නවක වදයට විරෝධය දැක්වීමේ අරමුණෙන් උපාධි ප්‍රදානෝත්සව ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරකම් කිසිවකට සහභාගී නොවී සිටීමටත් සිසුන්ගේ පෞද්ගලික අවශ්‍යතා කිසිවකට ප්‍රතිචාර නොදක්වා සිටීමටත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ආචාර්ය මණ්ඩලය තීරණයක් ගෙන ඇත.
සමූහ ඡායාරූප සඳහා සහභාගි නොවී සිටින්නට ද තීරණයන් ගත් බවත් යම්හෙයකින් දැනුම් දීමකින් තොර ව ආචාර්යවරුන්ගේ සහ ආචාර්යවරියන්ගේ ඡායාරූප යොදාගතහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම පීඨයේ ආචාර්යවරයෙක් පැවැසීය.
පීඨය තුළ නවකවද සිද්ධීන් කිසිදු අයුරකින් සිදු නොවන බවට ඉඳුරා තහවුරු වන තෙක් මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම සරසවි ඇදුරුතුමන් මෙයට සහය දිය යුතුයි.එසේම නවක වදය අවසන් කිරීමට සරසවි ඇදුරන්ට කොන්දක් නැතිවීම මෙම ගැටළුව මෙපමණ දුරදිග යාම තෙක් වර්ධනය වීමට බලපෑ බවද කිව යුතුය.(ම)
මේ උගත් මෝඩයින්(සිසුන්) ගැන අනුකම්පා කරමු (නි)
බොහොම නිවැරදි තීරණයක්, අනෙක් විශ්ව විද්‍යාල අැදුරොත් මේ තීරණේ අරගෙන මෙය නැති කරන්න උත්සහ කරයි කියල හිතනවා. කෙනෙක්ට වද දීල අපහාස කරලා, උපහාස කරලා, විඳින නින්දිත සතුටට තිත තියන්නම ඕනේ (බ)
ඔය වගේ ගුරුවරුන්ට මල් තියලා වඳින්න ඕනෑ. හැම කැම්පස් එකක්ම ගුරුවරු ඔහොම කෙරුවානම් හරි නවක වදය නවත්තලාම දාන්න ඕන. මොකටද බොරුවට ඕවා. මහන්සිවෙලා කැම්පස් යන්නේ ඕකටද? අපිත් තරුණ කොල්ලෝ තමයි ඒත් නවක වදයට විරුද්ධයි (බ)
උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි නොවීමෙන් ආවසන වසරේ සිසුන්ට අසාධාරනයක් සිදුවෙනවා කියලයි මට හැඟෙන්නේ. ඒ වගේම සමුහ ඡායාරූප ගන්නෙත් උපාදිය හමාර කරලා ගෙදර යනවිට නිසා දෙපාරක් හිතා දඬුවම් ලිහිල් කළොත් ගුරු ගෞරවය සදා පවතිවී (නි)
ඉතා හොඳ තීරණයක්. අනෙකුත් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුනුත් මේ වගේ තීරණ ගන්නේ නම් නවක වදය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. (නි)
උගත්කම වගේම බුද්ධියත් තිබෙන ඔබතුමන්ලාට මගේ උත්තමාචාරය. සමහර ආයතනවල සිටින මානසික ලෙඩුන්ගේ නවකවද මාෆියාව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මෙතුමන්ලාගේ මේ ක්‍රියාව හොඳ ආදර්ශයක් වේවා! (නි)
උපහාරය ඔබට, සෘජු තීරණයක් ගත්තාට, මේ නීච වූ නවකවදය සදහටම පිටුදැකීමට. ඒ වගේම සරසවිවල කුලපතිවරුනි, මේ නවක වද ක්‍රියාවලිය මැඬලීමට ඔබ වෙත සියලු නීතිමය බලතල තිබියදීත් ශිෂ්‍ය සංගම් වල බලහත්කාරයන්ට යට වී, බියගුළු ප්‍රතිපත්තියක නොසිට, ඒවායේ නියැලෙන සිසුනට දැඩි විනය පියවර ගෙන මේ තිරස්චීන නවක වාදය සදහටම සරසවි බිමෙන් අතු ගා දමන්නට සහයෝගය දෙනු මැන (නි)
ඉතාමත්ම හොඳ බුද්ධිමත් තීරණයක් (නි)
මම දැක්කා අන්තරේ කෙනෙක් කියලා තියෙනවා ඒගොල්ලො කරන්නෙ වදයක් දෙනවා නොවේ, නවකයන්ට ප්‍රේරණයක කිරීමක් වගේ එකක් කියලා. එහෙමනම්, ඇයි ඇඳුමේ ප්‍රශ්නයක්? (නි)
විශිෂ්ටයි සර්! (නි)
හොඳ තීරණයක්. (නි)
මෙය නවක වදය දුන් අයට පමණක් නම් හොඳයි. නොදුන් අයට අසාධාරනයක් (නි)
මෙවන් අවස්ථා වලදී ගන්නා තීරණ ප්‍රායෝගික වියයුතුයි (නි)
ඉතා හොඳ ක්‍රියාවක්. නියමයි (බ)
හොඳ තීරණයක්. (බ)
නියමයි ඔන්න වැඩ (බ)
නවක වදය දෙන්නන් හට ජීවිතාන්තය දක්වා විශ්ව විද්‍යාල තහනම් කළයුතුය (නි)
නරක දේ එපා එපාමයි. විශිෂ්ට තීරණයක්. ඔබ තුමන්ලාට අපේ ආචාරය. (හේ)
දඬුවම් ලිහිල් කළොත් ගුරු ගෞරවය සදා පවතිවී මේ මොන විකාර කතාවක්ද ගුරු ගෞරවය සදා පවතිමට නම් ගුරුවරු කියන දේ අහන්න ඕනේ. කිසිම හේතුවක් නිසා දඬුවම් ලිහිල් කොරන්න එපා. (ම)
ඉතා අගය කලයුතු ක්‍රියා මාර්ගයක් (හේ)