මිය ගිය පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉතාලියේ සිට මෙරටට පැමිණි හිටපු නාවික හමුදා නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කිරිදිවැල ඌරපොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.
ඔහු 2008 වසරේ අගෝස්තු මාසයේ මෙරටින් පිටවගොස් ඇත්තේ වෙනත් පුද්ලගයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන බව අනාවරණය වී ඇත. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී කරමින් සිටියදී හමුදාවෙන් පලාවිත් මෙරටින් පැනගොස් ඇති බවද දැනගන්නට ඇත.
මොහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල් තියා ලැබුන තොරතුරක් අනුව ඔහුට ගුවන් ගමන් තහනම් නියෝගයක් පනවා එය ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයට බාර දී තිබී ඇත.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවික හමුදා පිම්මෙන් ඉතාලියට
කේඑම්කේ දිසානායක Thursday, 25 December 2014 08:21 AM
ඕකට තමයි දිට්ටධම්මවේදනීය කර්මය කියන්නේ (බ)
සෑම් Wednesday, 24 December 2014 09:17 AM
"නාමේ නොදිරනා කුණුකය දිරණා" කියලා කිව්වේ මේකටනේ .රූපන් ජීරති මච්චානං, නාම ගොත්තන් නජීරති. (අ)