සකස් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව සඳහා උතුරු පළාතේ ජනතාවගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් උතුරු පළාත් සභාව නව කමිටුවක් ස්ථාපිත කැරිණි.
දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසුවේ පළාත් සභා පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් 19 දෙනෙකුගෙන් යුතුව ව්‍යවස්ථා යොජනා ලබා ගැනීමේ පළාත් කමිටුව ස්ථාපිත කළ බවයි.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතාගේ සභාපතීත්වයෙන් නව කමිටුව බිහිකළ බැව්ද හෙතෙම පැවසුවේය.
උතුරු පළාතේ ජනතාවගේ යෝජනා, සිවිල් සංවිධානවල යෝජනා, අනෙකුත් සංවිධාන හා කමිටුවල යෝජනා ආදිය එක්කොට නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු යෝජනාවලියක් සකස්කොට අදාළ යෝජනාවලිය පළාත් සභාව තුළ සම්මත කර ගැනීමෙන් අනතුරුව නව ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත ලබාදීමට නියමිත බැව්ද මන්තී‍්‍රවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන්ට තහනම් ,ස්වයං තීරණ ගත හැකි,විදෙස ආදාර රජයේ අවසරයකින් තොරව ලබා ගත හැකි පාලනයක්, සහිත රජයෙන් යැපෙන ,රජයේ හමුදාවන්ගෙන් තොර උතුරු නැගෙනහිර පළාත් සභාවක්.මොන වචනයෙන් පැවසුවත් මෙය තමයි ඉල්ලීම.යහ පාලනයේ එය ලබා දෙවි ජාතික සංහිදියාව කියාවි. අනාගත සිංහලයාට දෙවියන්ගේම පිහිටි. (අ)
උතුරෙන් එන අදහස් අපි දන්නවා. දුන්නොත් බලාගෙනයි (අ)
එක ලංකාවක අවසානය ඉතාම අත ළඟයි... සැරදේ යහපාලනය! (බ)
හැබයි ඉතින් පෙඩරල් නැතුව ඕන එකක් ! (බ)