(රංජන් කස්තුරි)
පළාත් සභා සඳහා වන නව මැතිවරණ ක්‍රමය පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීමටත් එම සමාලෝචන වාර්තාව රජයට ඉදිරිපත් කිරීමටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
මහාචාර්ය සුදන්ත ලියනගේ ආචාර්ය සුජාතා ගමගේ, පී.එම්. සිරිවර්ධන, එස් මැදවැව, කුමුදුනු සැමුවෙල්, නීතිඥ ලුවි ගනේෂනාදන්, රෝහණ හෙට්ටිආරච්චි සහ මංජුල ගජනායක යන මහත්වරු එම සමාලෝචන කමිටුව නියෝජනය කරති.
පළාත් සභා සඳහා වන නව මැතිවරණ පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන අතර එහි අඩුලුහුඩුකම් තිබෙන බවට විවිධ මත ඉදිරිපත් වන හෙයින් මෙවැනි සමාලෝචන කමිටුවක් පත්කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල්, කොළ, රතු, දම් හැම පාටෙම දේශපාලකයෝ එකයි. ගසා කෑමට එකතු වෙනවා, දේශපාලන වේදිකාවේදි එකිනෙකාට කුණුහරුපෙන් බැණගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න අය සහභාගිත්වයකින් තොරව ව්‍යවස්තාවක් ලියලා ජනමත විචාරණයකින් සම්මත කරගන්නා තුරු ඔය මැතිවරණ ක්‍රමය ජනහිතකාමීව වෙනස් කරන්න ඉඩදෙන්නේ නෑ ඔය හැම පාටම නියෝජනය කරන අය
ඇත්ත! ඇත්ත! හොඳින් සමාලෝචනය කරලා සමානුපාතිකව නියෝජිතයින් පත්වෙන විදියට, කොහොම හරි තවත් සියක් දෙසීයක් ජනතා නියෝජිතයින් ගණන වැඩිවෙන්න වෙනවා. නැතිනම් දළ ජාතික අාදායමින් සියයට 76 ටත් වඩා වැඩි මුදලක් ණය වාරිකවලට ගෙවන, ආනයනයට වඩා සියයට 5.5 ක් පමණ වාර්ෂිකව ඒ ණයබරට එකතු කරන රටකට සාධාරණ මැතිවරණ ක්‍රමයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි රුපියල බාල්දුවෙලා බඩු මිල ඉහළ යනකොට ජනතාව කෝපවෙන එක වළක්වන්න ඒ නියෝජිතයින්ට මස 6න් 6ට මැතිවරණ තියලා ජනතා කෝපය සමනය කරන්නත් වැඩපිළිවෙලක් ලබාදෙන්න වෙනවා. පෙර වැරැදි අමතක වුණාම ඒ ගිය අයම අායෙත් පත්කර ගන්නත් චක්‍රීය ක්‍රමයක් සකස් කරගන්න වෙනවා. එ්ක නිසා මෙහෙම කමිටුවක් දාපු එක ලොකු දෙයක්...