ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා විසින් පත්කරනු ලැබ සිටින සන්ධ්‍යානි පතිරවසම් මහත්මිය අද (29) වැඩ බාර ගැනීම සඳහා එහි ගිය ද හිටපු විදුහල්පතිනිය ඇයට වැඩ බාර නොදී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් කීවේය.
හිටපු විදුහල්පතිනිය ශාන්ති ඩබ්ලිව් සෙනවිරත්න මහත්මිය නව විදුහල්පතිනියට කියා ඇත්තේ පාසල් දරුවන්ගේ උත්සවයක් තිබෙන බවත් ආචාර්ය මන්ඩලයට සමුදීමට තවත් කරුණු ඇති නිසා ලබන පාසල් නිවාඩුව අවසන් වනතෙක් දින කිහිපයක් පාසලේ රුඳී සිටීමට අවශ්‍ය නිසා තමා අභියාචනා ඉදිරිපත් කළ බවයි.
අද පතිරවසම් මහත්මිය සමඟ අධ්‍යාපන පරිපාලන සේවයේ තවත් නිළධාරීන් පිරිසක් නව විදුහල්පතිනියට සුබ පැතීමට ගිය ද එයට ද අවස්ථාවක් ලැබී නොමැත.
සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න මහත්මිය මෙසේ කීවාය.
"මා හට ස්ථාන මාරුවීමක් ලැබී තිබෙනවා. එනමුත් එහි සදහන් පරිදි කඩිනමින් යාමට නොහැකිවී තිබෙනවා.එයට හේතුව උසස් පෙළ සමත් සිසුවියන් 126 දෙනා පිළිගැනීමේ උත්සවයක් සැලසුම් කොට තිබෙනවා.තවද මේ දිනවල වාර විභාගයේ කටයුතු සිදු වෙනවා.ගුරුවරුන් සදහා සමුදීමේ උත්සවයක් පැවැත්වීමට තිබෙනවා.මිට අමතරව පරිපාලනමය අවශ්‍යතා කිහිපයක් ගැන දන්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට ලබන නිවාඩුව අවසන් වනතෙක් සිටීමට අභියාචනයක් ඉදිරි පත් කළා." යනුවෙන් වැඩ භාර ගැනීමට පැමිණි පතිරනවසම් මහත්මියට දන්වා සිටියාය.
නව විදුහල්පතිනිය පත් කිරීමේ ලිපියේ අධ්‍යාපන ලේකම් දක්වා ඇත්තේ වැඩ බාර ගැනීමෙන් පසු තමා වෙත වාර්තා කරන ලෙසයි. ඒ අනූව මෙම වැඩ බාර නොදීම ගැන ද ඇය අධ්‍යාපන ලේකම්ට අද පැමිණිලි කරනු ඇතැයි පළාත් අධ්‍යාපන ආරංචි කියයි.
මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය ස්ථානමාරු කර තිබිය දී පාසල් සංවර්ධන රැස්වීමකට සහභාගීවීම හා දෙමාපියන් උසි ගන්වා උද්ඝෝෂණය කළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් වහා පරීක්ෂණය කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා අද අධ්‍යාපන ඇමැතිට පැමිණිලි කළේය.
හිටපු විදුහල්පතිනිය ශාන්ති ඩබ්. සෙනවිරත්න මහත්මිය
නව විදුහල්පතිනිය - සන්ධ්‍යානී පතිරවසම් මහත්මිය
ඡායාරූපය - අමල් වික්‍රමරත්න



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලුපාර හිර කරගෙන ප්‍රසිධියේ කාන්තාවකට පහර දෙමින් උද්ගෝෂණ කරවනවා , දැන් අලුතෙන් පත්වෙලා ආව කෙනාට වැඩ භාර දෙන්න බැහැ කියනවා , වහාම වැඩ තහනම් කර මේ අයට විරුධව නඩු පවරන්න. (ර)
පෙනෙන හැටියට අදුරදර්ශී දේශපාලන බලපෑම් විසින් පාසල් පරිපාලනය අවුල් කරනවා වගේ . විදුහල්පති තනතුරත් කම්කරු වැඩ මුරේ මාරු කරනවා වගේ මාරු කරන්න හදනවද? (බ)
ලොකු ඉස්කොලේ හාමිනේ බුදු බණ මතක් කර ගන්න , සබ්බේ සංකාරා අනිච්චාති , සියලු සංස්කාරයෝ නැසෙන සුළුය .එහෙව් එකේ මොන එහෙකටද යන්න කිව්වම නොයා ඉන්නේ , නම්බු පිටින් යන්න (බ)
මේ මොකද මේ විකාර පාසැල විදුහල්පතිගේ බුදලයක් නෙවේ. කරුණාකර ආදී සිසුවියන්ට ලැජ්ජා නොකර ගෙදර යන්න. නීතිගරුක, ආදර්ශමත් කෙනෙක් විදුහලට එවන්න. (බ)
මේ ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදයට නම් ඉඩක් දිය යුතුම නෑ. ලංකාවෙ වරප්‍රසාද සහිත වෙනම පංතියක් අධ්‍යාපනය තුළ බිහිකරන්නේ මේ ත්‍රස්තවාදියෝයි.. මේකත් බෙදුම්වාදයක්.. (බ)
මෙම විදුහල්පතිනිය මාරු කිරීමට අකමැති වී ඇත්තේ ඇය පාසලට විශාල සේවාවක් කර ඇති බැවිනි. පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කර කෙනෙක් හදිසියේ මෙලෙස මාරු කිරීම සාධාරණ නැත. දැන් එන්න හදන්නේ සංඝමිත්තා විද්‍යාලයෙන් හා අනුලාදේවි විද්‍යාලයෙන් ප්‍රතික්ෂේප වූ විදුහල්පතිනියකි. එවන් කෙනෙක් සවුත්ලන්ඩ් විද්‍යාලයට එවීම සාධාරණද? (බ)
අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරන්නේ මේ විදුහල්පතිනිය වගේ . මේ විදුහල්පතිනියට අධ්‍යාපනය නොකර දේශපාලනය කළානම් වඩා හොඳයි (බ)
විදුහල් වල තමන්ට ඕන තරම් කල් ඉන්න බැහැ. මාරු කලාම යන්න වෙනවා. යන්නෙ නැතුව අළුත් කෙනාට වැඩභාර දෙන්නෙ නැත්නම් මෙයාව මාරු කරනවා වෙනුවට විනය ක්‍රියාමාර්ග ගන්න. මේවද දරුවන්ට දෙන ආදර්ශ? අර උද්ඝෝෂන කල අයත් හැසිරුනු හැටිත් ඇස් දෙකටම දැක්ක නිසය මෙහෙම කියන්නේ. (ර)
අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරන්නේ මේ විදුහල්පතිනියද? (ර)
මොකක්ද පාසැල දාලා යන්න බැරි තරමට තියෙන බන්ධනය? ළමයින්ට ආදරේද? පාසැලේ ගොඩනැගිලි වලට ආදරේද? වෙන මොකක් හරිද? (ර)
මේ වසන්ති කියන්නේ පාසල් සංවර්ධන සමිතියේ අල්ලන් ඉන්න ශාන්තිගේ කටු කන තැනැත්තියකි. විදුහල් වල තමන්ට ඕන තරම් කල් ඉන්න බැහැ. මාරු කළාම යන්න වෙනවා. යන්නෙ නැතුව අලුත් කෙනාට වැඩභාර දෙන්නෙ නැත්නම් මෙයාව මාරු කරනවා වෙනුවට විනය ක්‍රියාමාර්ග ගන්න. මේවද දරුවන්ට දෙන ආදර්ශ? අර උද්ඝෝෂන කළ අයත් හැසිරුනු හැටි? ගාල්ල ජනතාව දන්නවා මේ අමිමන්ඩි ගැන...(බ)
කුමන විශේෂ දෙයක් දුටුවොත් තම ඇත ඇති කැමරා දුරකථනයෙන්, වීඩියෝ කිරීමට උත්සාහ ගැනීම අද සමාජයේ සාමාන්‍ය දෙයක්. ගැහැනියක විසින් එසේ කල සිසුවියට පහර දීම හෙලා දැකිය යුතු සේම, උගත් (හිටපු) විදුහල් පතිනියත් අමාත්‍යංශයේ තීරණයට අවනත විය යුතුව ඇත. (ර)
කරුණාකරලා ලැබුන නිදහස අයුතු විදියට පාවිච්චි කරන්න එපා. ගිය ආණ්ඩුව කාලේදී කට ඇරලා වචනයක් නොකියපු අය අද උද්ගෝෂණ කරනවා ඕන එකට සහ ඕන නැති එකට. නීතියක් ගේන්න ඕනේ පොලිසියේ බල පත්‍රයක් නැතිව උද්ගෝෂණ තහනම් කරන්න වැඩි දෙනුකෙගේ නිදහස ආරක්ෂා කිරීමට . (ර)
මේ ඔක්කොම එක එක්කෙනාගේ පන්දම් කාරයෝ තමා. (ර)
බලන්නකොට වර්තමාන අධ්‍යාපන ඇමැතිත් හිටපු ඇමති වගේ. සද්ද විතරයි. (ර)
හැම තැනකම ප්‍රශ්න. (ර)
හිටපු කෙනා ප්‍රතික්ෂේප නොවෙන හේතුව අපිට නම් තේරෙනවා (නි)
මෙහෙමත් නාටක.(හේ)
ගත්තු මුදල් ගැන දෙමව්පියෝ පැමිණිලි කළත් පරීක්ෂණ පවත්වන්නෙ නෑ කියල පොරොන්දුවක් දුන්නොත් මෙයා යයි (බ)
ගාල්ලේ වැදගත් යයි සම්මත කාන්තා පාසලක මෙහෙම අලකලංචියක් වීම ගැන මාගේ බලවත් අප්‍රසාදය (බ)
මහින්දගේ ලෙඩේ මුළු රටටම බෝවෙලා බල තන්හාව කට්ටියක් දේවාල ගානේ. මිනිසුන්ට ගිය කලක්. මේ වගේ අම්මන්ඩිලාව අරින්න ඕන මග්ගොන (බ)
ඉතින් පුලුවන්ද ළමයින්ට ආදර්ශයක් දෙන්න? (නි)
මෙයාගේ වැඩ තහනම් කරන්නේ නැත්තේ මොකද?(හේ)
යැව්වට පස්සෙත් බලෙන් ඉන්නේ ඉස්කෝලෙට තියෙන ආදරේටද? ගැහිල්ල ඉවර නැති නිසාද? මේක ගාල්ලේ නමටත් එක්ක හරි මදි ...මෙහෙමත් ලැජ්ජ නැති අම්මන්ඩිලා (බ)
මියයන තෙක්ම මේ විදුහලේ විදුහල්පතිනිය වෙන්න හිතාගෙන වෙන්න ඇති මෙහෙම කරන්නේ. මැරුණට පස්සේ විදුහල්පති කම විතරක් නෙමේ, ඔය ශරීර කුඩුවත් දමලා තියල යන්න වෙන බව මෙයා ට තවම වැටහිලා නැතිව ඇති තියන තන්හාවක තරම. ලැජ්ජයි!! (බ)
අද කාලේ දෙමව්පියන් වගේම වගකිවයුතු ගුරු, විදුහල්පතිවරුන් පාසැල් දරුවන්ට දෙන ආදර්ශ ගැන නම් කියල වැඩක් නැහැ... ගාල්ලේ වැදගත් යයි සම්මත කාන්තා පාසලක මෙහෙම අලකලංචියක් වීම ගැන මාගේ බලවත් අප්‍රසාදය. (ර)