(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා නව වේත්‍රධාරිවරයා වශයෙන් පත්කිරීමට නියමිතය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.
නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර හතළිහකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කළේය.
විශ්‍රාම ලබන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීමේ විවාදයක් හෙට( 24 ) පැවැත්වීමට නියමිතය.
කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලයට හැකි ඉහළම ගුණාත්මක සේවාවක් කලට වේලාවට කාර්යක්ෂම අන්දමින් සපයා දී, පාර්ලිමේන්තුවේ සඵලදායී ක්‍රියාකාරීත්වයට පහසුකම් සැපයීම වේත්‍රධාරිවරයාට පැවරෙන වගකීම වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම හෙණ ඉල්ලන තැනක මෙහෙම හිටපු එක පුදුමයක්... සුබ පැතුම්...!
ජයවේවා. හොදින් රාජකාරිය ඉටුකරාවි.