නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ සේවා කාලය අද (30) අවසන් වීමට නියමිතය. මේ දක්වා ඒ මහතාට සේවා දිගුවක් ලබදී නැති බවත් නාවික හමුදා ආරංචි කියයි.
පසුගිය වසරේ ජූනි මාසයේ නාවික හමුදාපති ධූරයට පත්වූ ජයන්ත පෙරේරා මහතාට සේවා දිගුවක් නොලැබෙන්නේ නම් විශ්‍රාම ගත යුතුව ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතා මීළඟ නාවික හමුදාපති ලෙස තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දක්ෂ නාවික හමුදා නිලධාරියෙක් විජය ගුණරත්න මැතිතුමා. තෙරුවන් බලෙන් බොහෝ කල් රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබේවා (ම).
වඩා යහපත් වෙනසක් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු (නි)
විජය ගුණරත්න මැතිතුමා ඉදිරි වැඩ ටික හොඳින් කරාවී (බ)
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
මමත් ඔයාලගේ අදහස් අනුමත කරමි.(හේ)