(ඉෂාන් සංජීව / නිමන්ති රණසිංහ)
සිසුන් අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ජූලි 19 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(14) නියෝග කළාය.
2008 දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගත් ළමයින් 5 දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ගිලන් රියකින් අධිකරණයට පැමිණි සැකකරු පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරිය ගිලන් රිය අසලට ගිය අතර ඒ අනුව ඔහු රිමාන්ඩ් කරන ලෙස නියෝග කිරීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර දීම හෝ බන්ධනාගාරයේ රඳවා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම බන්ධනාගාර නිලධාරීන්ට බාර කළාය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්......
නඩු දාන්න ඕනේ මෙතුමාගේ අයියට තවත් කඩේ යන්න දක්ෂ නළුවෙක් සමග එකතුවෙලා සිංහල සිනමාවටයි, ලංකා ඉතිහාසයටයි, සිංහල පුරාණ වීර චරිත වලටයි කල හානියට....
අපිට නිදහසේ ඉන්න ඉඩ සලසලා දීපු රණවිරුවන්ට නිදහස නැතිවෙන එක ගැන දුකයි.
කිත්සිරි ... රණවිරුවෙකු වශයෙන් කරන සේවයයි මිනීමරුවෙකු වශයෙන් කරන ද්‍රෝහී ක්‍රියාවනුයි පටලවගන්න එපා ..
ළමයි අතුරුදහන් කළා කිව්වේ.... මොන්ටිසෝරි ළමයි වෙන්න ඇති නේද?
භාර්යාවගේ සහ දරුවන්ගේ දුක්බර මුණවල් දකින විට අපටත් කනගාටුයි. ඊටත් කොපමණ වැඩියෙන් මැරිච්ච දරුවන්ගේ දෙමව්පියන්ට ඇතිද? මේවා කරන්න අණ කළ අය කවුරුත් නැතිද?
අපිට නිදහසේ ඉන්න ඉඩ සලසලා දුන්නට, කාටවත් නීතිය අතට ගන්න බැහැ. මේ රණවිරුවා වෙනුවෙන් මෙහෙම අනුකම්පා අදහස් පලකරන අය, ෆොන්සේකා මහත්තයාව අරගෙන යනකොට, ඇයි මෙහම අනුකම්පා ආවේ නැත්තේ? කවුරු හරි වැරැද්දක් කළානම්, රටේ නීතිය අනුව දඬුවම් දිය හැකියි.
මේ මනුස්සය රටට කරපු සේවය කිසි කෙනෙකුට මතක නැහැ.. මේවා දෙවියන්ම බලා ගනියි.
නීතිය ගැන කතා කරන මහත්තුරුන්ට අමතක වෙලා ලෝකේ කොහෙවත් යුද්දයක් නීතියටම කෙරෙන්නේ නැති බව.. හෙට කියයි ප්රභාකරන්ගේ පවුලේ අයට කොච්චර දුකක් ඇතිද? කියලා... අනේ මෙහෙමත් ගුණමකු කමක්...!!!
යුද්ධයයි, මෙම අතුරුදහන් කිරීම් අතර සම්බන්ධයක් ගැන කියනවා නම්, යුද්ධයට සෘජුවම සම්බන්ධ අයගේ මානසික ප්‍රශ්නයක් විය හැකියි. මරණය කියන දේ සාමාන්‍යකරණය වීම සිදුවිය හැකියි. නමුත් එයට සමාව දීම නොකලයුත්තකි. යුධ හමුදාවේ සොල්දාදුවන්ගෙන් මෙවන් ක්‍රියාවලට යොමු වන්නේ ඉතාමත් ස්වල්ප පිරිසකි. ලංකාව නීතිය නියමිත පරිදි ක්‍රියාත්මක කරන්නේනම්, බොහෝ අපරාධ අඩුවන බව නම් නිසැකය.
තිලිණ, කරුණු හොඳට හොයලා බලලා කතාකරන්න. මේ ළමයි අතුරුදහන් වෙලා තියෙන්නේ යුද්ධයේදි නෙවෙයි. ගොඩක් අය කොළඹ, අනික මේ ළමයි අතර සිංහල ළමයිනුත් ඉන්නවා. මේ අය පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලලා තියෙනවා. අතුරුදහන් කරලා තියෙන්නෙ කප්පම් සල්ලි ගත්තට පස්සෙයි. යුද්ධයට මුවාවෙලා මේවගේ තිරිසන් වැඩ කරල සල්ලි හම්බුකරපු අයත් ඉන්නවා. ඔවුන් නිසා තමයි සැබෑ රණවිරුවන්ගේ ගෞරවය නැතිවෙන්නේ.
කාට වුණත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙන දුර්ලභ අවස්ථාවක එයට විරුද්ධව අදහස් පළකරන්නේ ලයික් දමන්නේ ගෝත්‍රික, අවනිතියට පක්ෂ, අන්‍යන්ගේ ජීවත්වීමේ නිදහසට ගරු නොකරන අය තමයි.
අපරාදේ... ප්රභාකරන් ඉවර නොකර 30 අවුරුද්දක් තිස්සේ හිටියා වගේ මැරෙන කෙනෙකුට මැරෙන්න දීලා තමන්ගේ ඔලු බේරාගෙන හිටියා නම් ඉවරනේ. ඕනෑ නම් කොටින්ට ඔත්තු ටිකක් දීලා කීයක් හරි හොයා ගත්තනම් මේ ප්‍රශ්න නැහැ නේ. මේකේ තියෙන කමෙන්ට් බැලුවම හමුදාවේ රට වෙනුවෙන් පෙනී හිටිය කෙනෙකුට මෙහෙම නොහිතෙනවා නම් ඔහු මනුෂ්‍යයෙකු නොව දෙවියෙකි...
සමහර අදහස් බලද්දි ළමයි මරපු එක හොදයි කියන අයත් ඉන්නවා වගේ. අැයි හත් දෙයියනේ ළමයි නැද්ද? හොඳ රණවිරුවන්ට මුවා වෙලා ඕවා කරපු අයට රඡ කාලේ දඬුවම් දෙන්න ඕනේ. පවු කරනකොට මිපැණි. විඳවන කොට කොහොමද?
තරංග .... වරදක් නොකරපු ඔබේ පවුලේ සාමාජිකයෙකු පැහැරගෙන ගොස් කප්පන් ඉල්ලා මරණයට පත්කලොත් ඔබ ඔහොම ලියන එකක් නැහැ.
මේවා සියල්ලටම වග කියන්න ඕන කෙනා තවම නිදැල්ලේ. බය නිසා ඉදිරිපත් වෙන්නේ නැහැ. අණ ක්‍රියාත්මක කල අය අල්ලනවා.
රජය හා හමුදාව අතර සම්බන්ධය බිඳීමට උඩ ගෙඩි දෙන කණ්ඩායම 2020 ජනාධිපති අපේක්ෂකයකු වන බවට හඟවමින් රටම රවටමින් රටේ සියලුම වෘත්තීය සමිති වලට එලිදරව් නොවුණු සාමාජිකයන් ඇතුල්කරමින් කොල්ලුපිටිය අවට ව්‍යාපාර බිහිකරමින් කුමන හෝ සෙල්ලමකට අර අඳින බව නම් පැහැදිලියි.
කොටි හිතවතුන් නැලවීම සඳහා, මරණය අතට ගෙන සටන් කල වීරෝදාර රණවිරුවන්ට හිරිහැර කරන, කරවන හැම ද්‍රෝහියෙකුටම වන්නේ අයහපතක්මයි.
පුදුමයක් නැහැ .... රණවිරුවන්ට විරුද්ධ අදහස් දාන්නේ ලංකාවේ හිටිය මිනිස්සු නෙමේ ..... එ්ක නිසා පුදුමයක් නැහැ.
එදා යහපාලන අය හිටියා නං තාම ප්රභාකරන්ගේ බෝම්බ වලින් අඩුවක් නැතිවෙයි නේද?
යුද්ධයේ අවසන් කාලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විදිහට ආවේ අවුරුදු 10-15 වගේ ළමයින්. ඒතකොට ඒ ළමයි කියලා අපේ හමුදාවේ මිනිස්සු මැරුණට කමක් නැද්ද..? කප්පම් ගත්තා කියන්නේ කවුද..? ත්රස්තවාදීන්ට උදව් කරපු අයම නේද? කට්ටිය බලන් හිටිය වගේ රණවිරුවන්ට අපහාස කරන්න එපා..
මේ නාවික නිලදරුවා අත්අඩංගුවට ගැනීම ගැන යහපාලනයට ගැතිව අදහස් දක්වන සාම දුතයන්ට 88-89 කල අපරාධ, බටලන්ද මිනීමරුවන් මතක් වෙන්නේ නැද්ද?
ජනාධිපතිතුමනි ඔබ මොකද කරන්නේ? පැහැදිලිව පේන එකක් තමයි රණවිරුවන් හිරේ යවන එක විතරමයිනේ කරන්නේ. පුදුමයි ඔබට පැහැදිලි නැතිඑක ගැන නම්. එ.ජා.ප. ඡන්ද වලින් ඔබ දිනුවත්, ඔබ දිනූ නිසාම එ.ජා.ප. බලයට ආවා කියා ඔබට වැටහෙන්නේම නැද්ද? මේ ගැන ඔබ දැඩි තීරණයක් ගත යුතුයි.
අහෝ.... ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා ජීවතුන් අතර හිටියා නම් මේ වගේ දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ. ජාති ද්‍රෝහී එතුමාව ඝාතනය කරා... යුද්ධය දිනුවාට එහි නරක අතුරුපල කොතෙක්ද?
රතුපස්වල මිනිස් ඝාතනයට සම්බන්ධ වුණ හමුදා නිලධාරියාව අත්අඩංගුවට ගන්නකොට, නිදහස් වෙළඳ කලාපයේ කොල්ලෝ මරනකොට, හලාවත ධීවරයින් මරනකොට එක්කෙනෙක්වත් කට ඇරියේ නැහැ. සාකච්ඡා, නිවේදන මුකුත් නැහැ...ඒ ඇයි? එහෙ මරනකොට සෙබළුන්ට සුදු හුණු ගාන්නත්, මෙහේ මරනකොට නිකන් බලාගෙන ඉන්න එකෙයි තියෙන දෙබිඩි පිළිවෙත මොකක්ද?