දැන් තියෙන්නේ කල් ඉකුත් වුණු පාර්ලිමේන්තුවක්. ගිය 23 වැනිදා ඒක කල් ඉකුත් වුණා. ඒ නිසා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (6) කීවේය.
කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක් තව මාස ගණනක් සිටීම ජනවරමට සුදුසු නොවන බවත්, එසේම එය ප්‍රායෝගික නොවන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය විදේශ ඇමතිවරයා කීවේ ජනපති විසින් ඊට සුදුසු පියවර කඩිනමින් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඉකුත් ජනවාරි 8 වැනිදා යහපාලන ජනාධිපතිවරයෙක් තෝරා ගත්තාක් මෙන් හැකි ඉක්මනින් යහපාලන පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීම වත්මන් ජනතා අපේක්ෂාව වන හෙයින් ඒ ගැන ඉක්මනින් තීරණ ගත යුතු බවද හෙතෙම කීය.
ඡායාරූප :- තිළිණි ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ඉකුත් උන දේශපාලුවොත් ඔය නැවත නැවතත් බලය ඉල්ලන් එන්නේ.(නදී)
බොහොම හරි (නදී)
තමන්ගේ සීට් එකවත් දිනාගන්න බැරුව කියන කථා !! (බ)
අගමැතිට හැකිය ඉල්ලා අස් වී පළමු පියවර ගන්න (බ)
ඔබතුමා නිවැරදියි. මෙගා ඩීල් කාරයෝ ඉන්නවා උන් අල්ලා කුදලාගෙන හිරේ දමනවාය කියපු නිසා යහපාලනයක් වෙනුවෙන් අපිත් කැමැත්ත පල කළා. නමුත් අපිට දැනෙන්නට කිසිම දෙයක් තවම වුනේ නැහැ. බදු මිල අඩුවෙනවාය කීවාට එහෙම එකක් තාම වුනේ නැහැ. පඩි වැඩිකිරීමත් එහෙමයි. උකස් කරපු බඩුටික බේරා ගන්න සහනයක් තාම ලැබුනේ නැහැ. ඒ නිසා දැන් ඉවත් වෙන්න. මැතිවරණයක් කැඳවන්න. අපි ඒ දිනය එනතුරු බලා සිටිමු. (බ)
දුමින්ද කොහොමද ඉල්ලා අස්වෙන්නේ තනතුර ලැබුනෙත් පිනට. ඡන්දයක් තිබ්බොත් යන එන මං හොයන්න හම්බවෙන්නේ නැහැ. (බ)
මේක ආණ්ඩුවක් නොවේ රනිල් මෛත්‍රී වැඩක් (බ)
දුවන්න හදන්නෙ කොහෙද? ඔහොම තව ටිකක් ඉන්නකෝ.(ම)
මෙයාගේ ඔලුව ඉදිමිලා තියෙන්නේ ..කටුස්සාගේ කරේ රත්තරන් බැන්දම ඔහොම තමයි .... (ම)
අනේ මහත්තයෝ,අපිට කිසීම හදිස්සියක් නැහැ (නි)