ගතවූ මාස 04ක කාලය තුළ රජය විසින් අත්කර ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා රටවල් 24ක විදේශ තනාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දැනුවත් කිරීමේ හමුවක් අඟහරුවාදා පැවැත්විණි.
විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති හමුවේදී රටේ අනාගතය සදහා ඇති සැලසුම් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පරිපාලන හා සංස්කෘතික වෙනස්කම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරිම සඳහා ගනු ලබන උත්සාහයන් පිළිබදව දැනුවත් කිරීමට මෙම හමුව උපයෝගී කර ගැනුණී.
විවිධ ජනවාර්ගික, සංස්කෘතික හා බහු භාෂා වලින් සමන්විත සමාජයක් තුළ සියලූ ජනයාගේ විචිත්‍රභාවය මෙන්ම පරිපුර්ණ හා සමාන පුරවැසිභාවයක් අත්විඳිය හැකි සමාජයක් ගොඩ නැගීම සදහා රජය විසින් ගනු ලබන තීරණාත්මක වැදගත්කමින් යුත් ප්‍රයත්න පිළිබඳවත් සමරවීර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙයි. වෙයි. බලාගෙන ඉඳිමු. (නි)
මේගොල්ලෝ තමන්ගේ ස්වාමිවරුන්ට කාර්යසාධන වාර්තා දෙන්නේ දින සීයකට වරක්ද? රජයේ සේවයේ නම් ඔව්ව කෙරෙන්නේ වාර්ෂිකව නේද? (අ)
මෙයා ගැන දන්නවනම් කට්ටිය දුවනවා..කිව්වොත් එක්කෝ තඩි බේගලයක්..එහෙම නැත්නම් මඩක්..යම රජ්ජුරුවන්ටවත් හිතා ගන්න බැරුව ඇති දැන් මෙයා අපායට ආවම දෙන දඩුවම මොකක්ද කියල.එතුමාටත් ව්‍යස්ථාව සංශෝධනය කරන්න වේවි මෙයාට දඩුවමක් හොයා ගන්න..(බ)
රටට යහපතක් වෙනවා නම් අපි කැමතියි (නි)