නව රජය පත්වී ගත වූ සති තුනක කාලය තුළ සිදු කළ ක්‍රියාකාරකම් ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරන බව බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල නියෝජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් අද (30 බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවසීය.
‘ මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති වික්‍රමසිංහ , විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මුණ ගැසුණා. ඔවුන් සමඟ පැවැති සාකච්ඡා පල දායකයි. ඇත්තටම ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ මම බොහෝ දේ සාකච්ඡා කළා. සෑම පැතිකඩක්ම වගේ. ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නට පුළුවන්‘ යැයි ද ස්වයර් අද පැවසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දැක්වීය.
‘මම ඇත්තටම දන්නේ නැහැ, එහි ඇතුළත් කරුණු. ඒ වාර්තාව ඉදිරිපත් කළාම අපි මුලින්ම බලන්න ඕනෑ එහි සොයාගැනීම් මොනවාද සහ එහි නිර්දේශ මොනවාද යන්නයි. නව රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා හොඳ පිළිවෙතක්.‘
‘ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපට යෝජනා රැසක් තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අප දකින ඉංග්‍රී භාෂාව උතුරේ දෙමළ ජනතාවටත් දකුණේ සිංහල ජනතාවටත් ඉගැන්නුවා නම්, මේ ගැටලූව යම් තාක් දුරකට සමථයකට පත්කරගන්න පුළුවන් කියලා. ඒ නිසා බ්‍රිතාන්‍යය කවුන්සිලය හරහා අප ඒ සඳහා වැඩකටයුතු කරනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෛත්‍රීට ඡන්දෙ දුන්නට දැන්නම් බයත් හිතෙනවා. (නදී)
දැන් බොහෝදෙනා හිතාගෙන ඉන්නේ ප්‍රශ්නය ඉවරයි ,අපි දිනුම් කියලයි.මේ එංගලන්තේ සහ බොහෝ රටවල් අපේ රට සාමකාමීව දියුණු වෙමින් ඉදිරියට යනවාට කැමති නැහැ.අපේ රටේ ත්‍රස්තවාදයක් නැවතත් ඇති කරන්නයි හදන්නේ.කොන්දක් තිබෙන එඩිතර නායකයෙකුට හිටියේ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා පමණයි. සමහරු කියන ගැටුම් අලුත්ගම, බේරුවල ප්‍රදේශවල අතීතයේත් කලින් කලට සිදුවුණා. දේශපාලන වාසි බලාගෙන විසඳුම් සෙවියයුතු නැත.විදේශ රටවලින් මොන විසඳුම්ද? (නි)
හැමෝම හිතාගෙන ඉන්නේ පිටරටවල් අපිව දෝතින්ම පිළිගනීවි කියලානේ.බලාගෙන ඉන්නකෝ! එයාලගේ න්‍යාය පත්‍රය ටික ටික ඉදිරියට යාවි.එතකොට පෙනේවි රඟ (නි)
සුද්ද සහතික කරනවා නම් අපිට අාඩම්බරයක්. (නදී)
සිංහල බෞද්ධයින් ආගම්වාදීන් හෝ ජාතිවාදීන් නොවන නිසා සියළුම ආගම් හා ජාතීන් කිසිදු ගැටීමකින් තොරව ඔවුන් සමග සහජීවනයෙන් ජීවත් වෙනවා. (හේ)
ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාවක් ලෙසට ඉගැන්වීම නම් ඉතා හොඳ වැඩක්. තව ටික දවසකින් ඒ ගොල්ලන්ගේ ආගමත් හැමෝම වැළඳ ගත්තොත් හොඳයි කියලා කිව්වේ නැත්නම් වඩාත් හොඳයි. (නදී)
බටහිරයන් අපට කළ සුගතියක් නැහැ,සිංහල අපට විතරද? සියලු ජාතීන් එක්ක එක රටක එකට ජීවත් වෙන්න ඕනෑ කියා බල කරන්නේ.(හේ)
දරුවනේ රටේ ජයග්‍රහණය වැඩිදුරක නෑ.(හේ)
නුවන් ලංකව හැම ජාතියකට එක හා සමානව සලකන රටක්. ඉස්සරත් දැනුත් එකේ වෙනසක් නෑ. හැබැයි දන්නේ නැති දේවල් කියන්න එපා. අලුත්ගම, බේරුවල මුස්ලිම් මර්දනයක් උනේ නම් නෑ. මොකද මමත් අලුත්ගම. එතනදී උනේ පන්සලේ හාමුදුරුවන්ට මුස්ලිම් අය ගහපු එකට කෝප වෙලා ඇතිවුන රණ්ඩුවක් මිස වෙන දෙයක් නොවෙයි. ඒ වගේම මතක තියාගන්න තවමත් මුස්ලිම් අන්තවාදයක් රට තුළක්‍රියාත්මක බව. අපි යහපාලනයෙන් හෝ ඒ වෙනුවෙන් විසදුමක් බලාපොරොත්තු වෙනවා. (බ)
නිපුණ සමග එකගයි. (බ)
දහම් මල්ලි , ඡන්දෙදි මොකක්ද වුණේ කියලා ඔයාට තේරුනේ නැතිවුණාට රටේ ඔක්කොටම තේරිලයි තියෙන්නේ. (නි)
සියලුම දෙනා තමන්ව ඉස්මතු කරගන්න,තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,තමන්ට ඕනි එපාකම් ටික කරගන්න,බලය තහවුරු කරගන්න දගලනවා ඇරෙන්න කිසිම ජනහිතවාදී කමක් පේන්න නැහැ ,පක්ෂ මාරු උනා කියල ඔය කියාපු යහපාලනයකුත් ඇති වෙලත් නැහැ.,.සිංහල මුස්ලිම් දෙමළ කියල කලාප වෙන් නොකර ඔක්කොම එක ගොඩේ ජීවත් වීම තමයි ඔය හැමදේටම විසදුම. දැනටමත් ඒ විදිහට අපි ඉන්න නිසා ඒ ගැන හොඳටම දන්නවා.හොඳ හිත ඇති මිනිස්සු කවදත් සහයෝගයෙන් ජීවත් වෙනවා. සුද්දෝ මැදිහත් වුන හැම රටක්ම විනාශ වූ බව පමණක් අපි සිහියේ තියා ගැනීම වැදගත්. (බ)
හැමෝටම සලකන්න ,ඒක හරි. හැබැයි සිංහලයන්ට තියන තැන නැතිවෙන්න හොද නෑ (බ)
අපි දන්නවා හැමදේම ගැන (නි)
ඇත්තටම කරන්න තිබෙන හොඳම දේ තමයි ඉංග්‍රීසි භාෂාව හරහා භාෂා ගැටලුවට විසඳුමක් ගෙනෙන එක. (නි)
ඇයි ඉංග්‍රීසි උගන්වන්න කියන්නේ? උතුරේ අයට සිංහලයි දකුණේ අයට දෙමළයි ඉගැන්නුවොත් නරකද? (නි)
දහම්, ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිකම අරගෙන ඒ ගැන උජාරුවෙන් කතාකරන කාලේ ඔය අය හිටියේ කොහෙද??එක්කෝ අපි බටහිරට නැත්නම් අධිරාජ්‍යවාදීන් සමඟ හොඳින් ඉන්න ඕනෑ. එහෙම නැත්නම් විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
මේ නිපුනලා නාමල්ලා වගේ පාට කණ්ණාඩි දාගත් අය මේ වගේ පටු බොළඳ විදිහට හිතන තාක්කල් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
සෑම ද්‍රවිඩයෙකුම කොටියෙක් කියල හිතන සිංහලයන් ඉන්න තාක් කල් ජාතීන් දෙක අතර අසමගිය පවතීවි. ඒ කියන්නේ මේ ජාතීන් දෙකට කවදාවත් සමගියෙන් ඉන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. එහෙම හිතුවොත් අවසානයට ඉතුරුවෙන්නේ ලේ වැගිරෙන, කවදා හෝ කැඩී වෙන්වන රටක් විතරයි. (නදී)
සමහරු උඩපනින්නේ පිටරටවල අය මොකුත් දන්නේ නැහැ කියලා. අපේ මිනිස්සුත් හිතාගෙන ඉන්නේ දැන් හරි කියලා. (නි)
අපේ රට මානව අයිතිවාසිකම් නිසා ලෝකයෙන්ම කොන්වී තියෙන්නෙ. මේ රජයත් තව දුරටත් මානව අයිතිවාසිකම් නොරැක්කොත් වෙන්නේ පහුගිය රජයට උනදේම තමයි. (නදී)
ශ්රී ලංකව හැම ජාතියකට එක හා සමානව සලකපු රටක්. රාජපක්ෂලාගේ දමිල, මුස්ලිම් මර්දනය (අලුත්ගම, බේරුවල මතකනේ ) නිසා රටට ලෝකය හමුවේ කලු පැල්ලමක් වැදුනා. ඒක ඉවත්කරපු මෛත්‍රී පාලනයට ස්තූතියි (නදී)
අපේ මිතුරන් වියයුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා සංගමය, කැනඩාව, ඉන්දියාව වගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. ඒ රටවල් තමා පහුගිය කාලයේ අපේ රටේ මානව හිමිකම් වෙනුවෙන් කතාකළේ. මේ රටවල හොඳ හිත අපිට ලැබෙනවා කියන්නේ එච්චරයි. අපි දිනුම්... (නි)
යම් යම් සිද්ධින් ඇතිවුවත් අපි සැමට සලකපු ජාතියක්.එහෙත් විදේශිය හොඳ හිත දින ගැනීමට සිංහලයාගේ අනාගතය බිලි ගන්නට ඉඩ තියන්න නම් එපා.(දි්ල්)
නිපුන, එතකොට තව ටිකකින් ඔයා කියයි යුද්ධය කියලා කළෙත් වෙන දෙයක් කියලා (නි)
ප්‍රේම් මහත්තයෝ, උතුරේ දෙමල මනුස්සයාටත් දකුණේ සිංහල මනුස්සයාටත් ඉංග්‍රීසි ඉගැන්වීමේ තියෙන ප්‍රධානම වාසිය අපේ උගතුන්ට පිටරට රැකියා ලබාගැනීමේදී එක වාසියක් වෙනවා. අනික ජාතික සමගිය ඇතිවෙනවා. හොඳම උදාහරණය ඉන්දියාව. (නි)
නාමල්, ඔයා කියන්නේ ජිනීවා වලදී ඔය රටවල් අපිට සහාය දුන්නා කියලද ? නැත්නම් මානව හිමිකම් කැඩුනා කියලා අනිත් අයට සහය දුන්නා කියලද? (නි)
මට කරුණාකරලා කියනවද මහත්තයෝ ඔබ ඔය කියන ඇමෙරිකාව යුරෝපා සංගමය මානව හිමිකම් කොහෙදිද රැක්කේ කියලා. (නි)
අවුරුදු සිය ගණනක් පාලනය කරලත් උගන්වන්න බැරිවුණ ඉංග්‍රීසි දැන් පන්ති දාලද උගන්වන්න යන්නේ. උතුරට සිංහලත්, දකුණට දෙමළත් උගන්වන එක වඩා හොඳයි (නි)
දැන්වත් පාඩමක් ඉගෙනගන්න (නි)
ඉතාම වටිනා අදහසක් ප්‍රකාශවෙලා තිබෙනවා. දෙමළ ඉගෙන ගන්න එක අපට මහ වදයක්. දෙමළ ජනතාවටත් සිංහල ඉගෙන ගන්න එක වදයක් වෙන්න ඇති. අපට භාෂා තුනක් ඉගෙන ගන්න වෙලා. පොඩි ළමයින්ට ඒක මහ කරදරයක්. ඉංග්‍රීසි කොහොමත් ඕනනේ. ඒක ජාත්‍යාන්තර භාෂාව වගේම දැනුමට යතුරක්. ඉතින් දෙගොල්ලන්ටම ඉංග්‍රීසි උගන්වන්නනෙ ඕනා. (නදී)
ඔය කියන්නේ කෙටියෙන් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න කියලද ? (නදී)
නාමල් දන්නේ නැති දේවල් කතා නොකර ඉන්නවනම් ගොඩක් වටිනවා. සිරියාව ඉරාකය වගේ රටවලට මොකද උනේ ? (නදී)
ඔය බළලා මල්ලෙන් එලියට පනින්නේ. දැන්වත් තේරෙනවද ඡන්දෙදි මොකක්ද වුනේ කියලා. (නදී)
සිංහල අය නැවත යාපනයේ පදිංචි කරන්නේ කවදාද? (නදී)