නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළේය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්හොම හරි 2020 වෙනකොට ආණ්ඩු පක්ෂයේ සේරම ඇමතිවේවි.
විශිෂ්ට තීරණයක් ජනධිපතිතුමනි, අපේ සුබ පැතුම්
තව ඇමතිකම් ටිකක් දෙමු. මොකද ලංකාව වගේ රටක දැනට පවතින ඇමති මණ්ඩලය, රටට සේවය කිරීමට ප්‍රමාණවත් නෑ.
අනේ තව මදි අප්පා, අපේ බදු මුදල් වලට කරන්න දෙයක් නැතුව හරි දුකෙන් අපි හිටියේ. දැන් ටිකක් සන්තෝසයි, තව ඉතුරුවෙලා ඉන්න කට්ටියටත් මොන මොනවා හරි දීල දාන්න.
රටේ ප්‍රශ්න දවසින් දවස වැඩිවෙනවනම් මොනාටද මෙච්චර ඇමතිකම්?
මේ ලිච්ඡවි රාජධානියට ඇත්තටම ඇමතිවරු මදි.
ඇමතිලාට වාහන බදු අඩු කරනවානේ, ඒ නිසා කොහොම හරි ඇමතිකමක් ගන්න ඕන කියල හිතුණ. නිකන් මන්ත්‍රී වුණාට මදි .......
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුන්නානම් හරිනේ රුපියලේ අගය තව හිදිලා යයි............
අති විශිෂ්ටයි.
"නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති" මේ විදියට කිරි හරකුනුත් පැටව් ගහනවා නම්, 2020 ජනාධිපති මහමැතිවරණ වලට ඉස්සර අපේ රට කිරියෙන් (පැණියෙන්) ඉතිරී යනවා නියතයි!