විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇතුළු දූත මණ්ඩල මඟින් ක‍්‍රියාත්මක කරන වැඩසටහන් අධීක්ෂණයට නව පරීක්ෂක ජනරාල්වරුන් (ඉන්සපෙක්ටර් ජනරාල්වරු) තිදෙනෙකු පත් කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇත.
සී.ඩී.කාසි චේට්ටි , ජී. විජේසිරි සහ ගීතා ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙලෙස පරීක්ෂක ජනරාල්වරුන් ලෙස පත් කිරීමට නියමිතව ඇතැයි කියති.
මෙම පරීක්ෂක ජනරාල්වරුන්ට විදේශ සංචාරවල නියැලීමේදී අදාළ වන ගමන් වියදම් සඳහා වන ගෙවීම් හැරුණු කොට වෙනත් වැටුප් හෝ දීමනා වැනි අමතර මූල්‍ය දීමනා නොමැති බවත් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ තුන්දෙනාගේ වැඩ ගැන හොයලා බලන්න පත්කරන පරීක්ෂකවරුත් පඩි නැතුවද වැඩට එන්න හදන්නේ. හොඳට හොයලා බලන්න. අනේ මෙහෙම කෝලම්. (නි)
අනේ මන්දා මේ සිද්ධවෙන දේවල් අපිට වටහාගන්න බැහැ (නි)
කොහොම කොහොමහරි පත්වීම් දෙන්නත් එපායැ (නි)
පරීක්ෂකවරුන් පරීක්ෂා කිරීමට තවත් පරීක්ෂක පිරිසකුත් ඔවුන් හැමෝටම උපදේශකයනුත් පත් කරන්න. වර්තමාන දේශපාලුවන්ගේ පුතාලා, දුවලා පමණක් සේවයට බඳවා ගන්න! (නි)
විදේශ සංචාරවල නියැලීමේදී අදාළ වන ගමන් වියදම් සඳහා වන ගෙවීම් බොහොම සුළු ගණනක් කියලද හිතන්නේ? මේවා කාගේ අදහස්ද? (බ)
අනේ වැටුපක් ගෙවන්න. මෙච්චර කල් ඍජුව හෝ වක්‍රාකාරව කව්රුහරි ඕක කරන්න ඇතිනේ? ආන්න ඒගොල්ලන්ගෙන් අරන් දෙන්න. (නි)
එක සංචාරයකට ලක්ෂ 40 ක් විතර යයි. ගුවන් ටිකට්, හෝටල් බිල්, ටැක්සි බිල්, රෙදි හෝදන බිල්, කෑම බිල්, සම්බාහන බිල්, අන්තිමට හිටපු මහා බැංකු අධිපති ගත්ත වගේ ලක්ෂ 20 ජැකට් එකකුත් ගනියි මහජන මුලින්ම. අපිට තිබුන එකම අඩු පාඩුව විසදුනා.(අ)
මහින්දගේ කාලේ පන්දමට එම්බසි වලට දැමූ දේශපාලුවන්ගේ පුතාලා දුවලා සහ හිතවතුන් ආපසු ගෙන්නාගන්න (නි)