හම්බන්තොට වරායේ සේවක උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය රෝෂාන් ගුණසේකර මාධ්‍යවේදියාට නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලයි.
එහි සභාපති ලසන්ත රුහුණගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ එම සිද්ධියට දින 10ක් ගත වුවද පරීක්ෂණ වල ප්‍රගතිය හෝ නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බවයි.
පහරදීම සාධාරණීකරණය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, වරාය ඇමති මෙන්ම අගමැතිවරයාද පළ කළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත් එම සිද්ධියෙන් නාවික හමුදාපතිවරයා බේරාගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවත් රුහුණගේ මහතා සඳහන් කරයි.
මෙම මාධ්‍යවේදියාට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් රොශාන් ගුණසේකර මාධ්‍යවේදියා විසින්ම හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයයේ පැමිණිල්ලක් කරනු ලැබීය. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද නාවික හමුදාපතිවරයාට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබිණි.එම පැමිණිල්ල විභාග කරන ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන් වූ බව පොලිස්පති දන්වා තිබුණත් විමර්ශන ආරම්භ වු බවක් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අදහස් වල තනිකර වහල් බව ප්‍රදර්ශනය වේ. (නි)
මේක සුළු සිද්ධියක්නේ... කියන අයත් ඉන්නවා ඕනෑතරම් (නි)
නාවික හමුදාපතිතුමාට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්වේද? (නි)
අර ඉස්සර අතුරුදහන් වෙද්දී, මහමඟ මරද්දී, කපද්දී කොටද්දීත් මොනවද වෙන්නේ කියලා අැහුවද කවුරුවත්? (නි)
රට ආරක්ෂා කරන්න ඉන්න ආරක්ෂක අංශ නැතුව රටේ ඉන්න පාතාල කාරයින්ටයි රස්තියාදු කාරයින්ට ඕනවිදියට රට කරන්න දුන්නනම් හරි. (බ)
ප්‍රදීප් එතන රණවිරුවෙක් හිටියේ නැනේ හිටියේ කොට කලිසමක් ඇඳගත්ත චන්ඩියෙක් නේ. (බ)
සිවිල් සමාජය ශක්තිමත්ව නැගිටින වෙලාව එන දාට පාලකයන්ට යනෙන මන් නැතිවෙයි (බ)
බය වෙන්න දෙයක් නැහැ, නාවික හමුදාපතිතුමා විශ්‍රාම යන දවසට ගන්න ක්‍රියාමාර්ගය පෙන්නාවි. (නි)
මමත් අහන්න කෑමතියි රතුපස්වල වෙඩිතියන්න අණ දුන්නු අයට දෙන දඩුවමත් දෑනගන්න එතකොට මේ මොන්ගල් උත්තමයෝ නිදියාගෙනද හිටියේ (බ)
කෝ අර ක්‍රියාත්මක කරනවා කියපු නීතිය? ප්‍රජාතන්ත්‍රවාදය? නිදහස? (නි)
ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැත්නම්, පරීක්ෂණවල ප්‍රගතියකුත් නැත්නම් ඉතින් ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ (නි)
මොකද හදිස්සිය විමර්ශන කරන්න..? පොඩ්ඩක් ඉන්නකෝ. මේ උත්සව සමය ඉවරවෙලා, අවුරුදුත් කාලා, අප්‍රේල් මාසේ සිංහල දෙමළ අවුරුදුත් කාලා, වෙසක්, පොසොන් එහෙමත් බලලා විමර්ශන පටන් ගන්න පුළුවන්නේ. මොකටද හදිස්සිවෙලා අත පුච්චා ගන්නේ. (නි)
ක්‍රියාමාර්ගය මොකක්ද ඉතින්. රජයේ සේවයට කැපවීම ගැන ඔහුට තවත් පදක්කමක් ලැබේවි. (ම)
මේ ගැන සොයන්න වෙනම කමිටුවක් එහෙම පත්කරලා නැද්ද? (නි)
ආණ්ඩුවේ වැඩවලින් පිළිතුරු දෙනකන් බලාගෙන ඉන්න. ඉක්මනට ලැබෙයි. (නි)
අමාලි මෙතුමා යුද්ධය කාලයේදී විශාල සේවයක් කරපු කෙනෙක්, රණවිරුවෙක්ද නැද්ද කියල ඇඳන් ඉන්න ඇඳුමෙන් කියන්න පුළුවන් කියල දැනගත්තේ අද. මෙතුමා අතින් යම් වරදක් වුනා තමා (බ)
අපිට නම් නොකිවුවත් හිතාගන්න පුලුවන් (නි)
යස් සර්, නෝ සර්, ඇරෙස්ට් කරන්නේ නැහැ සර්, ප්‍රොමිස් යු සර්... (නි)
ඕවා ඔහොම වෙනවා කියලා දන්නවා නම් අපි යහපාලනය ගෙනෙන්න දායක වෙන්නෙ නැහැ. (නි)
පිටරටක තානාපති කෙනෙක් කරලා යවන්න.(ම)
කාලය ගතවෙනවා පමණි. කිසිවක් සිදුනොවේ (නි)
ලොකු ලොක්කෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති බව නොවේද මෙයින් මුළු රටටම ප්‍රකාශකර සිටින්නේ (නි)
ඇයි අහවලා පෙන්නුවේ රටටම ගත් ක්‍රියාමාර්ගය. අනේ මේ වගේ අය ඉන්න රටේ අපි ඉපදුනානේ? (නි)
මේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැති දක්වපු ඇල්මැරුණ ආකල්පය නිසා යහපාලනය මහා බැංකුවේ බැඳුම්කර සිද්ධියට පසු දෙවන වතාවටත් හෑල්ලුවුණා. තුන්වන වතාවටත් එවැනි දෙයක් සිද්ධ නොවන්න ජනාධිපති ක්‍රියා කරනු ඇතැයි ජනතාව උදක්ම බලාපොරොත්තු වෙනවා. (නි)
බලයට එනකන් තමයි ඔක්කොම. එදා පොලීස්පතිට ආපු දුරකථන ඇමතුමත්, එකට එතුමා දුන් උත්තරයත්, නාවික හමුදාපතිගේ හැසීරිමත්, රජය මේවා සම්බන්ධව ගන්න අනුගමනයත් නැවතත් පරණ යුගයට තමයි යන්නේ. (ම)
මොනාද ඉතින් යුරෝපිය රටක තානාපති හෝ ලොකුම උසස් වීමක්. (බ)
රටේ දේපොළ 88-89 කාලේ පුච්චලා විනාශ කරලා දැම්මා. දැන් හම්බන්තොට විනාශ කරලා දානවා. ඒවාට වන්දි ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාව, ඔවුන්ගේ බදු මුදල් වලින්. (නි)
කිසිම දෙයක් වෙන්නේ නැහැ. තව ටික දවසකින් මිනිසුන්ට ඔය සිද්ධිය අමතකයි (නි)
රණවිරුවාද? මාධ්‍යවේදියාද? සාධාරණය ඉටුවනතෙක් අපි බලාසිටිමු (නි)
මුළු රටම බලාඉන්නේ ඒක දැනගන්න තමයි (නි)
අපි නිශ්ශබ්දව බලා ඉන්නවා මොකක්ද වෙන්නෙ කියලා (නි)