
(අංජුල මහික වීරරත්න)
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා කීය.
ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අද (27) උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා' වැඩේ හරි අයෙත් දෙමු ලට්ටි පැලෙන්න. ජම්මෙට වඩා පුරුද්ද ලොකුව් කියන්නෙ නිකන්ද .
සංවර්ධනය කරනවා කියමින් මුදල් කොල්ලකෑමට බලයි. උසාවියෙන් ඔහු වැරදිකරුවකු ලෙස තීන්දු කරන ලදී
අනේ ද බං, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්. කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලැබූවෙක් මේ. තමුසේ වගේම ලොක්කා මහ බැංකුව කොල්ලකෑවා. අපිට බණ දෙසන්නේ නැතිව ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්.
ඔව් උබලට තව තවත් හොරා කන්න නැති නාස්ති කරන්න ඉඩ ලැබූණා කියලා සතුටු වෙයල්ලා තව මාස තුන හතරක්, ඊට පස්සේ පොලියත් එක්ක වන්දි ගෙවන්නත් සූදානම් වෙලා.
ඔව් ඔව් නැතුව නැතුව . උඹලා කොයි තරම් කළාද ?ඒ මදිවට කයිවාරුත් කෙලිනවා යකෝ මිනිස්සු රෙදි අදින්නේ විලි ලජ්ජාවට . තොපි ඒකවත් දන්නේ නැහැ
දහයෙන් 5.8 කියන්නේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ
මාර ජොලි නේද? දැනටම මෙයා සංවර්ධන ව්‍යාපෘතිය පටන් අරන් නේද? මින්නේරියට අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් තව කොහෙද ක්‍රීඩා පිට්ටනියක් මේ යන විදියට මේ පාරත් ණය අරන් සුද්දයක් දෙන්න වගේ යන්නේ?
ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා කීය...!
කප්පම් අරගෙන උසාවියෙන් ඇපපිට ඉන්න, ගඳගහන, නොන්ඩි බඩාට කාලෙකින් හොඳ ජරාවක් කන්න අවස්ථාවක් ලැබිලා. ඔබලා කාපු ඒවා ඔක්කෝම පොලියත් එක්කම ළඟදීම වමාරන්න වෙනවා ...!!!
මෙතැන මේ ඇඟ බැඳලා ඉන්න පුද්ගලයාගේ කතාවට එරෙහි ප්‍රකාශ වලට ඩිස්ලයික් දාපු ප්‍රමාණය දැක්කාම මඩ කල්ලිය වැඩට බැහැපු බව පේනවා. ඒක නිසා යහපත් රටක් හදන තැනට ජනතාව දැනුවත් කරමු.
සංවර්ධන ව්‍යාපෘති වෙනුවට අපනයන ව්‍යාපෘතිවලට අපනයන ව්‍යවසායකයින්ට, විදේශ රැළිය උත්පාදන පාඨමාලා වලට, වියදම් කළොත්, දුන්නොත් නරකද?
කප්පම් නැද්ද? කප්පම්... අසික්කිත, නරුම කාලකණ්ණි.
රටේ ණය ප්‍රතිව්‍යුහගත කළා කියලා සහ තවත් කල් ගත්තයි කිව්වාට කොහොමද රට බංකොලොත් බවින් මිඳුණා කියලා කියන්නේ? ඒ කියන්නේ තාම රට ණය මිස ණය අඩුවෙලා නැහැ. අනික IMF එක දෙන්නෙත් ණය මිස ආධාරයක් නොවේ. රටේ ණය බර තව තවත් වැඩි වෙලා. මේක ඕනේම පොඩි ළමයකුටත් තේරනවා. තවද මෙයා කියන්නේ නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කියලා. ඒ කියන්නේ මේ රනිල්ගේ ආණ්ඩුව ණය ගන්නවා මිස, රටේ දූෂණ නැති කරලා, රටේ සම්පත්වලින් සහ ශ්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරන එක නොවේ.
හරිම තේරුම "ආයෙත් ගසාකන්න හයියක් ලැබුණා"