(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය) අද (27) රාත්රියේ වාර අවසාන කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
හදිසි නීතිය නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද(27) පෙරවරුවේ රැස්වීමට නියමිතය.
ඒ පිළිබඳ විවාදයක්ද අද දවස පුරා පැවැත්වේ. එම විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ප්රකාශකයෙක් පැවසීය.
පාර්ලිමේන්තුව වාර අවසාන කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට පසුගියදා දැනුම් දුන්නේය.
වාර අවසාන කළ පසු පාර්ලිමේන්තුව බොහෝ දුරට ඊළඟ සතියේ සදුදා හෝ අඟහරුවාදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇත.
වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය ප්රතිපත්ති ප්රකාශය මැතිසබය හමුවේ ඉදිරිපත් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd