හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න එම මාධ්‍යවේදියාට පහර දුන්නේය.
හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදා පිරිස අතර කොට කළිසමක් ඇඳ සිටි අයකු ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.
ඔහු මාධ්‍යවේදියාට පරුස වචනයෙන් බැණ වැදෙමින් පහර දුන්නේය.
තමා මාධ්‍යයෙන් බව කියද්දීත් ඔහු ඇඳ ගෙන ගොස් පහර දුන්නේය.
පහර කෑ මාධ්‍යවේදියා කියනුයේ තමාට පහර දුන්නේ නාවික හමුදාපතිවරයා බවයි. ඔහු හමුදාපති නොවේ නම් ඒ කවුදැයි හෙළි කරන ලෙස ද පිරිසක් ඉල්ලති.
මාධ්‍යවේදියකුට පහර දීම ගැන නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසූ විට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා කීවේ ඒ ගැන පැමිණිලි ලැබී නැති බවයි. ‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා.‘ යැයි ද ඔහු කීවේය.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ ඒ ගැන සොයා බලා පිළිතුරක් දිය හැකි බවයි.
නාවික හමුදාපතිගේ මෙම ක්‍රියා කලාපය නාවික හමුදාවටම බලවත් අපකිර්තියක් බවත්, ඔහු ගැන පරික්ෂණයක් පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.
නීතිය අනුව මෙම හමුදාපතිවරයා යුද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ආරක්ෂක අංශ ආරංචි කියයි.
හම්බන්තොට වරායේදී නාවික හමුදාපති පහර දුන්නැයි ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාර පොලිසියටද පැමිණිල්ලක් කර තිබේ.
(වීඩියෝ හිරු සහ දෙරණ ප්‍රවෘත්ති)
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සුපිරි යහපාලනය! (නි)
නිල ඇඳුම නැතුව රාජකාරි කරන්න අවසර තියෙන්නේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ට පමණයිලු (ර)
මේ පුද්ගලයා නාවික හමුදාපති නම් ඉල්ලා අස්විය යුතුයි මෙතන හැසිරුන ආකාරයට (නි)
අනේ ඉතින් අපිට කාගේ පිහිටක්ද? (නි)
ලංකාවේ යූනියන් තමා රට නැති කරන්නේ. ෂිප් එකක් බලෙන් නැවැත්තුවහම දවසකට වියදම $20000. ඊට අමතරව ඊළඟ පෝර්ට් එකෙත් ප්‍රශ්න වෙනවා. විරෝධතා වලට රජයේ දේපොළ පාවිචිචි කරලා තිබුනා නේද? මාධ්‍ය වලට වුණත් පෝර්ට් එකට යන්න බැහැ අවසරයක් නැතුව. නීතිය දන්නේ නැති අයත් අදහස් දාලා තියෙනවා. (නි)
කිසිවෙකුටවත් පහරදෙන්න අයිතියක් නැහැ කාට වුණත් (නි)
නවින්ද වගේ අය රටටම අවාසනාවක් (නි)
උද්ඝෝෂණ කියලා රටක ක්‍රියාකාරකම් වලට කරදර කරන අයට ගහලා එළවන්න ඕනෑ (නි)
නවින්ද, ඔබ කිවුවා හරියට හරි. මේ අය නිදහස රට ප්‍රපාතයට දැමීමට පාවිච්චි කරනවා (නි)
නාවික හමුදාපති කියන්නේ රටේ ත්‍රිවිධ හමුදාවෙන් එකක ප්‍රධාන අණදෙන නිලධාරියා. ඉතින් ඒවගේ උසස් නිලධාරියෙකුගේ අතින් කණ අතගාවා ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද? අනික නිකන්ද? අත්මේස් නැතුවම? මම නම් නාන්නේත් නැහැ. (නි)
ආරක්ෂකයින් පිරිවරාගෙන තනි මිනිහෙකුට පහරදෙන්නා කවුරු වුණත් ඔහු බියගුල්ලෙක් නැත්නම් නිවටයෙක්. (නි)
චමිලා, මාතෘකාව වරාය හදපු එක නොවෙයි, නාවික හමුදාපති මාධ්‍යවේදියාගේ හොස්ස මිරිකයි කියන එක. (නි)
මාධ්‍යයට අතතියන්න දෙන්නෙ නැති ගානට සමහරු නම් කතාකළේ (නි)
නාවික හමුදාපතිට උත්තමාචාරය! (නි)
චමිලා, ඔයා සූප්පු කරන යහපාලන කටු හරි රසයි වගේ (නි)
මේ ඇඳගෙන ඉන්නේ මුහුදු නිල ඇඳුම නේද? (නි)
ජනාධිපතිතුමනි, මෙන්න රැහේ උන්ට ගහනවා. බලන්නේ නැද්ද? (නි)
යුද්ධය තියෙන කලේ ආසාවටවත් අහලා නැති නමක් නාවික හමුදාපතිතුමාගේ. මීට කලින් හිටපු ගරු නාවික හමුදාපතිටත් ඔය හැසිරීම අගෞරවයක්. මොනවා කරන්නද බඩගින්නට කන්න දුන්නත්, මොළේ දෙන්න බැහැනේ!! (නි)
මෙතන ගොඩක් අදහස් දාපු අය යහපාලනේට කතිරය ගහලා තාම තණකොළ කන අය වගේ අපිට පෙනෙන්නේ (නි)
උද්ඝෝෂණ කිරීම මිනිසුන්ගේ අයිතියක්. ඒත් ඒ අයිතියට මුවාවෙලා වරායට එන නැව් තමන්ගේ භාරයට ගැනීමට උත්සාහ කිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්. වෙන රටක වෙළඳ නැවකට පහර දීම වෙනත් රාජ්‍ය අතර ගැටුමක් දක්වා පවා දුරදිග යන්න පුළුවන් ප්‍රශ්නයක්. නාවික හමුදාවට බනින්න බැහැ මේ වෙලාවට. කලහයෙන් එන මිනිසුන්ට කිරිපොවලා ඔලුව අතගාන්න බැහැනේ. (නි)
කම්මුල් පාරක් කෑවට ලොකුවට කෑගහන්න ඕනද? වෙඩි කෑවේ නැහැනේ? (ර)
මෛත්‍රී මහත්තයා ගැන අපිට විශ්වාසයි. මොහුට උපරිම දඬුවම් දෙන්න. මාධ්‍යයට අත තැබීමට කිසිවෙකුට බලයක් නැත. (නි)
මෙයා ලංකාදීපෙන් කියනවා , අයිලන්ඩ් කියනවා එයාලගේ කෙනෙක්ලු. ඇත්ත මොකක්ද ? (ර)
වෙනත් රටවල හමුදාපතිවරු මෙවැනි සුළු සිද්ධි වලට පැටලිලා කවදාවත් මම ෆොටෝ එකක් පත්තරේක දැකලත් නැත. අහලත් නැත. (නි)
යහපාලන කට්ටිය නාවික හමුදාපතිවරයාව ගෙදර යවයිද දන්නේ නැහැ. එහෙමත් කරන්න බැරි නැහැ මේ යහපාලන කට්ටිය. මේ නාවික හමුදාව එතන හිටියේ නැත්නම් ආණ්ඩුවට විශාල කළු පැල්ලමක් එකතුවෙනවා. (නි)
ඒ නාවික හමුදාපති තියා කවුරු වුණත් එයාට කබරගොයාත් තලගොයා වගේ පෙනිලා වගේ. (නි)
හමුදාපති කෙනෙක් මෙහෙම හැසිරෙනවා දැක්කමයි (ර)
හමුදාවේ පහළ නිලධාරින්ට මෙයා සළකන ආකාරය ගැන විවිධ කටකතා තිබෙනවා. මේවා ඇත්තක්ද? අපිව දැනුවත් කරන්න. (නි)
විශාකා, එහෙම ගුටිකෑමත් සමහරුන්ට ලොකු දෙයක්. පස්සේ ඇදගෙන නාන්නම වෙනවා (නි)
මාධ්‍යවේදින්ට මෙහෙම පහරදෙන එක යහපාලනයට එකඟද? (නි)
මාධ්‍යවේදියාට තිබුණේ පිළිවෙලකට ගොස් මේ වැඩේ අවසර ඇතුව කරන්න නේද? (නි)
හොස්ස මිරිකන්න ගන්නා වෙර මුහුණින් පෙනෙනවා. (නි)
අපේ රටේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම... ඒ තියෙන්නේ නාවික හමුදා මුහුදු ඇඳුම. ඔහු ඉන්නෙත් නිල ඇඳුමෙන්. ඔහු කරන්නේ ඔහුගේ රාජකාරියට බාධා කරන අයෙක් ඉවත් කිරීමක්. මුහුදු කොල්ලකාරයන් සේ හැසිරෙන සිවිල් ජනතාවකට නම් ඔය ආකාරයත් හොඳ වැඩියි (නි)
විශාකා, එහෙම හිතන අද ලෝකයේ විශාකාවන් ඉන්නවා. (නි)
‘ඒ අයින් වෙන්න කියනවා‘ නෙමෙයි. මම හිතන්නේ මෙයා මුහුණ අතගාලා බලනවා වගෙයි (නි)
අපේ රටේ මිනිසුන් ප්‍රශ්නයකදී ඊට මුහුණදෙන ආකාරයනම් හරිම නින්දිතයි. (ර)
මොකට ආවත් මෙතන තිබෙන ප්‍රශ්නය නම් කිසිම කෙනෙකුට පහරදෙන්න කාටවත් බැහැ. මොහු වහාම අත්අඩංගුවට ගන්න (නි)
විශාකා, මමත් ඔයත් එක්ක එකඟයි. අනෙක හැඩිදැඩි ගාම්භීර අතකින් කනකොට කාටද ආඩම්බර, යහපාලනයට හැර. (නි)
මේ සම්බන්ධව හමුදා අධිකරණයකින් තීන්දු ගන්න බාර නොදී, රටේ සිවිල් නීතිය අනුව ක්‍රියාත්මක වියයුතුයි. මේ වගේ චණ්ඩියෙක් අපේ රටේ නාවික හමුදාපති කියන්න අපිට ලැජ්ජයි. පොලිස් පැමිණිල්ල කෙරෙහි සියලු දෙනාම අවධානයෙන් සිටිය යුතුයි. (නි)
\" ලංකා\" ඔබ කියපු දේ තමයි මමත් කියන්නේ. මමත් එකයි ඔබ සමග . (ර)
මේ යහපාලන ප්‍රෝඩාව මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් නුඹලාට විඳවන්න වෙයි ඉදිරි දශක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම. (නි)
සුදු වෑන් තර්ජන නැතිවුණායින් පස්සේ මාධ්‍ය මාෆියාවක් වේගෙන එනවා වගේ දැන් දැන්. (නි)
නැවක් බේරාගෙන ජාත්‍යන්තර අපකීර්තියෙන් රට බේරාගත් නාවික හමුදාවට මාගේ උත්තමාචාරය! (නි)
ඉවසීමක් නැහැ. මෝඩ විදියට හැසිරෙනවා. රටේම විනය පිරිහිලා. නීතියක් නැතුවා වගේ. රටම එන්න එන්නම අගාධයට යන්නේ (නි)
මේ ක්‍රියාව මම අනුමත කරනවා නෙමෙයි. නමුත් මෙතන මාධ්‍යවේදියා කළ කී දේවල් අපි දන්නෙ නැහැ. එයා සමහරවිට අර නිලධාරියාව ප්‍රකෝප කළාද දන්නේ නැහැ. මේ රටේ ගරුකටයුතු පුවත්පත් කලාවේදියෝ ඔක්කොම වැඩකළේ යම් සීමාවක් ඇතුළේ. (නි)
නලින් හමුදාපතිට මුකුත් වෙන්නේ නැත (ර)
මාධ්‍යවේදියාට තිබුණේ පිළිවෙලකට ගොස් මේ වැඩේ අවසර ඇතුව කරන්නලු. එතකොට කෝච්චිය ගිහිල්ලා. එතනදීම කියාවි මේවා පත්තරවල දාන්න එපා කියලා. ඔය මිනිස්සු ඔය රැකියාව කරන්නේ සීමාවන් නොදැන නොවෙයි. නමුත් ඔය හොම්බ මිරිකන අය ඒවා කරන්නේ සීමාවන් නොදැන. නැත්නම් ප්‍රධානියා ඔය වගේ වැඩකට අතදායිද? (නි)
අද පෝය නිසා වෛරය ගන්න හොද නැහැ නමුත් හමුදා පති සිමාව ඉක්මවා ඇති බව පේනවා (හේ)
මොහු තනතුරට නුසුදුස්සෙක් (නි)
අන්තිම කැත වැඩක්. (නි)
මෙතන මාධ්‍යවේදියා කළ කී දේවල් අපි දන්නෙ නැහැ. මාධ්‍යවේදියාට කිසියම් පුහුණුවක් දීලා තිබෙනවා. එයා දන්නවා තනිවම කරන රාජකාරියේ අනෙකුත් අය ප්‍රකෝප නොකරන්න. නමුත් ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉන්න අය හිතනවා තමට වැඩි කෙනෙක් නැහැ කියලා. මාධ්‍යවේදියාගේ පෑන බලවත් කියලා මේ අය දන්නේ නැත. (නි)
මම මාධ්‍යවේදියා වුණා නම් දෙනවා ඇට්ටි හැළෙන්නම. (නි)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)
මේ මොනාද මේ රටේ වෙන්නේ හරිම කලකිරීමක් ඇති වෙන්නේ (ර)
කිසිම සංයමයක් නැති දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. (නි)
හොඳ දෙයක් නෙමෙයි මේ පහරදීම නම් (නි)
අපේ රටේ විනාශය ළඟාවෙමින් තියෙනවා. ඒ බව දැන් හොඳින් පේනවා. ඉවසුවා ඇති (නි)
කෙනෙකුට ගහන්න අයිතියක් නැහැ. නමුත් දැන් දකින දෙයක් නම් සමහරු ඕනෑවට වැඩිය වැඩ කරන්න යනවා. නිදහස තිබුන පළියට ප්‍රයෝජන ගන්න හොඳ නැහැ (නි)
යුද්ධෙත් එක්කම බැඳුන නාවික හමුදාවක් අපිට ඉන්නේ. යුද්ධය තියා සද්දෙවත් අහලා නැති අයයි සමහර අදහස් දාලා තියෙන්නේ (නි)
මෙවන් දේවල් අනුමත කරන්න බෑ (ර)
නාවික හමුදාවට වරදක් කියන්න බැහැ (නි)
මේවා මෙහෙම වෙන බව කොසොල් මහා රජ්ජුරුවෝ දැක්කා. බඩ පුම්බාගත් හිස කළගෙඩියක් වගේ අය ගැන එතුමා කිවුවා. මඩකළපුවේදී නිලධාරියට මහ ඇමති පරුෂ වචනයෙන් බැනපු වෙලේ මෙයාගේ අත පය කොහෙද තිබුණේ? (නි)
මෙතුමා මේ රටේ යුද්ධය සදහා අතිවිශාල දායකත්වයක් දුන් කෙනක්. විශේෂ යාත්‍රා බලගණයේ නිර්මාතෘවරයා මෙතුමයි. හැමෝම එය දැනගත යුතුය. (නි)
මාධ්‍යවේදියෙකුට අත තියන්න බැහැ තමයි. නමුත් මාධ්‍යවේදීනුත් තමන්ගේ සීමාව දැනගන්න ඕනෑ (නි)
මේ පුද්ගලයා තියා වෙන කවුරු හරි කාට ගැහැව්වත් එක වැරදියි. එත් අපේ ලංකාවේ ඉන්න වැඩි හරියක් මෝඩයෝ වගේ , කිපිලා අනික් අයට අත පය විසි කරන්න හරි හපන්නු. ඒක අපේ ජාතියේම දුර්වල කමක්. දියුණු රටවල එහෙම වෙන්නේ නැති තරම්. කොහොම වුනත් මේ පුද්ගලයාට විරුද්ධව ක්‍රියා කල යුතුයි. අර කවුද කිව්වා වගේ හම්බන්තොට වරාය ජාතියට නිගාවක් මිසක් නිධානයක් නම් නෙමෙයි. නිධානයක් වෙනවා පාඩුව පිරිමහගන්නවත් නව ආවා නම්. නිකම් බොරු කියන්න එපා. (ර)
සමුරා, නාවික හමුදාපති මෙතන මාධ්‍යවේදියා සමග යුද්ධයක්ද කරන්නේ? ඔය කියන විදිහට එහෙම යුද්ධ නම් මම දැකලා අහලා නැත. ඇමරිකාව වගේ රටක නම් ඔය ටිකම ඇති ලොක්කා ගෙදර යවන්න. (නි)
මධ්‍යවේදියෝත් මීටවැඩිය රට ගැන හිතන්න ඕනෑ. (නි)
මාධ්‍යවේදියෝත් දැනගන්න ඕනෑ තමන් කොහොමද ඔය වගේ තැනකට ගියාම හැසිරෙන්න ඕනෑ කියලා. ඇයි මෙයාට විතරක් ගැහුවේ? (නි)
රටක හමුදාපතිවරයෙක් තමුන්ගේත් රටෙත් ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කළයුතුයි. අනේ මන්දා යහපාලනය නේ (නි)
මාධ්‍යවේදියා කියන්නේ රටට සම්පතක් (නි)
ඉස්සර හිටපු නාවික හමුදාපතිලට අපි මොනතරම් ගෞරව කළාද? වසන්ත කරන්නාගොඩ මැතිතුමා ඒ අතරින් ඉහළින්ම සිටිනවා. මේ උදවිය එයාල හැසිරුන විදිය දැකල නැද්ද මන්දා? (නි)
ගින්නක් නැතුව දුමක් නොගනී.... නිදහස් මාධ්‍යවේදීන්ට ගහන්න එපා. ඒක වැරදියි. (නි)
ඔය නාවික හමුදාපති නම් ලැජ්ජා විය යුතුයි. නාවික හමුදාපති කියන්නේ වැදගත්, ගරුකටයුතු, විනය ගරුකරන, උගත්, බුද්ධිමත්, නිර්භීත තමා නිසා තම නිලය බබළවන වැදගත් මහත්මයෙක් කියලයි මම නම් හිතන්නේ. (නි)
මුලින්ම පොලිස්පති. දැන් නාවික හමුදාපති. බලාගෙන යනකොට මොන ‘පතිත්‘ එකයි (නි)
නාවික හමුදාපතිගේ කිසිම වරදක් නැහැ. නියම නායකයෙක්. අවශ්‍ය අවස්ථාවේ ගන්න ඕනෑ තීරණය අරන් තියනවා (නි)
මේක ඇතුළේ ෆොටෝ ගැනීම තහනම් දෙයක්. එ්කට අවසර තිබිය යුතුය. අපේ රටේ අයට මේ ගැන තේරුමක් නැහැ. (නි)
හැබැයි සමහර මාධ්‍යවේදීන් සිතන්නේ රටේ නීතිය ඔවුන්ගේ අතේ කියා. ඔවුන්ට ඕනෑ සෑම දෙයක්ම නීතියෙන් කරන්න පුළුවන් කියා. රටේ නීතියට ඔවුනුත් ගරු කළයුතුය. නාවික හමුදාව කළේ ඔවුන්ගේ රාජකාරිය (නි)
හොඳ නායකයෙක් යනු රටට සම්පතක්. එ්ත් සිදුවන දේවල් අනුව නායකත්වය ගැන ජනතාව කණගාටු වෙනවා. මේ ප්‍රශ්න ගැටුම් මඟින් විසඳන්න ගියොත් වෙනත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අවුරුදු 30 ක් දුක්විඳලා අපි දිනාගත් නිදහස අනතුරේ දාන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. වැරදි උඩගෙඩි දෙන්න ගියොත් එහි විපාක හැමෝටම විඳින්න වේවි. තනතුර ආභරණයක් මිස ආයුධයක් කර නොගත යුතුයි. (නි)
ලුම්බිණි දන්නා දෙයක් නැහැ. මම එතුමාව දන්නේ උප ලුතිනන් කාලේ ඉඳලා
කෝ මේ රැහේ මිනිස්සු නැද්ද මේවා සොයා බලන්න? (නි)
නියම යහපාලන මාධ්‍ය නිදහස! (නි)
මේ නාවික හමුදාපති නම් මොහුගේ මේ ක්‍රියාපටිපාටිය කිසිසේත්ම ඔහුගේ තනතුරට නොගැළපේ. ඔහු එක්කෝ තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. එසේ නැත්නම් සේවයෙන් පහකළ යුතුය (නි)
පහත් තැනින් යයි ගලා ජලේ කිවුවලු (නි)
අපේ අයට මිනිසුන්ට ගහන එක පැෂන් එකක්. මේ අයගේ ඇඟේ හැටියට මොළෙත් තිබ්බා නම් කොච්චර ලොකු වැඩක් කරන්න පුලුවන්ද? මුළු රටටම පෙනෙන්න ලොකු දඬුවමක් දෙන්න (නි)
ක්‍රියාන්විත රාජකාරියේදී ඉදිරියෙන්ම ගොස් නායකත්වය දෙන, ක්‍රියාවේ යෙදෙන හමුදා ප්‍රධානියෙක් සිටීම ගැන අපි ආඩම්බර විය යුතුයි. (ම)
බලනකොට කවුරුත් එකයි (නි)
මාධ්‍යවේදියාට පහරදීම වැරදිය. නමුත් මෙවැනි විරුවකුට අපහාසද නොකරන්න. තම ජිවිතයෙන් අවුරුදු 30 කර වැඩ කාලයක් ඔහු කැප කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවත් රටත් වෙනුවෙනි. මොහු වැනි අභීත නායකයන් තමා හමුදාවට අවශ්‍ය. (නි)
පුදුම මාධ්‍ය නිදහසක් තමයි ලංකාවේ ඉල්ලන්නේ. (නි)
රට අරාජික බව දැන් පැහැදිලිව පේනවා. ආරක්ෂක ලේකම් හා නාවික හමුදාපති වැඩකරගෙන යනවා. යහපාලනයේ මාධ්‍ය නිදහස මේකද (නි)
රටේ සිදුවන දෙයක් වාර්තා කීරීම කිසිදු වැරැද්දක් නොවේ. (නි)
යු එන් පී ඉන්න එජාප අයෙක් නම් කියන්නේ හොඳ වැඩේ, නාවික හමුදාපති නියම පොරක් කියලා. අර ටෙලිෆෝන් කතාව නිසා මාධ්‍ය නිදහස ඕනෑවට වැඩිලුනේ. ඕනෑ නැති දේවල් එළිකරනවලු. අපි නම් කියන්නේ දේශපාලන අන්ධබාවයෙන් තොරව මහජන අයතීන් රකින මාධ්‍ය අප රැකගත යුතුබවය (නි)
චමිල, ලංකාවේද ඉන්නේ? දැන් විකුණන්න හදන්නේ එංගලන්තෙටද? එදා අය වැරදි කළා වැඩත් කළා. අද ජනතාව පිට බදු පනවා මන්ත්‍රීන් ටික රැකගන්න බලනවා (නි)
මාධ්‍ය වේදියෙක් වුනත් අනිසි වෙලාවට නුසුදුසු තැන රැදී සිටීම වැරදියි.යම් නීතිමය හේතුවක් නිසා මිනිසුන් ඉවත් කරනවානම් මාධ්‍ය වේදියා කලයුත්තේ අනෙකට ආදර්ශයක් වී ඉවත් වීමයි.එසේ නොවී මාධ්‍යයයි කියාගනිමින් බාධා කරයිනම් ඔහුව කෙසේ හෝ ඉවත් කිරීම රාජකාරියේ නියතු පුද්ගලයන්ගේ වගකීමයි.(ම)
ඒ මෙහෙයුමට අණදුන් ‘නාවික හමුදාවේ‘ යැයි කියන ඒ 'සද්දන්ත පුද්ගලයාට' මාගේ ආචාරය! අනෙක අපේ කාලයේ නම් ඕක ඕනෑ ගොනෙකුට කරන්න පුළුවන් (නි)
මෙය යහාපලනයේ එක අවස්ථාවක් පමණයි ඔබ ,2015 කරපු වැරැද්ද නිවැරදි කරගන්න අදම හිතට ගන්න.වහාම ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන්න පෙරට එන්න. (ම)
සමහරුන්ගේ අදහස් වලට දුකයි (නි)
ඔවැනි බාධා වලින් කිසිවිටෙකත් මාධ්‍යවේදියා නොසැළේ (නි)
මෙතන අදහස් දක්වපු සමහරු ගැන දුකයි. හරි දෑනුමක් නැතිකම තමයි. මේ වරාය ගමේ හැදුවා නෙමෙයි, වරාය අවශය තැනයි හැදුවේ. ඒ වගේම නාවික හමුදාපතිට තබා පොලිස්පතිටවත් මිනිසුන්ට පහර දෙන්න අයිතියක් නැහැ (නි)
ඉතින් අපි බලමු මේ නාවික හමුදාපතිට වෙන්නේ මොකද්ද කියලා. (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ ශ්‍රී ලංකාවේ මොන උද්ඝෝෂණයද සමාදානව කතා කරලා ගිය කට්ටිය ඉන්නවද ? හොදින් කිව්වට කිසිම මිනිහෙක් අහන්නේ නැ මුණ පුරවල දෙකක් දුන්නම තමා පියවි සිහිය එන්නේ එ්ක නිසා මේ අයට ගුටියෙන්ම තමා මෙල්ල කරන්න ඕන කරපු වැඩේ හරි (බ)
නවින්ද, යමක් හරියට තේරුම් කරගෙන අදහස් දාන්න. ඔබගේ කතාව අන්තිමයි. යමක් ප්‍රකාශ කිරීමට සෑම කෙනකුටම අයිතිය තිබෙන බව අවබෝධ කර ගන්න (නි)
දැන් ලංකාවේ අලුත් ක්‍රමය තමයි මේ. යන්න කියන එක අලුත් පරපුරට ඉගෙනගන්න වෙනවා අලුතින්. ගොඩක් දේවල් තියෙනවා මේ වැඩිහිටියන්ගෙන් දැනගන්න. මේ වැඩිහිටියෝ හරි උගත් (නි)
හැමෝටම පැහැදිලියි සිද්ධවුණ දේ! (නි)
නාවික හමුදාපතිගේ ශරීරයෙන්ම පේනවා කරන වැඩ. දසමහා යෝධක් වගේ. වීරයෙක් වගේ අහිංසකයන්ට පහර දෙන්න හදන හැටි හෙළා දකිනවා (නි)
මෙතන වෙලා තියෙන සිද්ධිය බරපතලයි. සෝමාලියාවේ වගේ නෑව් බලෙන් අල්ලගෙන ඉන්න බැහැ. (නි)
අද අපේ රටේ සමහර මාධ්‍යවේදීන් ගැන අපිට තියෙන්නේ එතරම් පැහැදීමක් නොවෙයි. වරායට එන විදේශීය නෞකා රඳවා ගන්නවා කියන්නේ, හම්බන්තොට විතරක් නොවෙයි කොළඹ සහ ත්‍රිකුණාමලයත් අනතුරේ කියන එක තමයි. පොදුවේ රටේ ආර්ථිකයටම මරු පහරක්. (නි)
මම නම් මේ ප්‍රශ්නයේදී මාධ්‍යවේදියාගේ පැත්තයි ගන්නේ (නි)
මම හිතනවා කවුරුහරි උගත් නීතිඥ මහතෙක් මේ සිද්ධිය මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් මහාධිකරණයට ඉදිරිපත් කරාවි කියලා. නිල ඇඳුම නැතුව රාජකාරි කරන්න අවසර තියෙන්නේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ට පමණයි. මෙතන හමුදාපති රාජකාරියට අදාළ නැති සිවිල් පුද්ගලයෙකු හැටියට මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් පහර දෙනවා කියා නීතිය ඉදිරියේ ලේසියෙන්ම ඔප්පු කළහැකියි. එවිට ඔය තියන පිත්තල බොත්තම් ගලවා තියලා නිකන්ම ගෙදර යන්න වේවි (නි)
කපිල, මාධ්‍යවේදියා නෑව් බලෙන් අල්ලන්න ගියේ නැත. එයත් කරන්න ගියේ සිදුවීම් වාර්තා කරන්න පමණයි. වාර්තා නොකළ යුතු දේ එතන සිදුවුණ නිසයි මාධ්‍යවේදියාගේ මුහුණ මිරිකන්න හදන්නේ. මෙතන සිදුවන්නේ දේශපාලුවන්ගෙන් ලකුණු දා ගැනීමක්. (නි)
කෙළින්ම කිවුවා නම් ඉවරනේ මම ලංකාදීපයෙන් කියලා (නි)
මේ තරම් තරබාරු ඇඟක් තියෙන කෙනෙක්ද අපේ නාවික හමුදාපති? උඩම පින්තූරේ විරිත්තාගෙන අහිංසකයෙකුට ගහන හැටි කදිමයි. (නි)
මේ රජයේ අවසානය මෙතනින් පටන්ගත් වගයි! (නි)
සාකච්චාවක් මගින් විසඳා ගත යුතුව තිබු ආරවුලක් (හේ)
මාධ්‍යවේදීන්ට පහරදෙන එක වරදක් වුණත් ඔක්කොම කුණුකන්දල් හොයන එක නම් වැරදියි. මෙම උද්ඝෝෂණයට නෞකා මංකොල්ලකෑම අනුමත කළ නොහැකියි. දේශපාලන බේදයකින් තොරව හොඳට හිතලා බලන්න. උපරිම නිදහසෙන් අපේ අය ප්‍රයෝජන ගන්න විදිය ගොඩක් වැරදියි. (නි)
මේ වගේ පොලිස්පතිලා, හමුදාපතිලා හිටියේ නැහැ මහින්දගේ කාලේ. (නි)
මොකද ඔක්කොම බලන්නේ ප්‍රශ්නයේ එක පැත්තක් විතරයි. නැව් වලට පැනලා කරපු නාඩගම ගැනත්, පිටුපස සිටින දේශපාලන හස්තය ගැනත් කතාවක් නෑ.(හේ)
මෙයාගෙන් පාරක් කෑවොත් ඉතින් යගුලියකින් වැදුනා වගේ ඇති (නි)
මේ සෙල්ලම් ඔක්කොම පොඩි මිනිස්සුත් එක්ක තමයි, (හේ)
මෙතන මාධ්‍ය මහතා වරාය අධිකාරිය භූමිය තුළ සිටියේ එහි පාලකයන්ගේ අවසරය ඇතුවද? නැත්නම් එය වරදකි. එසේනම් එතනින් එළවීම වරදක් නොවේ. (නි)
මාධ්‍යවේදියාට පහර දීම වැරදි . එයට හමුදාවෙන් කරුණු විමසිය යුතුයි . එත් දැන් වෙන්නේ හඳ පෙන්වන විට ඒ දෙස නොබලා ඇඟිල්ල දෙස බැලීමයි . ජනතාව හෙළ දැකිය යුත්තේ රටේ සම්පත් විකිණීමයි . කතිකාවත් විය යුත්තේ එයයි . විරෝදය දැක්විය යුත්තේ එයටයි . එසේ නොකට හමුදා නිලධාරියා ගේ පලු යැවීම කාලය කා දැමීමක්.මේ අස්සේ තිබෙන දේ විකිණීමට හා පරණ පාලකයාට බැණ වැදීම පමණක් දත් පාලකයන් සිය කටයුතු වේගවත්ව සිදු කරයි .ජනතාව රොක් විය යුත්තේ රටේ සම්පත් බේරා ගැනීමටයි . මාගම් පුර වරාය හරියාකාරයෙන් ක්‍රියාත්මක් කලොත් එය රටට නිදානයක් . එහෙත් පාලකයන් එය විකුණා කෑමට සැරසේ .(හේ)
බමුණුගේ බමුණු මත...... අවස්ථාවේ හැටියට නැව් වරායෙන් පිටතට ගෙනයාමටත් සූදානම්ව මුහුදු නිල ඇඳුමෙන් නිරායුධව පැමිණි නාවික හමුදාපතිවරයා, කොතෙක් හොඳින් කිවුවත් කන් නොදෙන මිනිස්සු ශාරීරික ආබාධ නොවෙන ලෙස තල්ලු කිරීමෙන් හෝ ඉවත් කිරීමට උත්සාහ ගැනීම විශාල වරදක් ලෙස දකිනවා සමහර පුද්ගලයන්. (නි)
මගේ නම් අදහස මේකට වගකියන්න ඕනෑ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. එයා මේ වරාය හදපු නිසා තමා උද්ඝෝෂණ කළේ. උද්ඝෝෂණ කළ නිසා තමා නාවික හමුදාව ආවේ. ඒ නිසා තමා මාධ්‍යවේදියාට ගුටි කන්න වුණේ. ය(ම)පාලන ආණ්ඩුවේ කිසි වරදක් නැත. (නි)
නිල්පාට ඇඳුමෙන් සැරසී ඉන්නේ දේශපාලන පක්ෂයක අයෙක්ද? (නි)
මේ අසංවර හැසිරීම ලෝකෙම දැක්කා. නාවික හමුදාවට පමණක් නෙමෙයි රටටම ඇති වුණේ විශාල කළු පැල්ලමක්. මෙයට විරුද්ධව විනය පියවර ගන්න. උසස් නිලධාරියකු තුළ තිබියයුතු හික්මීම නැහැ. එය නුසුදුසුකමක්. (නි)
මෙතන ලියන බොහෝදෙනා පිළිගන්න දෙයක් තමයි පාලකයින්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට මහජනයාට පහරදීමේ අයිතියක් තිබෙනවා කියන එක. මගේ අදහස නම් අපිට කාටවත් රාජකාරී මට්ටමෙන් පහරදීමේ අයිතියක් හෝ රාජකාරී මට්ටමෙන් පහරකෑමේ අයිතියක් හෝ නැති බවයි. (නි)
රට කන අයට දඬුවම් දෙන්න ඕනෑ (නි)
මට රාජකාරී මට්ටමින් කෙනෙකු පහර දුන්නොත් මම මගේ මුළු සේසතම වියදම්කොට නාඳුනන වැඩකරුවෙකුට වැඩේ බාරදෙනවා. (නි)
මාධ්‍ය ගහලා මට්ටු කරන්න නම් බැරිවේවි. මේ විරෝධතා දක්වන්නේ තම සම්පත් රැකගැනීමටයි. (නි)
මොහු මේ තනතුරට නුසුදුස්සෙකු බව ඔප්පු කර ඇත. (නි)
මේ ‘කොට කලිසම්කාරයා‘ නාවික හමුදාවේ අයෙක්ද? අනේ මන්දා! (නි)
ආඥාපතිට අපෙත් ප්‍රණාමය පුද කරනවා. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නුඹලාගේ උද්ඝෝෂණ, වැඩ වර්ජන, ඉල්ලීම්, කන්කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් නුඹලාම තියාගන්න. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැළසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. ඒ මෙහෙයුමට අණදුන් ‘නාවික හමුදාවේ‘ යැයි කියන ඒ 'සද්දන්ත පුද්ගලයාට' මාගේ ආචාරය! (නි)
දැන් හොඳ හොඳ කතා වේදිකාවේ අහන්න ලැබෙයි.(හේ)
මෙය නාවික හමුදාවේ වගකීම. අපි නම් මොකුත් කියන්නෙ නැහැ (නි)
60% ශ්‍රී ලාංකික මෝඩයින් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)
නාවික හමුදාව එනවා දැක්කේ නැද්ද උඩට වෙඩි තියාගෙන. හමුදාවේ රාජකාරියට බාධානොකර එතනින් ඉවත්වෙන එකයි කරන්න තිබුණ සුදුසුම දේ (නි)
තනතුරේ බලයෙන් ඉදිමී ඇති හැඩයි (නි)
යහපාලනයේ මාධ්‍ය නිදහස රටටම පෙනුණු හැටි. ඔබට සතුටුයිද දැන්? (නි)
නාවික හමුදාව ගැන ආඩම්බරයි (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ, කිසි කෙනෙකුට එහෙම කරන්න බැහැ තමන්ගේ නිල බලය පාවිච්චි කරලා. පුළුවන් ඇති සී ෂෙල්ස් වල, ලංකාවේ නොවේ. ඔයත් හරියට ඔලුව උදම්මාගත් කෙනෙක් වගේ. (නි)
තිලක්, මාධ්‍යවේදියෙකුට පමණක් නොවෙයි කිසිම කෙනෙකුට ක්‍රෝධ සිතකින් අත තියන්න බැහැ. මේ අහිංසකයා නිසා නොවෙයි තවත් බලවත් කෙනෙකුට වුණා නම් එයා කෝටියක් වුණත් වියදම් කරාවි මේකේ පළිය ගන්න. (නි)
බමුණුසේන, ඔබ හරියටම හරි. මමත් ඕකම තමයි කරන්නේ මට එවැනි තත්වයක් අාවොත්. අපි කාටවත් දෙවැනි වෙන්න ඕනෑ නැහැ. අපි වැරදි කරලා නැත්නම්. (නි)
දැන්නම් මාධ්‍යයට හරි අපලයි වගේ (නි)
'අද පෝය නිසා වෛරය ගන්න හොඳ නැහැ'. අනික් දවසට වෛරය කරන්න කියන එකනේ ගම්‍ය වෙන්නේ. (නි)
නීතියක් විනයක් නැති නිළධාරියාට තනතුරක් දීම නියම යහපාලනයෙහි දැක්මයි. ඔබ සියලු දෙනා බලා සිටින්න. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිතුමා ගන්න සාධාරණ තීරණය කොතරම් සාධාරණද කියා. (නි)
අපේ රටේ අය පාරේ කෑගහන එක විලාසිතාවක් කරගෙන. පහුගිය කාලේ නම් ඔහොම දැඟලුවේ නැහැ. එහෙනම් සුදු වෑන්එක ළඟටම එනවනේ (නි)
චමිලා, මෝඩ කතා කිය කියා කඩේ යන්න. ඩොලර් මිලියන 400කින් ගමේ හදපු වරාය තමා දැන් යහපාලනය මිලියන 1,100 කට විකුණන්නේ. ඉල්ලකම්වත් තේරෙන්නේ නැතුව කඩේ යනවා යහපාලනයට. ලබන ඡන්දෙන් ඔයාට හොඳ උත්තර ලැබෙයි (නි)
අඩුව තියාගෙන අත පුච්චාගන්නේ මොකටද? අනේ මන්දා! (නි)
මාධ්‍යයට දැන් කුඩම්මාගේ සැළකිළිද? (නි)
නාවික හමුදාවට වැරැද්දක් කියන්න මට නම් බැහැ (නි)
තොරතුරු දැනගැනීමේ පනත අනුව මාද්‍යවේදීන්ට ඇතුළු වීමට තහනම් ප්‍රදේශත් තියෙනවද ? (ම)
මේ මෝඩ බමුණු කියන මෝඩ කතා! අපිට කවුරුහරි පහර දුන්නොත් අපි එය ඉවසීමෙන් සිට ඔහුට වෛර නොකර වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන උතුම් වදනට හිස නවමු (නි)
ජීවත්වෙන්න බැරුව ඉන්න අහිංසක දුප්පත් ජනතාවට ආණ්ඩුව බදුත් ගහලා පහරදෙන විදිහට මේවට පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
වෙන රටක නැවක් සිය අතට ගැනීම රටට ජාත්‍යන්තර වශයෙන් හොඳ නැහැ. මේක ආණ්ඩුවට කලින්ම විසඳන්න තිබුන වැඩක්. මාධ්‍යයට ගහන එකත් ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක්. තමන්ගේ තනතුර ගැන නොසිතා කුණුහරුප කියන එක අතපය වනන එක නම් වැරදියි (නි)
ජනතාවගේ මුදලින් මොහු සහ මොහුගේ පවුල රැකෙන්නේ. ජනතාව අාරක්ෂා කරනවා මිස ඔවුන්ට පහරදීම නින්දිත වැඩකි. වැඩිපුර නූගතුන් සිටින රටක මෙවැනි දේ සිදුවේ. (නි)
මෙතන ඉන්නේ ඔක්කොම කාගේ අයද කියලා හොඳට පේනවා (නි)
සමහරු හිතාගෙන ඉන්නේ රජයේ සේවකයා විතරයි රාජකාරි කරන්නේ කියලා (නි)
මේ අයගේ දේශපාලන පත්වීම රැකගන්න හදාගන්න කියලා රටේ වරායේ කීර්තිනාමය කෑවාම හරිද? නැව් වලට මිලියන් ගණන් වන්දි ගෙවන්නේ අපිනේ... (නි)
මේකේ ලියන ඒවායින් තේරෙනවා අපට වෙලා තියන දේ. වැරැද්ද හෙළා නොදැක බෙදිලා ගහ ගන්නවා. (නි)
නිදහස කියන දෙය හැම කෙනෙකුගේම අයිතියක්. (නි)
ජයන්ත, වැරදි කළා වුණත් ඒගැන තීන්දු ගන්නේ උසාවිය. නැතුව රාජකාරී කෝට් ඒක දාගත්ත වෙන අය නොවෙයි. (නි)
පහුගිය ආණ්ඩුව වැරදි කළා. ඒ නිසා අපේ යහපාලනෙට ඡන්දෙ දෙන්න කියපු නිසා අනේ අපිත් දුන්නා. දැන්නම් යහපාලනය යමපාලනයක් වෙලා. තව ටික දවසකින් වහපාලනයක් වේවි. (නි)
නවින්ද, ගහලා තියෙන්නෙ උදඝෝෂකයෙකුට නොවෙයි මාධ්‍යවේදියෙකුට. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අනික යහපාලනය තුළ කාටවත් පහර දීලා ප්‍රශ්න විසඳීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. ඔයා කාටද කඩේ යන්නෙ. (නි)
නාවික හමුදාවට වැරැද්දක් කියන්න මට නම් බැහැ (නි)
නවින්ද, දැන් නාවික හමුදාව රාජකාරි කරන්නේ කොට කලිසම් ඇඳගෙන සිවිල් අැඳුමෙන්ද? ඔයා වගේ කෙනෙකුට නොතේරුනාට මෙතන පහරදෙන්නේ සියලු දෙනාට පුවත් ගෙනෙන මාධ්‍යවේදියෙකුට (නි)
ජාත්‍යන්තර නැව් මුදාගත් නාවික හමුදාවට උත්තමාවාරය! (නි)
මෙතන දේශපාලනයෙන් අන්ධවුණු සමහරුන්ට ගුටිකාලා තියෙන්නේ සියලු ජනතාව වෙනුවෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙක් කියන එකත් තේරුම් ගන්න බැරුව තවම කඩේ යනවා. (නි)
මෙවැනි අත පෙවිම් ඉදිරියෙදි තව තවත් දෑක ගත හෑකිවේවි. (හේ)
එසේ කළා නම් නාවික හමුදාපති ගැන වහාම තීරණයක් ගතයුතුයි. ඔහු කොට කලිසමක් ඇඳගෙන එතන කරන රාජකාරිය කුමක්ද? මාධ්‍යවේදීන්ට පහරදෙන අයුරුත් පහත් වචනයෙන් (කුණුහරුප) බැන වදින අයුරුත් ඉතා පැහැදිලිව රූපවාහිනී පුවත් වලින් දැක ගන්නට ලැබුනා. මා සිතන විදියට අපේ ඉතිහාසයේ පළමු වතාවටයි එවන් අයෙක් මේ විදියට හැසිරී ඇත්තේ. (නි)
මෙය යහපාලනය මෙහෙයවන අයගේ ප්‍රතිරූපය ලොවට පෙන්වන නින්දිත අවස්ථාවකි. කැතයි හොඳේ. (නි)
මේ ප්‍රහාරය තරයේ හෙළා දකිමි. එ්ත් මේ උද්ඝෝෂණය පිටුපස ඇත්තේ කවුද? මෙම සේවකයන් බඳවාගෙන ඇති ආකාරයට වගකියන්න ඕනෑ පසුගිය රජය (නි)
කණ්ඩායම් දෙකක් වෙඩි තියාගන්නකොට එ්ක මැද්දට ගිහින් මම මාධ්‍යවේදියෙක් කිවුවට වෙඩි නොවැදි ඉන්න පුලුවන්ද? තොරතුරු වාර්තාකරණයේත් ක්‍රමයක් තියෙනවා. ඈතට වෙලා දෙපිරිස අතර වෙන වැඩේ ෆොටෝ අරන් වාර්තා කළා නම් ඕක වෙන්නේ නැහැ. ඔය ඕනෑතරම් විශාලන කාච තියෙන්නේ දුර ඉඳන් ගන්න පුළුවන්. (නි)
පසුගිය රජය සමයේ මෙම සේවකයින් කෙළින්ම වරාය අධිකාරියට බඳවා ගත්තේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. මෙයට වගකිවයුත්තේ පසුගිය රජයයි. මෙම උද්ඝෝෂණය යොදාගෙන නෞකා මංකොල්ලකෑම අනුමත කළ නොහැකියි. නාවික හමුදාව කළේ නාවික හමුදාවේ කාර්යබාරයකි. මෙය ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් නොවේවා. (නි)
නිලුගේ කවුද දන්නෙ නැහැ සුදු වැන් එකෙන් ගෙනිච්චේ? තාමත් පරණ බොරුවම කියවනවා (නි)
රට කරවන අය වැරදි කරයි නම් අපි කුමක් කරමුද...? හැබැයි, ළඟදි උත්තර නැහැ. (නි)
යහපාලනයද, හමුදා පාලනයද? (නි)
නාවික හමුදාවට වැරැද්දක් කියන්න බැරි නම්, එහෙනම් නාවික හමුදාවට පුලුවන්ද මහජනතාවට ගහන එකටත් උත්තර දෙන්න. පොලිසියට බාරදෙනවා විනා ගහන්න පුළුවන්කමක් නැත. (නි)
මාධ්‍යවේදියෙකුට නොවෙයි උදඝෝෂකයෙකුටවත් ගහන්න කාටවත් අයිතියක් නැත. නවින්ද,කන්න හිතුනම කබරගොයා තලගොයා කරගන්න එපා. (නි)
මේ කරපු දේ හරි නෑ.(හේ)
අනේ පෙනෙන්නේ නැද්ද, මුහුණ අතගාලා යන්න කියන සීදේවිකම. (නි)
ලොක්ක ගැහැව්වා කිව්වම අපි බලාපොරොත්තු වුනේ ‘‘නිකෙන් බ්රුස්ලී‘‘ වගේ ලොකු ෆයිට් එකක් මේක නිකන් ගමේ තඩි අම්මණ්ඩි කෙනෙක් පොර බදනවා වගේ නේ. (හේ)
ඔහුට වෛර නොකර වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන උතුම් වදනට හිස නවමුලු ඔය කියලා තිබෙන්නේ. (ම)
නැව මංකොල්ලකන්න හිතුවද දන්නෙත් නැහැ (නි)
පසුගිය කාලයේ කිසිත් සොයා නොබලා තමන්ගේ ගමේ වරායක් හදපු අයම තමයි ඉතින් මේ විරෝධතා ව්‍යාපාරය පිටුපස ඉන්නවා ඇත්තෙත්. ලැජ්ජයි කියන්නත් පසුගිය ආණ්ඩුවේ අයම තමයි මේ රට චිනාට විකුණුවෙත්. (නි)
හොඳ වෙලාවට ඔයින් බේරුනේ! (නි)
මේ කරපු දේ වැරදියි.(හේ)
අපේ ජනාධිපතිතුමා මේ ලඟදි කිව්වා එතුමාත් මුලින්ම කරේ පත්තර වාර්තාකරු රස්සාව නිසා එතුමා රැහේ එවුන්ව බලාගන්නවා කියලා. දැන් බලාගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා (හේ)
නවින්ද,ඔබ සමඟ මා 100% එකඟවෙමි. රටේ නම විනාශ කරන මෙවැනි වැඩ වලට නීතියෙන් පිට ක්‍රියා කළයුතු බව මගේ හැඟීමයි. (නි)
මේ නිලධාරියා කාගෙ හරි ඔඩර් එකක් ක්‍රියාත්මක කළා වෙන්නත් ඇති. නමුත් උසස් නිලධාරියෙක් වශයෙන් මීට වඩා සැළකිළිමත්ම කටයුතු කරන්න තිබුණා. මොකද අන්තිමට‘‘ තමන් හිසට තම අතමයි සෙවනැල්ල‘‘(හේ)
හිටපු අය රට විකුණලා පරම්පරා ගානකට හම්බකරගෙන අවසන්. ඒ මුදල් රැකගන්න තමා ඔය දඟලන්නේ. මාධ්‍යයට පහරදීම අනුමත කරන්න බැහැ. නාවික හමුදාපති කොට කලිසමක් ඇඳගෙන ගැහුවත් වැරදියි. නිල ඇඳුම ඇඳගෙන ගැහුවත් වැරදියි (නි)
පිටරට නැව් දෙක අල්ලගෙන සිටීම මඟින් සේවකයෝ කළේ වැරදි වැඩක්. එහිදී නාවික හමුදාව මැදිහත්වීම නිත්‍යනුකූලයි. එවිට සමහර සීමා ඉක්මවීම් සිදුවිය හැකියි. (නි)
‘ඒ ගහනවා නෙමෙයි. අයින් වෙන්න කියනවා'ලු. අනේ වාසනාවන්. එතකොට ගහන්නේ කොහොමද? දන්නෙ නැති නිසා ඇහුවේ. (නි)
නැව් නවත්තගෙන හිටියම ලංකාවට වෙන පාඩුව ගැන කවුරුත් කතා නැහැ. ඒවාට සල්ලි ගෙවන්න ඕනෑ දුප්පත් මිනිස්සු. උද්ඝෝෂණ කරන්න ඕනෑ රටට පාඩු නොවෙන්න. (නි)
දැන් මේකටත් මහින්ද මහත්තයාව අල්ලගනීද දන්නෙ නැහැ (නි)
සීමාව ඉක්මවා යනවා නම් ඕනෑම කෙනෙකුට එරෙහිව ක්‍රියා කිරීමට හමුදාවකට පුළුවන් වියයුතුයි. රාජ්‍ය සේවය අවශ්‍ය විටදී නිල ඇඳුමෙන් නොසිටීම ප්‍රශ්නයක්ද? (නි)
මෙම වරාය සේවකයන් සිදුකරන උද්ඝෝෂණය සාධාරන වෙන්න පුළුවන්. නමුත් මොවුන්ට විදේශ නැව් දෙකක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට කිසිදු අයිතියක් නැහැ. එම නිසා නාවික හමුදාවට පුර්ණ බලතල හිමිවෙනවා මෙම නෞකා දෙක කෙසේ හෝ බේරා ගැනීමට. (නි)
යහපාලන ආණ්ඩුවේ ඔය වගේ "පිට කොන්දක්" තියෙන කෙනෙක් දැක්කමයි. ලංකාවට ඔය කියන "යහපාලනය" ගැළපෙන්නේ නැහැ. ආණ්ඩුව ( රට කරවන ලොක්කෝ) කෙනෙකුට "ඉදගනින්" කිව්වොත් ඉඳගන්න ඕනෑ. එහෙම නොවුණොත්, කෙනා විතරක් නෙමෙයි පුටුවත් නැති වෙනවා. (නි)
මේ පින්තූර වල ඉන්නේ නාවික හමුදාපති තමයි. ඔහු ඉතාම මැනවින් තම වෘත්තිය කෙළෙසාගෙන තියෙන බව ඉතාම පැහැදිලියි. මොහු පුද්ගලිකවම මාධ්‍ය සමග තරහ ඇති. නාවික හමුදාව තියෙන්නේ වරායවල් ආරක්ෂා කරන්න හෝ ධීවර බෝට්ටු අත්අඩංගුවට ගන්න නෙමෙයි. එවැනි කටයුතු වලට වෙනම ආයතන රටක තිබිය යුතුයි (නි)
මම ඒ මාධ්‍යවේදියා නම් මොන ලොක්කාගෙන්වත් ගුටි නම් කන්නේ නැහැ. මගේ ඇඟට නිකරුනේ අත තිබ්බා නම්...? ඔහු ලොක්කෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලොකුකම් හැමදාම නැහැ. (නි)
අනේ මන්ද. ලංකාව කවදා පාඩමක් ඉගෙනගනීද? (නි)
බලද්දී අපේ නාවික හමුදාපතිට හරියට මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරගන්නවත් බැරි බවක් තමයි පැහැදිලිව පෙනෙන්නේ. පවු! (නි)
බලනකොට ඉන්න ඔක්කොම කාටහරි කඩේ යන අය (නි)
යුදමය අවස්ථාවක් නොවන නොසන්සුන් කලහකාරී අවස්ථාවක සිය ආවේග පාලනය කරගත නොහැකි හමුදාපති වරයෙකුගෙන් යුද අවස්ථාවක කොතරම් නීති විරෝධී අපරාධ සිදුවන්නට ඉඩ ඇත්දැයි මොහොතක් සිතන්න. හමුදාපති වරයෙකු තුල කෙතරම් ස්වයං විනයක් හා පාලනයක් තිබිය යුතුද? ඔහු තමන් ඉන්නේ කොතැනද කතා කරන්නේ කාටද කරන්නේ කුමක්ද වැනි මූලික කරුණු පිළිබඳව කොතරම් විංඥාණයක් තිබිය යුතුද? පොලිසිය සිවිල් දෙපාර්තමේන්තුවක් නිසා සිවිල් ඇඳුමින් සැරසී විශේෂ රාජකාරි කිරීමට අවසර ඇතත්, හමුදවක්ට එසේ කළ හැකිද ? යුද්ධ කාලයේ මහ රෑ මඩ වතුර වළවල් වල කරුවලේ සටන් කළද හමුදා සෙබළු නිළ ඇඳුම් ඇඳ සිටීමේ අවශ්‍යතාවය කුමක්ද? එය එසේ නම් හමුදාපති වරයෙකු කොට කලිසමක් ගසාගෙන වෙරළේ ජොගිං කරන්නට ආ පුද්ගලයෙකු මෙන් ඇවිත් රාජකාරි අනන්‍යතාවය තහරුවු කළ පුද්ගලයෙකුට පහරදෙන්නට ඇති ලයිසම කුමක්ද? මේ සිදුවීමේ ලංකාව අපකීර්තියට පත් වුණා නම් වුණේ දුප්පත් කමට සිය බඩ විතය ඉල්ලා උද්ඝෝෂණ කළ 'මුහුදු මංකොල්ලකරුවන්' නිසා නොව හැසිරෙන්නට කතා කරන්නට සහ හැඟීම පාලනය කරගන්නට නොදත්, සෙබළෙකු කළ යුතු වැඩේ තමන් විසින් කරන්නට ඉදිරිපත් වී පිස්සෙකු ලෙස හැසිරුණු බඩ තඩියා හෙවත් නාවික හමුදාපති නිසාය.(හේ)
මම හිතන්නේ ඔක්කොම මාධ්‍යවේදීන්ට එකම පාටකින් (තද පාටකින් ) නිල ඇඳුමක් සහිත හැඳුනුම්පතක් දිය යුතුයි . එතකොටවත් ගුටි නොකා රාජකාරි කරන්න පුලුවන්ද බලමු (නි)
නාවික හමුදාපති වුණත් උපන් ගති අරින්න බැහැනේ (නි)
මාධ්‍යවේදියාට ගැහුවා නම් ඒක වැරදියි. නමුත් මේ උද්ඝෝෂණය පිටුපස ඉන්න අය පැහැදිලියි. (නි)
රටේ නාවික හමුදාපති ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වැළැක්වීමට ගත් බරපතල උත්සාහයක්. දැඩි දඬුවම් අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි (නි)
අනේ මන්දා කාගේ පැත්ත ගන්නද කියලා (නි)
හම්බන්තොටදී මාධ්‍යවේදියාට ගැහුවේ කවුද? ලැජ්ජයි.... දකුණේ වීරයෝ. උතුරේ? (නි)
මදැයි ඔයින් බේරුනා! (නි)
මේ උත්සාහය හෙළාදකිමු (නි)
මේ ගැන නාවික හමුදාපතිවරයා මොකක්ද දෙන පිළිතුර? (නි)
මේ නාවික හමුදාපති මුහුදට වැටුනොත් ගොඩ ගන්න තව නැව් හත අටක් ගේන්න වෙනවා ඇඟේ සයිස් එකට. (නි)
නැව් නිදහස් කරලා ඊළඟට ගම කයි. ඔහොම හික්මීමක් නැති උදවිය නිල ඇඳුම ගළවා තබා ගෙදර ගියොත් හොඳයි. දැන් ලොව හැමතැනම මේ ගැන කතාවෙනවා. හංගන්න යන යුද පුරාණයට මොහු පෙරවදනක් සපයයි. ජිනීවා උදවිය හිනා වෙනවා. (නි)
කිසි සදාචාරයක් විනයක් නැති ජාතියක් ගොඩගැනීම අපහසු කාර්යයක්. දැඩි නීති ඇති කිරීම අත්‍යවශ්‍යයි (නි)
මාධ්‍යවේදියො වුණාට ඕනෑම තැනකට යන්න යන්න, ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න පුළුවන්ද? මඳක් සිතන්න (නි)
මේ නම් හමුදාවකට ගෑවිච්ච කෙනෙක් නොවෙයි. අඩුම තරමේ හමුදාවක් දැකපු කෙනෙක් ඔය වගේ වැඩක් කරන්නේ නැහැ. (නි)
නාවික හමුදාපතිවරයෙක් කෙසේවෙතත් චණ්ඩියෙක් කියලා නම් හොඳට තේරෙනවා. (නි)
අපේ රටේ මිනිසුන්ට හොඳින් කියලා වැඩක් නැහැ. රජය හොඳ වැඩියි (නි)
රට චීනෙට උකස් තියලා දැන් මිනිස්සු නිකම් උසිගන්වනන්වා. (නි)
මෙතන අදහස් දාලා තියෙන සමහරක් අයගේ මොළේ හෝදවන්න මුහුදේ ඔබලා ගන්න වෙනවා මුලින්ම.මෙහෙම පාට කණ්ණාඩි දාගත් මිනිසුන්? (නි)
යුද්ධය තියා එ්කේ සද්දෙවත් හැබැහින් දැකලා නැති අය කොහොමද නාවික හමුදාවේ ඇඳුම් ගැන කියන්නේ? නැවු එන්නෙ නැති වරායවල් වලට කියන නම් මොනවද? වරායට ආදායම් නැත්නම් සේවකයන්ට පඩි ගෙවන්නේ මහජන මුදලින්ද? (නි)
මාධ්‍යවේදියා ඔවැනි ස්ථාන ආවරණය කිරීමේදී හඳුනාගන්න පුළුවන් ඇඳුමක් අඳින්න ඕනෑ. හැඳුනුම්පත පෙනෙන්න පළදින්න ඕනෑ. විදේශීය මාධ්‍යවේදියකු උදාහරණයකට ගන්න (නි)
එක්කෙනෙක් එහෙන් නීතිය නවනවා, තව එක්කෙනෙක් දැන් මෙහෙන් නීතිය නවන්න පටන් අරන් වගේ. තව එක්කෙනෙක්ගෙන් මොනවා ගැන ඇහුවත් 'මම දැනන් හිටියේ නැහැ, මම දැක්කෙත් පත්තරෙන්, දැක්කා නම් කරන්න දෙන්නේ නැහැ' කියනවා. (නි)
මාධ්‍යවේදියා කිසිවිටෙකත් උද්ඝෝෂකයෙක් වෙන්න නම් හොඳ නැහැ (නි)
තත්වය පාලනය කිරීමේදී මෙවැනි දේවල් සිදුවිය හැක. එම ස්ථානයේ සිටි බොහෝ දෙනා කලහකාරී ලෙස හැසිරුණ බව නොපෙනේද? පහරලැබූ පුද්ගලයා මාධ්‍යවේදියෙකු ලෙස හඳුනාගත නොහැකි බව කිව යුතුය. ඔහු කලහකාරී පිරිස මැද්දට වී සිටින්නේ කුමකටද? (නි)
අපේ රටේ ඇත්තේ උද්ඝෝෂණ විතරමද? (නි)
තත්වය පාලනය කිරීම සදහා කවුරු කුමක් කීවත් මෙවැනි ක්‍රියාමාර්ග ගතයුතු වේ. හැමදේටම උද්ඝෝෂණ පැවැත්වීම විලාසිතාවක් වෙලා. (නි)
ඔය තනතුරේ ඉන්න නම් ඔහොම දේවල් කරන්න වෙයි (නි)
කොට කලිසමක් විතරද දැක්කේ. කොට කලිසම නිල ඇඳුමක් වෙන්න බැරිද?මාධ්‍යවේදියාටත් නියමිත ඇඳුමක් තිබුනානම් හොඳ නැද්ද? (නි)
නමුත් මෙවැනි විරුවකුට අපහාසද නොකරන්න. අහිංසකයකුට ගහපු කෙනාගේ ඇති විරුකම මොකක්ද හලෝ. විරුකම කියන්නේ වලන් කඩේට පැන්න හරක වගේ හතර වටේටම වෙඩි තියන එක නොවෙයි වෙඩි තිය යුතු තැන තෝරාගෙන හරියටම ඉලක්කයට වෙඩි තැබීමයි. (බ)
චමිලා, ඉතින් ඇයි මේගොල්ලොත් චීන පස්සෙම යන්නේ? යන්න පුළුවන්නේ ඇමරිකාව පස්සේ . ලැජ්ජා වෙන්න එපා. දෙන්න පුලුවන්නම් උත්තර (නි)
ඔක්කොම වලිගය පාගාගෙන කෑගහනවා. පහරදෙන්න කාටවත් අයිතියක් නැහැ. විශේෂයෙන් මාධ්‍යවේදියෙකුට පහරදීම ජනතාවට පහරදීමක්. මුළු රටම අවුල්වෙලා තියෙන්නේ. සුදුවෑන් හා ග්‍රීස් යක්කු, හොරු හා බොරු මවාගත් අපි මහින්දව පරදා කරගත්තේ කුමක්ද? රත්තරන් බිත්තර දුන් තාරාවී මරා ඉක්මනට පෝසත් වෙන්න හදපු ගම පවුලට වුණ දේ තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. (නි)
විරෝධතා කළාට කමක් නැහැ, සාමකාමිව. දැන් කාලේ සියලුම විරෝධතා කරන්නේ මහජනතාවට හිරිහැර වෙන විදිහට. මේවා පාලනය කරන්න ඕනෑ. එනිසා නාවික හමුදාව කළේ එයාලගේ රාජකාරිය. මාධ්‍යවේදියෙකු වුණත් තමන්ගේ රාජකාරිය කරන්න ඕනෑ අනික් අයට බාධාවක් නොවන ආකාරයට (නි)
රාජකාරිය කියන්නේ රජයේ කාර්යයක් ඉටු කිරීම. නාවික හමුදාපති කරන්නේ නැව් බලහත්කාරයෙන් නවත්වාගෙන මුහුදු නීති උල්ලංගනය කළවුන් පළවාහැරීමයි. ඒ රජය වෙනුවෙන් රාජකාරියක්. (නි)
මාධ්‍යට මල් වෙඩි සහ ගිනි කෙලි ලසන්ත සහ එක්නෙලිගොඩ මරණ කොට ඔයාල මොකද කරේ .(ර)
චණ්ඩියෙක් නාවික හමුදාපති කළොත් මොකද වෙන්නේ ...! (නි)
අපේ රටේ ඔක්කොම දේවල් යන්නේ නුහුරට. පුදුම රටක්! (නි)
ආඥාපතිට අපගේ ප්‍රණාමය! (නි)
මාධ්‍ය වේදීන්ට හිතූ හිතූ තැන්වල රිංගන්නත් බැහැ.
මට පුදුම රට පාලනය කරන වගකිව යුත්තන් මේ වෙලවේ නිහඬව සිටීම ගැනයි ,කිසිම කෙනෙකුට මේ වැනි පහරදීමක් අනුමත කරන්නට බැහැ මෙවැනි ක්‍රියාවන් තරයේ හෙළා දකිමි.