නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනපති මේ බව ප්‍රකාශ කළේ මහා නායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය සමග අද (6) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනපති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළේය.
රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනපතිට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට ෂේප් කරන්න කියන කතාවක්...
මොකද කියන්නේ?. ව්‍යවස්ථාව හදන්න නිකම් තියාගෙන ඉන්න කියලද කිව්වේ?
අපට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන විශ්වාසයක් තබන්න පුළුවන් වුණත්, එකතුවෙලා ඉන්න අනික් පක්ෂයේ අය ගැන නම් කිසිම විශ්වාසයක් තබාගත නොහැකියි. මේ මොහොතේ මහා සංඝරත්නය රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් නායකත්වය ගත යුතුයි.
ගේන එක ඉතින් තියෙන්න එපැයි... නැත්තං කොහේ දකින්නද? දැක්කත් මේ ආණ්ඩුව මොනවා කරන්නද?
රට පාලනය කරන්නෙ හාමුදුරුවරුද? දේශපාලකයොද? හැමදේටම හැමෝටම අතදාන්න දීලා අච්චාරු කරගෙන ඉන්නේ.
පත්තරේ දාපු ගමන්ම කියනව හාමුදුරුවනේ සත්තයි.
අන්න අගමැති කියනව එලබන සති කිහිපයේ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරනව කියල. ඔබතුමා පත්තරේ බැලුවෙ නැතෙයි.
ඔබ තුමා දන්නේ නැති වුනාට කෙටුම් පත හදල ඉවරයි නේ. ජනතාව දන්නවා ඔබතුම දන්නේ නැහැ
ඔබ තුමා අනිවාර්යෙන් පත්තර ටික කියවන්න.
ඉතිහාසයේ සෑම දෙයක් සදහම විරුද්දකම් තිබුන බලයෙන් හරි කලයුතුදේ කලයුතුම කලාවැව මින්නේරි වගේ මහා ජලස හදනකොට රජවරු කලයුතුදේ කලා අද ඒවා හොද නැද්ද
ව්‍යවස්ථාවක් ගේනවානම් ..... මොකක්ද ඒ කතාවේ තේරුම ? මෙතක් කල් කිවේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, විදායක ජනපති ක්‍රමය අහෝසි කිරීම නේද ? සෝබිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ මේවා කරනවා කියල දිවුරුව නේද ?
ඔය කියන්නේ නව ව්‍යවස්ථාවක් අනාගතයේ ගෙනෙනවා කියන එක නේද? ටිකෙන් ටික බළලා මල්ලෙන් එළියට එනව වගේ. ඔයවගේ පොරොන්දුවක් ජනපතිවරණයේදී දුන්නේ නැහැනේ.
දැන් කියනවා වගේම කෙරේවි. පසුගිය කාලේ කරපු හැටි දැක්කම....
දැන් මේ වෙනස් කරන්න එපා හොඳයි කියන්නේ... දසක තුනකටත් වැඩි කාලයක් හඳුන්වපු ජේ .ආර් .ජයවර්ධන මහතා සකස් කල වත්මන් ව්‍යවස්ථාව නේද? මෙහි යහපත් ප්‍රතිඵල දකින්න මේ ගොල්ලන්ට ගියකාලය දැක්කහම මේ අයගේ බුද්ධි මට්ටම කොහොමද කියා පේනවා.