදුරටත් ප්‍රවෘත්ති වටිනාකම් වලට රටේ ප්‍රමුඛතා නිර්මාණය කරන්න ඉඩ දෙමුද? (නි)
ජයන්ත, හා හා ඔබ ඔය කියන්නේ ඇමරිකාව ගැන නේද? ලංකාවේ දැන් එහෙම ඕනෑ නැතිලු. (නි)
වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න (නි)
මාධ්‍යවේදීන්ට ජයවේවා! අපි සැමදා ඔබට ශක්තියක් වන්නෙමු (නි)
මාධ්‍යවේදියෝ කියන්නේ රටේ ශක්තිය. මේ ප්‍රහාරය අපිත් හෙළාදකිනවා (නි)
ඇත්ත. මේ වගේ දේවල් වලට කොන්ද නවාගෙන නිශ්ශබ්දව ඉන්න නරකයි (නි)
මාධ්‍යවේදී සගයන්ට ජයම වේවා! සාධාරණය දිනේවා! (නි)
ක්ෂණික කෝපයෙන් තමන්ව පාලනය කරගන්න බැරි කෙනෙක් රටක මුලු නාවික හමුදාවක් පාලනය කරන්නෙ කොහොමද? නාවික හමුදපති කියන්නෙ බොහොම ගෞරවාන්විත විදියට සිටිය යුතු චරිතයක්. මැරයෙක් වගේ ඉඳලා හරියන් නැහැ. නොකරම බැරි දෙයක් නම් ඔහුට තිබුනා තමන් යටතේ ඉන්න නිලධාරියෙක්ව ඔය වැඩේට එවන්න (නි)
නාවික හමුදාපති චණ්ඩින්ගේ වැඩේ කරන්න යන්න හොඳ නැහැ. (නි)
මේ ස්ථානයට බලපාන්නේ ජාත්‍යන්තර නීතිය නොව රටේ නීතියයි.(ම)
පහරදීම හොඳ නැහැ, වැරදියි. හැබැයි මාධ්‍යකරුවන්ද අදාළ ස්ථානයට අනුව ඒ ඒ න්‍යාය පත්‍ර වලට අනුව ක්‍රියාකළ යුතු බවද අමතක නොකළ යුතුයි. (නි)
අප්පච්චිගේ කාලේ නම් මෙහෙම වුණේ නැහැ. මාධ්‍ය නිදහස දැන්නේ දකින්න තියෙන්නේ? අනේ මොකටද මගේ කට? (නි)
බාලයන් ඇසුරු කිරීමේ විපාක. (ර)
යුද්ධ කාලේදී පෙරමුණට නොගිය වීරයෝ දැන් ඉදිරියට ඇවි්ලලා අවි නොගත් අපිට ගහනවා. අනේ කාලේ වනේ වාසේ! (නි)
දැන් උද්ඝෝෂණ විලාසිතාවක් වෙලා. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සියල්ලම තේරුම්ගන්න ඕනෑ මාධ්‍යවේදි සියලුදෙනාටම පහරදුන්නේ නැහැ කියා. කිසිවෙකුටත් එන්න තහනම් කළ ප්‍රදේශයට ගිය කෙනාට පමණක් ගුටිකන්න සිදුවුණා.නාවික හමුදාපති කළ දේ හරි අපිට නම් (නි)
මේ වැනි පහරදීම් තරයේ හෙළා දකිනවා. ජනාධිපතිතුමාට මොනවද කියන්න තිබෙන්නේ මේ ගැන? අපට කියන්න. මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැළසීම රජයට අයිති කටයුත්තක් (නි)
මහින්ද අවුරුදු 10 කට අනාගත් දේවල් වලට වැඩියෙන් , යහපාලනය අවුරුදු 2ට අනාගෙන. (නි)
හමුදාව අාවොත් නම් ඉතින් ගහලම තමා යන්නේ. එ්ක හැමෝම දැනගන්න ඕනෑ (නි)
සකුන්තලා, ඕකට කියන්නේ හීනමානයද අධිමානයද දන්නේ නැති නිසයි අහන්නේ? (නි)
මමත් රජයේ සේවකයෙක්. දැන් දැන් වෘත්තීය සමිති නායකයෝ කියන කරන දේවල් නිසා සැබෑ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නවත් ඉදිරිපත් වෙන්න අමාරුයි. මහජනතාවට උද්ඝෝසන දැකලම එපා වෙලා. හැමදාම මාධ්‍ය වලින් පෙන්වන්නෙත් උද්ඝෝසන. මහජනතාව බුද්ධිමත් නිසා හොද නරක තේරෙනවා. තව ටික කාලයක් යනකොට මේ උද්ඝෝසන නිකම්ම නිකං ශතේට වැටෙනවා. ඒ නිසා සැබෑ අයිතිවාසිකම් වලට පමණක් උද්ඝෝසන කරන්න. නැත්නම් වෘත්තීය සමිති කියනකොට ජනතාවගෙන් බහුතරයක් වැරදි විදිහට බලයි. (ර)
චමල් කියන්නේ ගහන්න අයිතියක් තියනවා කියලද? ඔය කියන විදිහට වෙඩිතියන්න ආයුධයක් අතේ නැති අයට බැහැ. හැබැයි අත්අඩංගුවට ගන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් කියන්නේ "පෑන කඩුවට වඩා බලවත්" කියන අය නිසා ඒ අය කරන්නේ ජීවිතයත් එක්ක සටනක් බව අමතක කරන්න එපා. මා දන්නා තරමින් කිසිම ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් මෙතෙක් ඔය වගේ පෙරමුණේ සටන් කරන්න ගිහින් ‘නාගෙන‘ නැහැ. එය තම නායකත්වයට ගැළපෙන්නේත් නැහැ. අඩුගානේ අවුරුදු 30 ක් සටන් කරපු ත්‍රස්තවාදී නායකයාවත් කිසිම අවස්ථාවක පෙරමුණට විත් ‘වර්ණ‘ පෙන්වන්න ගියේ නැහැ. (නි)
සේවකයෝ ප්‍රශ්න විසඳන්න ඕනෑ පිටරටවල නැව් වලට අනවසරෙන් නැගලා නෙමෙයි. අනිවාර්යෙන් මේ නැව මුදාගන්න ඕනෑ. ඉස්සර වෙඩිතියලා ප්‍රශ්න විසඳපු කාලේ වගේ දැන් නැති එකට දෙවියන් වහන්සේට පින්සිද්ධ වේවා! (නි)
ලෝකේ කිසි රටක පහර දීම් අනුමත කරන්නේ ඈ,යමෙක් කෙනකුට පහර දුන්නොත් එය තරාතිරම නොබලා බරපතල දඬුවම් ලැබිය යුතු වැරැද්දක්,ලංකාවේ ඉන්නේ මිලේච්ඡ මිනිස්සු කියන එක ලෝකෙට නැවතත් පෙන්නුවා,මේ නාවික හමුදාපති ඕනවට වඩා ඔලුව ඉදිමුන නීතිය නොදත් මිනිසෙක් බව ඔප්පු කළා මෙය නැණවත් කමින් විසදිය යුතු ප්‍රශ්නයක් ඔහු මැරයෙක් ලෙසටයි විසදුවේ (බ)
ඉහළම වගකිවයුත්තන් නිහඬව සිටීම ඉතා කනගාටු දායකයි වැරැද්ද හදන්න කවුරුත් උත්සහ නොකරන්නේ ඇයි (බ)
ලෝකේ කොහෙවත් කිසිම මිනිසෙකුට පහර දීමට කිසිම ජගතෙකුට බෑ. (ර)
මේ පහර දීම කිසිසේත් දියුණු සමාජයක ලක්ෂණයක් නෙමේ. (ර)
නාවික හමුදාධිපති තමන් පිනට පහත් වු නායකයෙක් නොවෙයි එතුමා රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු කෙනෙක්. (ර)
ගින්දර ලගට යන අය දැනගන්න ඕන වැඩිය කිට්ටු උනොත් පිච්චෙනවා කියලා. (ර)
මොන විරෝධතා තිබ්බත් නාවික හමුදාපති නවතින්නේ හිටපු මහා බැංකු අධිපති නැවතුනු තැනමයි. මේ විරෝධතාවල අවසන් ප්‍රතිඵලය නාවික හමුදාපතිට සේවා දිගුවක් ලැබීමයි. මේවා නවත්තලා දැන්වත් පවතින මට්ටමින් හෝ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය පවත්වා ගැනීමටයි උද්ඝෝෂණය කළයුත්තේ. (නි)
රජය මෙම උත්ගොෂණය, ත්‍රිවිධ හම්ධාවම යොදවා මැඩපවත්වන්න. නැතහොත් හමුධාවන්ට රටේ සේවය කිරීමට බැරි තත්වයක් උදාවේවි. (ර)
නීතිය කියලා දෙයක් තිබේ නම් හමුදාපති වුුණත් වැරැද්දක් කළොත් ඔහුට දඬුවම් කරන්න ඕනෑ. (නි)
දැන්වත් එතුමා තේරුම්ගනීද දන්නෙ නැහැ තනතුරේ බලයෙන් හිස උදුම්මවාගෙන ඉන්න අයට කවුරුත් අකමැතියි කියලා (නි)
ලංකාවේ මාධ්‍යවේදීන් ගොඩක් උත්සාහවන්තයි. ඔවුන් ආරක්ෂා කරගැනීම රජය සතු යුතුකමක් (නි)