‘මීට  සතියකට  පෙර  නිලමේ කෝලම රඟ දැක්වුවා . දැන් නාවික කෝලම රඟ දක්වනවා. මේ ආණ්ඩුව 2020 වන තෙක්  හිටියොත් පොලිසිය, අධිකරණය සහ බන්ධනාගාර  හා අනෙකුත්  සියලු ආයතන විකුණගෙන කන එක විශ්වාසයි’ යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මාගම්පුර වරාය  පරිශ්‍රයේ දී  ජනමාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සිදු කළ පරික්ෂණ වාර්තාව නාවික හමුදාපති ආර්. විජේගුණරත්න විසින් අගමැතිවරයාට බාරදීම 'හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්' බවද ඔහු පැවසීය.