නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි වන නිසා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කියමින් නැති තනතුරකට අපේක්ෂකයින් නම් කිරීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතික පක්ෂයට නැතැයි එජාප මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අයත් 2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගැන අදහස් දක්වමින් සිටින නමුත් එක්සත් ජාතික පක්ෂයට ඒ ගැන සිතීමේ අවශ්‍යතාවයක් නැතැයි කී ඔහු එජාපය මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහන පක්ෂයක් නොවන බව කීවේය. මේ වසරේ දී ආණ්ඩුව පෙරළන බව හිටපු ජනාධිපතිතුමා කීවත් එම අනාවැකි ඉටු නොවන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අහවලාගේ සිහිනයත් සදාකාලයටම බොඳ වෙනවා කියන එක නේද? පක්ෂයේ ඉරණම ගැන වක්‍රවාකාරයෙන් දෙන ඉඟියක් වෙන්නත් පුළුවන්. (නි)
අනේ මහත්තයෝ, නිකන් විහිළු සපයන්නේ නැතුව ඉන්න. අපි නොදන්නා යූඑන්පී ආණ්ඩුව. (නි)
හත් ගවුවක් තියා අමුඩ ගැහුවත් අපි නම් නැවත මේ අච්චාරුවට ඡන්දෙ දෙන්නේ නැහැ ජීවිතේට. අපි නැවත පාමංකඩ මැදවච්චි යන්නේ නැහැ (නි)
සමහරු යහපාලනයෙන් මැදපාලනයට පෙරළෙන්නේ කරපු මෝඩකම් ගැන හිතලා වෙන්න ඇති (නි)
විධායක ජනාධිපතිධූරය අහෝසි වන දිනයේ පටන් රට බෙදන බලවේග ශක්තිමත් වෙනවා දැකිය හැකිය (නි)
කොහොමහරි විධායක ජනාධිපතිකම රැකගන්න කට්ටියකට ඕනෑවෙලා තියන බව අපට තේරෙනවා. උන්නැහේලට ඕනෑ වුණාට අපට ඕනෑ නැහැ. (නි)
අපිට නම් මොන පැත්තට පෙරළුනත් එකයි (නි)
තාම ඔය ව්‍යවස්ථාව කොහේද කියලත් නැහැනේ. ඔය තනතුර නැති කරන්නේ මේ කපේ තියනකම් ඔය පක්ෂයෙන් නම් ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි නිසානේ. ගිය සැරේ තිබුන අවස්ථාව වුනත් මගහැරියේ බැරිකම වහගන්න නේ. ඉල්ලුවානම් ඉතින් පල්වෙනවනේ. ඒ වෙලාවේ අගමැති කම ගත්තෙත් පස්ස දොරෙන්නේ. නිකන් කයිවාරු නොගහ පුළුවන් නම් ඔය ව්‍යවස්ථාව සම්මත කරගන්න. මාමගේ ව්‍යවස්ථාව බලගතු එකක්..(බ)
අමුඩ ගහන්න තරම් දෙයක් නැහැනේ.ඒ නිසා ඔය කතාව වැඩකට නැති දෙයක්. (බ)
නැවත යුද්ධයක් ආවහම යුද්ධ කරන්න පාර්ලිමේන්තුවේ අවසර ඕනෑවේවි. (නි)
සත්‍යයා අහවලා නැතිකාලේ පාරේ වාහනයක ටයර් එකක් පිපිරුවත් ඕගොල්ලෝ ඇඳන් යට රිංගුවා මතකද? කොටිය එනවා කොටිය එනවා කියා කියා දුවපුකාලේ මතකද. අපට මතකයි ඒවගේම ඔගොල්ලොවගේ ගුණමකුවන්ට මතක් කොර දෙන්නනත් පුළුවන් (බ)
ඇයි දෙවියනේ මේ රටේ මෙච්චර දැවෙන ප්‍රශ්න තියෙනවා. හාල් කිලෝව රු 95 ට 100 ට ගිහිල්ලා. පොල් ගෙඩිය රු 75 ට ගිහිල්ලා. බදු බර උහුලන්න බැහැ. ඒ මදිවාට නියඟයෙන් කී දාහක් නම් පීඩාවට පත්වෙලාද. බොන්න පිරිසිදු වතුර ටිකක් නැතුව මිනිස්සු දුක් විදිනවා. මේ සේරම ප්‍රශ්න තියෙද්දී 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ ගැන වාද විවාද කරනවා. 2020 වෙන්න තව අවුරුදු 3ක්ම තියෙනවා. තේරෙන්නේ නැද්ද ජනාධිපතිවරණයක් තියන්න මේ රටේ මිනිස්සු ටික ඉතුරුවෙලා ඉන්න ඕනෑ කියලා. (නි)
මෙන්න අලුත් කතාවක්! (නි)
හොඳටම ෂුවර් නේද? (නි)