2016 වසර අවසන් වෙලා 2017 වසරට පියනගන සුබ මොහොතේ ඔබ, අප හැමදෙනාගේම නව පැතුම් සිත් තුළ මෝදුවෙනවා. ඉකුත් වසරේ ඉටු කර ගැනීමට නොහැකි වූ කටයුතු සාර්ථක කර ගැනීමත් නව කටයුතු ආරම්භ කිරීමත් හැමෝගෙම සිහිනයන්. එවන් වූ මොහොතක කලා ක්ෂේත‍්‍රයේ රැුඳී තරුවල තිබෙන නව වසරේ බලාපොරොත්තු ගැන කතා කරන්නට සදැල්ලෙන් පුංචි ඉඩක් වෙන් කළා.
ධනංජය සිරිවර්ධන
නව වසරේ අලූත් බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ අතරින් මගේ පළමු සිනමාපටය එළියට එනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ. ඊට අමතරව ටෙලිනාට්‍යකරණයෙත් සුපුරුදු විදියට නියැළෙනවා. අලූත්ම සිනමා පිටපතකුත් ලියාගෙන යනවා. ඒක අවසන් කරන්නත් හිතාගෙන ඉන්නවා. පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තොත් නිවසක් සාදා නිම කරන එක තමයි හිතේ තියෙන්නෙ. ඒක කාලයක් තිස්සෙ හිතේ තිබුණු හීනයක්.
විවාහ උත්සවය
මුතූ තරංගා
මගෙ ජීවිතේ ලොකු අරමුණු සහ බලාපොරොත්තු නම් නෑ. එකම බලාපොරොත්තුව මගෙ විවාහ උත්සවය ගන්න එක. බොහෝ දුරට ඒ දේ 2017 දී සිද්ධ වෙයි. ඒක තමයි මූලිකවම මට දැනට කරන්න තියෙන්නෙ. වෙන දෙයක් නම් නෑ. ඒත් එක්කම වෙනදා වගේම සුපුරුදු විදියට කලා කටයුතු වලට පුළුවන් විදියට සම්බන්ධවෙලා වැඩ කරනවා.
ආදරේ මනරම්
දීපිකා පි‍්‍රියදර්ශනී
අඳුරේ මනරම්
ජීවිතේ සරතැස නිවා
ළතැවුල් නොදී සතපා
වේදනාවේ දොරකවුළු වහලා
සිතට සතුටම අරන් ඒ නම්
ආදරේ මනරම්
මම, 2017 වසර ආරම්භ කරන්නේ මේ සුභාවිත ගීතය ගායනා කරමින්. අද හරවත් අලූත් ගීත නිර්මාණය වෙන්නෙ බොහොම අඩුවෙන්. විශේෂයෙන් ප‍්‍රවීණයන් අලූත් ගීත නිර්මාණය නොකරන තරම්. ඒකට හේතුව මේ අලූත් ගීත ප‍්‍රචාරය කරගන්න මාධ්‍ය නොමැති වීම. ඒත් අපි ප‍්‍රවීණයන් විදිහට අලූත් නිර්මාණ රසිකයන්ට දිය යුතුයි කියන තැනයි මම ඉන්නේ. ඒ වගේම ”කවිය ඔබ” ප‍්‍රසංගය සහ සෞන්දර්ය ශාලිකාවෙ වැඩ කටයුතු සමග මම මේ වසරේදිත් කාර්යබහුල වේවි.
කරුණාරත්න දිවුල්ගනේ
මේ අලූත් අවුරුද්දෙත් මට වැඩිපුරම කාලය ගෙවන්න වෙන්නේ නිල් දියවර ප‍්‍රසංගය සමග. එය සාර්ථක ලෙස රට වටා ගමනක යනවා. ඊට අමතරව මම අලූත් නිර්මාණ කරමින් ඉන්නේ. මේ වසර ආරම්භයේදීම මම අලූත් ගීත පහක් නිර්මාණය කරනවා. එයින් එකක්, මම මෙතෙක් ගීතයක් ගායනා නොකළ ගීත රචකයකුගෙ වීම විශේෂයක්. අනෙක් ගීත රත්න ශ්‍රී විජේසිංහගෙ සහ යමුනා මාලිනී පෙරේරාගේ. මම හිතනවා ඒ ගීත පහම රසිකයෝ අසීමිතව වැළඳ ගනීවි.
ප‍්‍රසංග වේදිකාවේ
වසන්ත රෝහණ
මේ වසරත් මම ඉන්නේ ගෘහස්ත සංගීත වේදිකාවේ. අමරසිරි පීරිස්ගෙ හන්තානට සඳ, ටී.එම්. ජයරත්නගෙ සොඳුරු අතීතය, එඞ්වඞ් ජයකොඩිගෙ මාරම්බරී, කරුණාරත්න දිවුල්ගනේගේ නිල් දියවර, අමරසිරි සහ කසුන්ගෙ අමර කසුනඹර යන ප‍්‍රසංග සියල්ලේම නිත්‍ය නිවේදක මම. ඒ වගේම තවත් අලූත් විදිහෙ සුභාවිත ගී ප‍්‍රසංගයක් ගැනත් මම මේ දවස්වල හිත හිතා ඉන්නෙ. මේ අවුරුද්දෙදි ඒ ප‍්‍රසංගයත් වේදිකාවට ගෙන ඒමයි මගේ සොඳුරු පැතුම.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd