නව ලිබරල්වාදය සහ එය රකින විධායක ක‍්‍රමය පරාජය කිරීමට තමන් වටා ඒක රාශි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පොලොන්නරරුවේ පැවැති සම්මන්ත‍්‍රණයකදී කීවේය.
‘මහින්ද රාජපක්ෂ ක‍්‍රියාවට නඟමින් ඉන්නෙත් 1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරපු නව ලිබරල් ධනවාදී ආර්ථිකයයි. ලෝකයේ අධිරාජයවාදී ධනපති ක‍්‍රමය ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ ඒ හරහා බව අමතක කරන්න බෑ. මහින්ද අධිරාජ්‍යවාදය ගැන මොනවා කිව්වත් ඒක වෙනස් කළේ නෑ. අධිරාජයවාදයට එරෙහි මහින්දම තමයි ඒ අධිරාජ්‍යවාදයේ ලංකාවට අදාළ වැඩපිලිවෙළ ඉදිරියට ගෙන යන්නෙ. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙදි මහින්ද අපේක්ෂකයා හැටියට තුනවෙනි පාර එන්නෙ ඒක වෙනස්කරන්න කියලද? නෑ. එහෙම නැත්නම් මෙතෙක් මහින්ද එක්ක හිටිය මෛත‍්‍රිපාල සිරිසේන මොකද කියන්නෙ. එයා ජනාධිපතිවරණයට එන්නෙ නවලිබරල් ධනවාදය වැරදියි කියලා ඒක වෙනස් කරනවා කියන පොරොන්දුව දෙන්නද? නෑ එයා එන්නෙත් ඒක ක‍්‍රියාත්මක කරන්නයි. මෛත‍්‍රිපාල සිරිසේන පසුපස ඉන්න චන්‍ද්‍රිකාලා රනිල්ලා කියන්නෙ මේ ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවුණු ලංකාවෙ නියෝජිතයෝ.
චන්ද්‍රිකා 1994දි බලයට ආවෙ විවෘත ආර්ථිකයට මානුෂික මූණක් දෙනවා කියලා. පටන් ගත්තෙම ඇන්සල් ලංකා කම්කරුවන්ගෙ ඉල්ලීම්වලට වෙඩි උන්ඩෙන් උත්තර දීලා.
නව ලිබරල් ධනවාදයේ, එහෙම නැත්නම් විවෘත ආර්ථිකය හැටියට 77 හඳුන්වා දුන්න චන්ද්‍රිකා කියපු මානුෂික මුහුණුවර එහෙමයි. කටුනායකදි කම්කරුවන්ට වෙඩි තියපු, හලාවතදි ධීවරයන්ට වෙඩි තියපු, රතුපස්වලදි ජනතා උද්ඝෝෂණයකට වෙඩි තියපු මහින්දගෙ ප‍්‍රතිපත්තියත් ඒකමයි. නවලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයන්න තමයා විධායක ජනාදිපති ක‍්‍රමය හඳුන්වා දුන්නෙ. එක් පුද්ගලයකු වටා බලය ඒකරාහි කලේ අත්තනෝමතික පාලකයකු හඳුන්වා දුන්නෙ ඒකටයි. ඇයි එහෙම පාලකයෙක් ඕන. නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නඟන්න යද්දි ඇතිවන නැගිටීම්, සමාජ විරෝධය පාගලා ඒ වැඩපිලිවෙළ ඉදිරියට ගෙනයන්න අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවය ඉටු කරන්නයි විධායක බලය ඕන. ජනතාව විසින් විධායක බලය ඇති නායකයො පත්කරන්න චන්දය දීලා හතරපාරක් අත්හදා බලලා තියෙනවා. ඒ පාලකයන් ඒකාදිපතියන් බවට පත් වුණාම නැවත ඒ අය ඉවත් කරන්න පාරට බහින්න, චන්දය දෙන්න ජනතාවට සිදු වෙනවා. ඒ නායකයන්ගෙ පුද්ගලික හේතු නිසා පමනක් නෙවෙයි මේ ඒකාදිපති පාලන ක‍්‍රමය පවත්වාගෙන යන්නෙ. ජනතාවට වාසිදායක නැති අධිරාජ්‍යවාදයට, ධනපතියන්ට විතරක් වාසි ගෙන දෙන මේ වැරදි ආර්ථික පිළිවෙත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට, නිදහස් අදහස් සහිතව, විනිවිදභාවයෙන් ක‍්‍රියාත්මක කරන්න බෑ. මේ නවලිබරල් ආර්ථිකය නඩත්තු කරන්න වෙන්නෙ අත්නෝමතික බලයකින් තමයි. මේක අපිට අවුරුදු 36ක් තිස්සෙම ඔප්පු වෙලා තියෙන කාරණයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොරු.මෛත්‍රීපාලට ජය.(හේ)
ඔබ තුමාව බොහොම ඉක්මට මුල්ලෙරියව්ට ගෙනියන්න වෙයි අපරාදේ මුදල් සහ කාලය !! (ම)
සමාජවාදය ගැන දන්නෙත් නෑ. රුසියාවේ වුනේ මොකක්ද කියලා දන්නෙත් නැතිව මේ තියන ගද ගහන සමාජය හොදයිනම් දරුවෙකුට ගෙදර අනාරක්ෂිතයි, පාසල අනාරක්ෂිතයි සමාජයම අසහනයෙන් ඉතින් මෙයින් මිදෙන්න නම් සමස්ත ක්‍රමය වෙනස් වන සැලසුම් සහගත ආර්ථික රටාවක් ඇති කිරීමට මැදිහත් විය යුතුමයි (දිල්)
මේ කතාව ඇත්ත.(හේ)
අනුෂ්ක, දේශපාලනය තේරෙන්නේ නැත්නම් හොඳම දේ පිස්සු කොමෙන්ට්ස් නොදා ඉන්න එක නේද? (ර)
මෛත්‍රීගේ ඡන්ද කඩන්න මහින්දගේ පෙරටුගාමියෝ වැඩට බැහැල (අ)
වමේ දේශපාලනය තව තවත් ජනතාවට එපා නොකරන්නේ නම් මැනවි. (අ)
පිටරටවල අසාර්ථක වෙච්ච පාලන ක්‍රම මෙහෙට ගේනන තමා මේගොල්ලො හදන්නෙ. (අ)
කැලුම්, ඔයාට නම් දේශපාලන බුද්ධියක් තියෙනවා වගෙයි ? මේ දවස්වල වහින නිසා ගේ ඇතුලට වෙලා ඉන්න. (නදී)
අයියෝ වෙලාව නාස්ති කරනවා අපේ. (ර)
ආයෙමත් හාල් පෝලිම් පාන් පෝලිම් යුගේට යන්නද මෙයා කියන්නේ. මෙයාල මේ කියන සංවෘත ආර්ථික ක්‍රමයක තියන දුක් ගැහැට මේ රටේ මිනිස්සු 70-77 දී හොදටම අත්වින්දා. සෝවියට් යුගයේදී රුසියාවෙත් තවම කියුබාවෙත් ක්‍රියාත්මක වෙන අසාර්ථක සමාජවාදී අර්ථ ක්‍රමයද මේ කියන ප්‍රශ්න වලට විසදුම ? (නදී)
ලෝකයේ කොහේවත් සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැහැ. සමාජවාදය න්‍යායක් විතරයි. ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක වීමේදී සිදුවූ බාධා පිළිබඳව ඉතිහාසය පුරා සාක්ෂි රැසක් තියෙනවා. චීනය ඉදිරියට ආවේ කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ නිසා... සොබාදහම හා එක්ව නොයන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. සම්භාව්‍ය ලිබරල්, නූතන ලිබරල් ආර්ථික ක්‍රමවලින් ඉදිරියට ගිය කැනඩාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යයනය කරන්න. සමාජවාදය ගොඩනගන්න සමාජ ක්‍රමය වෙනස් කරන්න විප්ලව කරපු ඒ කාලයේ මොල සෝදාගෙන අති මහත් ලෙස අමාරුවේ වැටුණු මම වගේ අයට හොඳ පාඩමක් කියලා දෙනවා කැනඩාවේ ධනවාදී, ආර්ථික ප්‍රතිපත්ති.