ආර්ජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ කාදිනල්තුමන් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෙස පදවි ප්‍රාප්තිය වතිකානයේදී හෙට (19) සිදු කෙරෙන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝශප් පියතුමා ‘ලංකාදීපයට‘ පැවැසීය. දුප්පතාට සේවය කිරීම තම ආදර්ශ පාඨය කරගත් නව පාප්තුමා කාදිනල්වරුන්ට කියා සිටියේ කිතුනු දහම ප්‍රචාරයට සරල ක්‍රමයක් ඇවැසි බවයි.
මෙය සිදු කෙරෙනුයේ වතිකාන වේලාවෙන් අඟහරුවාදා පස්වරු හයට සාන්ත පීතර බැසිලිකවේදීය.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, එජාපයේ ජෝන් අමරතුංග මහත්වරුන් රෝමයට පැමිණ සිටිති. නියෝමාල් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාදීප එසැණ හා සම්බන්ධ වෙමින් කියා සිටියේ හෙට සවස පහට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ප්‍රශ්න ගැන සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. කැමැති කෙනෙක් ඊට පැමිණිය හැකි බව ඔහු එසැණට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මුළු ලොවම ලැබූ ජයග්‍රහණයකි. (නි)
සුභපැතුම්
දේව කැමත්ත කරන්න. පාප්තුමාට දේවා සිරි.(නදී)
නව පාප්තුමාව අපි ඉමහත් භක්තියෙන් පිළිගන්නවා. (නි)
ඇයි අපි පියතුමෙක් යවන්නෙ නැත්තේ? (නි)
ඔබට සුභ පැතුම් (දී)
ඔබතුමාට දෙවි පිහිටයි. (නි)
දුප්පතුනගේ පාප් තුමාට සුබ පැතුම් (අ)
බාහිර බලපෑම් වලට අසුවෙන්න එපා. ඔබට සුභ පැතුම් (දී)