පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැකපිට වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට බුද්ධි අංශ බාර නිලධරයාව සිටි ධම්මික අනිල් මාපා මහතා පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.
පක්කිලිසාමි යෝගනාදන් හා රත්නසාමි ප්රේමනානන්දන් යන දෙදෙනා 2009 දී පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩුවේදී මෙම තීන්දුව ලැබුණු අතර රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ද අධිකරණය අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර ඇත්නම් පදවි තානාන්තර අදාළ නැත (නි)
යහපාලන අයට පුදුම තරහක්නේ අපේ රණවිරුවන් එක්ක තියෙන්නේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
87-89 කාලයේ මරපු අය ගැන හිතන්නේ නැත්තේ ඇයි? මේ අයට විතරද යුක්තිය ඉටුවෙන්න ඕනෑ? ජනවාරි 8 ඡන්දෙ දුන්න යට කොස්කොල කවලා මදි! (නි)
රණවිරුවා වුණත් කවුරු වුණත් අපරාධ කර ඇත්නම් වැරදිකරුවන් බව ඔප්පු වුණොත් දඬුවම් දියයුතුයි, අනිවාර්යයෙන්ම. රණවිරුවන්ට කියා අපරාධ කිරීමට ලයිසන් දෙන්න බැහැ. (නි)
මේක ඇත්තටම පැහැරගෙන මරාදමිමක් නම් දඬුවම් ලැබියයුතු වරදක්. එ්ත් අපේ රහස් පොලිසියේ වැඩ ගැන අපිට එතරම් විශ්වාසයක් නැහැ. (නි)
කොටි සංවිධානෙන් පැහැරගෙන, ගම්වලට පැනලා මරපු අය කී දෙනෙකුට නඩු දැම්මද? (නි)
රහස් පොලීසිය ගැන දැන් නම් කිසිම විශ්වාසයක් අපිටත් නැහැ (නි)
ත්රස්තවාදීන්ට එරෙහි වුණාම ඕක තමා වෙන්නේ. (නි)
හැබැයි ආඩම්බරයි කියන්න දෙමළ දේශපාලකයෝ තමන්ගේ මිනිසුන්ට අාදරෙයි. (නි)
'කොටි විරුවන්ට' පොදු සමාව! හමුදා වලට දඬුවම්. මේක තමයි ලොවෙත් නැති ලංකාවේ දැන් තියන ක්‍රමය. (නි)
ලංකාපුත්‍ර, ඔබ හරි. මගෙත් එකෙක් දිවි නොතකා යුද පෙරමුණේ සටන් කළා. කිහිප ගමනක්ම වෙඩි කැවා. වාසනාවට එයා මළේ නැහැ. සිංහලයාට විනකරන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
අහෝ දුකකි! ලක් වැසියාට අබ සරණයි! (නි)