මිය ගිය පුද්ගලයෙකුගේ  ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්  ඉතාලියේ සිට මෙරටට පැමිණි  හිටපු  නාවික හමුදා නිලධාරියෙකු   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කිරිදිවැල ඌරපොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.

ඔහු  2008 වසරේ අගෝස්තු මාසයේ මෙරටින් පිටවගොස් ඇත්තේ වෙනත් පුද්ලගයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන බව අනාවරණය වී ඇත. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ   රාජකාරී කරමින් සිටියදී හමුදාවෙන් පලාවිත් මෙරටින් පැනගොස් ඇති බවද දැනගන්නට ඇත.

මොහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කල් තියා ලැබුන තොරතුරක් අනුව ඔහුට ගුවන් ගමන් තහනම් නියෝගයක් පනවා  එය ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට බාර දී තිබී ඇත.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.